වික්ටෝරියා ප්‍රාන්තය පුරා සිටින සියලුම වයස්වල පුද්ගලයින්ට හිමි ඩොලර් මිලියන 111 ක හිමිකම් නොපෑ මුදල් වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ ආදායම් කාර්යාලය (SRO) සතුව ඇති බව වාර්තා වේ.
online search කර අදාළ පුද්ගලයන්ට සහ සමාගම්වලට ඔවුන්ගේ අනන්‍යතාව හා විශ්වාසවන්තභාවය තහවුරු කළ හැකි නම් එම හිමි මුදල් ලබා ගැනීමට ඔවුන්ට හැකි බව වික්ටෝරියා ප්‍රාන්ත රජය පවසයි.
මේ වන විට කිසිදු පුද්ගලයෙකු හිමිකම් පෑමට ඉදිරිපත් නොවූ හිමිකම් 740,000කට වඩා ඇති බව සඳහන්.
Highlights
- පසුගිය වසර පහ තුළ විදුලිය, ගෑස් සහ ජල සමාගම්, ප්‍රාදේශීය සභා, දේපළ වෙළඳාම් නියෝජිතයන්, රක්ෂණ සමාගම් සහ ලොතරැයි ටිකට් ඇතුළු මූලාශ්‍රවලින් ඩොලර් මිලියන 20කට ආසන්න වටිනාමකින් යුත් ලබා නොගත් මුදල් හිමිකම් ඇති බව වික්ටෝරියා ප්‍රාන්ත රජය පවසයි.
- වික්ටෝරියා ප්‍රාන්තයේ මහජනතාව හිමිකම් කියන මුදල් වැඩිපුරම ලබා ගෙන නොමැත්තේ City of Melbourne හෙවත් මෙල්බර්න් නගර සභා කලාපයේය.
- 57,000 ක හිමිකම් ප්‍රමාණයකට මේ වන විට කිසිවෙකුත් හිමිකම් කියා නැති අතර ඒවායේ වටිනාකම ඩොලර් මිලියන 15.2 කි.
ලක්ෂ ගණනක ලබා නොගත් මුදල්
Box Hill ප්‍රදේශයේ පුද්ගලයෙකු හට $882,697 ක් ලබාගැනීමට ඇති බවත් Nunawading ප්‍රදේශයේ කාන්තාවකට $677,002 ක් ලබා ගැනීමට ඇති බවත් වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ ආදායම් කාර්යාලය හෙළි කරයි.
එමෙන්ම Banyule ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු හට $3,379ක හිමිකම් ලබා ගැනීමට ඇති බවත් South Yarra ප්‍රදේශයේ කාන්තාවකට ඩොලර් 153,165 ක ලබා නොගත් තැන්පතු 61 ක් ඇති බවත් සඳහන්.
පසුගිය වසර පහ තුළ විදුලිය, ගෑස් සහ ජල සමාගම්, ප්‍රාදේශීය සභා, දේපළ වෙළඳාම් නියෝජිතයන්, රක්ෂණ සමාගම් සහ ලොතරැයි ටිකට් ඇතුළු මූලාශ්‍රවලින් ඩොලර් මිලියන 20කට ආසන්න වටිනාමකින් යුත් ලබා නොගත් මුදල් හිමිකම් 60,000කට වඩා වැඩි ප්‍රමාණයක් ඇති බව වික්ටෝරියා ප්‍රාන්ත රජය පවසයි.
කොටස් ලාභාංශ, වැටුප්, කුලී සහ බැඳුම්කර, ණයකර සහ පොලී, සහ විකුණුම්වලින් ලැබෙන ආදායම ඇතුළු මූලාශ්‍රවලින් මාස 12කට පසුව අවම වශයෙන් ඩොලර් 20 ක වටිනාමකින් යුත් හිමිකම් නොලබන මුදල් පිළිබඳ වාර්තා රජයේ ආදායම් කාර්යාලය සතුව ඇත.
අදාළ හිමිකම් වලින් බහුතරයක් වසර 10 කට අඩු කාලයක් තුළ රජයේ ආදායම් කාර්යාලය විසින් තබාගෙන ඇත.

Source: AAP
වැඩිපුර ලබා නොගත් මුදල් ඇත්තේ මෙල්බර්න් නගර සභා කලාපයේ
වික්ටෝරියා ප්‍රාන්තයේ මහජනතාව හිමිකම් කියන මුදල් වැඩිපුරම ලබා ගෙන නොමැත්තේ City of Melbourne හෙවත් මෙල්බර්න් නගර සභා කලාපයේය.
57,000 ක හිමිකම් ප්‍රමාණයකට මේ වන විට කිසිවෙකුත් හිමිකම් කියා නැති අතර ඒවායේ වටිනාකම ඩොලර් මිලියන 15.2 කි.
එම ලයිස්තුවේ දෙවැනි ස්ථානයේ ඇත්තේ Monash නගර සභා කලාපය වන අතර ඩොලර් මිලියන 7 ක පමණ මුදලකට කිසිදු හිමිකමක් පා නොමැත.
Boroondara නගර සභා කලාපයේ ඩොලර් මිලියන 6.7 ක්ද Whitehorse නගර සභා කලාපයේ ඩොලර් මිලියන 4.8 ක්ද තවමත් කිසිවෙකුත් ලබාගෙන නොමැත.
වික්ටෝරියා ප්‍රාදේශීය කලාපයන්හි Greater Geelong කලාපයේ ඩොලර් මිලියන 2.9 ක් තවමත් ලබා ගෙන නොමැති අතර Greater Bendigo කලාපයේ සහ Latrobe නගර සභා කලාපයේ ඩොලර් මිලියන 1.2 බැගින් ලබාගෙන නොමැත.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
හිමිකම් නොලද මුදල් වලට අමතරව
හිමිකම් නොලද මුදල් වලට අමතරව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ ආදායම් කාර්යාලය විසින් Tattersals, Intralot සහ Tabcorp ත්‍යාග මෙන්ම TAB ජයග්‍රහණ ද මාස හයක් පුරාවට තමන් සතුව තබාගෙන අදාළ පුද්ගලයින්ට ලබා දීමට බලා සිටියි.
මෙම ජයග්‍රහණ සඳහා හිමිකම් පෑමට, අදාළ පුද්ගලයින් ඔවුන්ගේ මුල් ටිකට් පත සැපයිය යුතුය.
තවමත් හිමිකම් පෑමට ඉදිරිපත් නොවූ ඉහළම වටිනාමකින් යුත් gaming ticket එක වන්නේ Tattersalls විසින් නිකුත් කළ $2,136,327 ක ජයග්‍රාහී ටිකට් පතකි.
එය 2016 මාර්තු මාසයේදී ලැබී තිබේ.
එමෙන්ම $100,000 සහ $73,190 වටිනා ටිකට් පත් සඳහා අදාළ ජයග්‍රහකයින් තවමත් හිමිකම් කියා නොමැති බව අදාළ සමාගම් විසින් දැනුම් දී ඇත.
ඔබට හිමි යම් මුදලක් ලබා ගැනීමට ඇත්නම් sro.vic.gov.au/unclaimedmoney යන වෙබ් අඩවියට ගොස් පුද්ගලික නම හෝ සමාගමේ නම හෝ අදාළ ලිපිනය සමග යොමු කරන මෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය දන්වා සිටියි.