රුසියාව ඔස්ට්‍රේලියාව සතුරු රටක් ලෙස නම් කරයි, තෙල් තහනම් කළොත් දරුණු ප්‍රතිඵල (SBS සිංහල/ වාර්තා)

Interfax ප්‍රවෘත්ති ඒජන්සියට අනුව මෙම සතුරු රටවල් ලැයිස්තුවට අත්සන් කර ඇත්තේ රුසියානු අගමැති Mikhail Mishustin විසිනි.

Scott Morrison, Vladimir Putin.

Australian Prime Minister Scott Morrison and Russian President Vladimir Putin Source: AAP

රුසියානු ජනාධිපති Vladimir Putin ගේ නායකත්වයෙන් යුත් රුසියානු රජය යුක්රේනය ආක්‍රමණය කිරීම මධ්‍යයේ සියලුම යුරෝපීය සංගමයේ රටවල්, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව ඇතුළු රුසියාවට “සතුරු රටවල්” ලැයිස්තුවක් අනුමත කර ඇති බව Interfax ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

එම රටවල් හැරුණු විට අදාළ සතුරු ලැයිස්තුවට මොස්කව්හි නිලධාරීන්ට අනුව රුසියාවට, එහි සමාගම්වලට සහ පුරවැසියන්ට එරෙහිව සතුරු ක්‍රියාවන් සිදු කර ඇති විදේශීය රාජ්‍යයන්ද ඇතුළත් වේ.


Highlights

  • යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමෙන් පසු රුසියාවට එරෙහිව දැඩි සම්බාධක අනුමත කර ඇති යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27 ක් මෙම ලැයිස්තුවට ඇතුළත් ය.
  • ඊට අමතරව ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ජපානය ඇතුළු යුක්රේනයට සහය දක්වන තවත් රටවල් ගණනාවක් මෙම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
  • රුසියානු තෙල් තහනම යුරෝපයට 'ව්‍යසනකාරී ප්‍රතිවිපාක' ගෙන දෙනු ඇතැයි මොස්කව් නුවර අනතුරු අඟවයි.

රුසියාවෙන් සතුරු රටවල් ලැයිස්තුවක්

Interfax ප්‍රවෘත්ති ඒජන්සියට අනුව මෙම සතුරු රටවල් ලැයිස්තුවට අත්සන් කර ඇත්තේ රුසියානු අගමැති Mikhail Mishustin විසිනි.

ඇතැම් විදේශීය ණය හිමියන් සමඟ බැඳීම් ඉටු කිරීම සඳහා තාවකාලික ක්‍රියා පටිපාටිය මත මාර්තු 5 වන දින නිකුත් කරන ලද රුසියානු සමූහාණ්ඩුවේ සභාපතිවරයාගේ නියෝගයේ කොටසක් ලෙස මෙය ප්‍රකාශයට පත් කර ඇත.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


පසුගිය පෙබරවාරි 24 වන දින යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමෙන් පසු රුසියාවට එරෙහිව දැඩි සම්බාධක අනුමත කර ඇති යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27 ක් මෙම ලැයිස්තුවට ඇතුළත් ය.

ඊට අමතරව පහත සඳහන් රටවල ද එම සතුරු රටවල ලැයිස්තුවට ඇතුළත් වී තිබේ.

  • ඔස්ට්‍රේලියාව
  • ඇල්බේනියාව
  • Andorra
  • අයිස්ලන්තය
  • Liechtenstein
  • මයික්‍රොනීසියාව
  • මොනාකෝ
  • නවසීලන්තය
  • නෝර්වේ
  • එක්සත් රාජධානිය
  • දකුණු කොරියාව
  • San Marino
  • උතුරු මැසිඩෝනියාව
  • සිංගප්පූරුව
  • තායිවානය
  • මොන්ටිනිග්‍
  • ස්විට්සර්ලන්තය
  • ජපානය
  • යුක්රේනය
මෙතෙක් ඉහත ලැයිස්තුවට ඇතුළත් වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ චෙක් ජනරජය පමණි.
රුසියානු පුරවැසියන්ට, සමාගම්වලට හෝ රජයට  ඕනෑම පුද්ගලයෙකු වෙත හෝ සමාගම ක් වෙත ණය ගෙවිය හැක්කේ රූබල් වලින් පමණක් වීම මෙම ලැයිස්තුවෙන් අදහස් කරන එක් ප්‍රධාන කරුණකි.

රුසියානු රූබලය පසුගිය දින ගණනාවක් පුරාවට විශාල පාඩු වාර්තා කර ඇති අතර පසුගිය සඳුදා එය ඇමෙරිකානු ඩොලරයට හා යුරෝවට සාපේක්ෂව සැලකිය යුතු ලෙස පහත වැටුනි.
Russia's Deputy Prime Minister Alexander Novak has warned that a ban on Russian oil imports would have "catastrophic" consequences
Source: Getty / Sergei Pyatakov/TASS

රුසියානු තෙල් තහනම ව්‍යසනකාරී ප්‍රතිවිපාක ගෙනදෙනු ඇත

බටහිර රටවල් යුක්‍රේනය සම්බන්ධයෙන් රුසියාව වෙත තවදුරටත් සම්බාධක දැමීම පිළිබඳ සලකා බලන බැවින් රුසියානු තෙල් ආනයනය තහනම් කිරීම ව්‍යසනකාරී ප්‍රතිවිපාක ගෙන දෙන බව රුසියාවේ නියෝජ්‍ය අගමැති Alexander Novak ඊයේ (07/03) දිනයේදී අනතුරු ඇඟවූයේය.

"රුසියානු තෙල් තහනම ගෝලීය වෙළෙඳපොළ සඳහා ව්‍යසනකාරී ප්‍රතිවිපාකවලට තුඩු දෙනු ඇති. මිල අනපේක්ෂිත ලෙස ඉහළ යනු ඇති. ඇතැම් විට තෙල් බැරලයක් $300 ට වඩා වැඩිවීමට ඉඩ ලැබෙනු ඇති." යන්වුවෙන් රුසියාවේ නියෝජ්‍ය අගමැති Alexander Novak පැවසීය.
යුරෝපීය වෙළඳපොලේ රුසියානු තෙල් ඉක්මනින් ප්‍රතිස්ථාපනය කිරීම කළ නොහැකි බව ද ඔහු පැවසීය.

ඒ සඳහා වසරකට වැඩි කාලයක් ගතවනු ඇති අතර ඒ හේතුවෙන් යුරෝපීය පාරිභෝගිකයින්ට වඩා අධික මිලකට තෙල් ලබාගැනීමට සිදුවනු ඇති බව ද ඔහු සඳහන් කළේය.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

"යුරෝපීය දේශපාලනඥයන් තම පුරවැසියන්ට, පාරිභෝගිකයින්ට ඔවුන් අපේක්ෂා කරන්නේ කුමක්ද සහ ඉන්ධන පිරවුම්හල්වල, විදුලිය සඳහා, උණුසුම සඳහා වූ මිල ගණන් අහස උසට නැඟෙනු ඇති බවට අවංකව අනතුරු ඇඟවිය යුතුයි" යනුවෙන්ද ඔහු පැවසීය.

Nord Stream 2 නල මාර්ග ව්‍යාපෘතිය නැවැත්වීමට පළිගැනීමක් ලෙස රුසියාවට Nord Stream 1 නල මාර්ගයෙන් තෙල් සැපයුම් නැවැත්විය හැකි බව ද ඔහු අවධාරණය කළේය.

"නමුත් මෙතෙක් අපි මෙම තීරණය ගෙන නැහැ. කිසිවකුට මෙයින් ප්‍රයෝජනයක් නැහැ," ලෙසද රුසියාවේ නියෝජ්‍ය අගමැති Alexander Novak පැවසීය.

Share
Published 8 March 2022 12:52pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends