ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ට නියමිත පැය ගණනට වඩා වැඩිපුර සේවයේ දීමට යලි අවසර ලැබේ: SBS සිංහල වාර්තා

අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම් සඳහා මේ වනවිට පවතින දැඩි පීඩනය ලිහිල් කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ජාත්‍යන්තර සිසුන්ට පවතින සීමාවට අමතරව වැඩ කිරීම සඳහා අවසර ලබා දීමට ජාතික කැබිනට් මණ්ඩලය එකඟතාවයකට පැමිණ තිබේ.

Prime Minister Scott Morrison speaks to the media during a press conference following a national cabinet meeting, at Parliament House in Canberra.

Prime Minister Scott Morrison speaks to the media during a press conference following a national cabinet meeting, at Parliament House in Canberra. Source: AAP

Highlights

  • ජාත්‍යන්තර සිසුන්ගේ පැය 40 සීමාව ඉවතට
  • සැපයුම් සේවකයින් සඳහා වන සමීප ආශ්‍රිතයකු සම්බන්ධයෙන් වන නීති ලිහිල් කෙරේ 
  • පාසල් යලි ඇරඹීමේ අවශ්‍යතාවය පිලිබඳ අවධානය 
  • කොවිඩ් සාද පිළිබඳව අගමැති මොරිසන්ගෙන්  විරෝධය 

ජාත්‍යන්තර සිසුන්ගේ පැය 40 සීමාව ඉවතට

කොවිඩ් හුදකලා නීති හේතුවෙන් මේ වන විට මතුව ඇති ඕස්ට්‍රේලියානු ශ්‍රම බලකා හිඟය සඳහා පිළියමක් වශයෙන් ජාත්‍යන්තර සසුන් හට මෙලෙස අමතර කාලයක් වැඩ කිරීම සඳහා අවසර ලබාදීමට තීරණය කල බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පවසයි.

ඔහු පෙන්වා දුන්නේ බලපෑමකට ලක්ව ඇති අංශ වල සේවය කරන ජාත්‍යන්තර සිසුන් හට පවතින දෙසතියකට පැය 40ක් වන සීමාව ඉවත් කරන බවයි. ඒ අනුව මේ වනවිට උද්ගතව ඇති ශ්‍රම හිඟය සඳහා තාවකාලික සහායක් හිමි වේ.


SBS සිංහල ගුවන් විදුලි සේවයට සවන්දෙන්න,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට


කොවිඩ් අසාදන ක්‍රමයෙන් ඉහල යාම හේතුවෙන් මේ වනවිට සේවකයින් රැකියාවේ තබාගැනීමට සහ සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සමතුලිත බවක් අවශ්‍ය වන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට සිටී.
International students allowed extra hours as National Cabinet moves to ease supply chain pressures.
International students allowed extra hours as National Cabinet moves to ease supply chain pressures. Source: AAP Image/Mick Tsikas
එමෙන්ම සෑම ඔස්ට්‍රේලියානුවකුටම කොවිඩ් වැළඳීම නැවත්වීම මේ වනවිට ඉලක්කය නොවන අතර, ඉලක්කය විය යුත්තේ රෝහල් ආරක්ෂා කරමින් සමාජය සහ ආර්ථිකය ක්‍රියාකාරීව තබාගැනීම බව අගමැතිවරයා පවසයි.

සැපයුම් සේවකයින් සඳහා වන සමීප ආශ්‍රිතයකු සම්බන්ධයෙන් වන නීති ලිහිල් කෙරේ

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට සිටියේ, මේ වනවිට භාණ්ඩ සැපයුම් සේවාවන්හි උද්ගතව ඇති පීඩනය අවම කිරීම සඳහා ප්‍රවාහන ඇතුළු සැපයුම් සේවකයින් සඳහා වන සමීප ආශ්‍රිතයකු සම්බන්ධයෙන් වන නීති ලිහිල් කිරීමද සිදුවන බවයි.
මේ අනුව මෙම ක්ෂේස්ත්‍ර වල සේවකින් කොවිඩ් සමීප ආශ්‍රිතයකු වුවද සෘණාත්මක rapid antigen පරීක්ෂණ ප්‍රතිඵල ලැබුනහොත් ඔවුන්ට සේවයට නැවත යාමට හැකියාව පවතී.

මේ වනවිට ප්‍රවාහන ඇතුලු සැපයුම් සේවාවන්හි සේවකයින්ගෙන් 20% සිට 50% දක්වා ප්‍රතිශතයක් කොවිඩ් හේතුවෙන් සේවයෙන් ඉවත්ව සිටී.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


අගමැති මොරිසන් සඳහන් කොට සිටියේ මෙම පියවර මේ වනවිට වඩාත් සුදුසු වන අතර මේ සඳහා ඉන්ධන සේවා මධ්‍යස්ථාන වල පිරිසද ඇතුලත් වන බවයි.

එමෙන්ම සෞඛ්‍ය සහ හදිසි සේවා, බලශක්ති සහ ජල සම්පත් වැනි තීරණාත්මක භාණ්ඩ සහ ආහාර බෙදා හැරීම සහ නිෂ්පාදන පද්ධතිය සඳහාද මෙම නීති බලපැවැත්වේ. මේ අතර විදුලි සංදේශ මෙන්ම අධ්‍යාපන සහ ළමා සුරැකුම් කාර්ය මණ්ඩලයද මේ ඔස්සේ ආවරණය කෙරේ.
Employees load parcels into a delivery truck at Australia Post’s Sunshine West Parcel Delivery Centre in Melbourne, 16 November 2021.
NSW Health has changed isolation requirements for critical workers in a bid to reduce supply chain disruption as COVID-19 cases surge. Source: AAP
Rapid antigen පරීක්ෂණ හිඟය සම්බන්ධයෙන් සඳහන් කරමින් විපක්ෂ නායක Anthony Albanese සඳහන් කොට සිටියේ ඕස්ට්‍රේලියානු රජයට ඉදිරි සැලසුම් නොපවතින බවයි.

යම් ගැටළුවක් අර්බුදයක් බවට පත්වන තුරුම මෙම ආණ්ඩුව ක්‍රියාත්මක නොවන අතර මෙම රැකියා ස්ථාන හිඟය සඳහා සේවකයින් හට මෙම පරීක්ෂණ වෙත ප්‍රවේශ වීමට නොහැකි වීම හේතු වූ බව ඔහු පවසයි.

පාසල් යලි ඇරඹීමේ අවශ්‍යතාවය පිලිබඳ අවධානය

ඔස්ට්‍රේලියාව තුල වැඩෙන ශ්‍රම බලකායේ අර්බුද විසඳීම සඳහා නැවතත් පාසල් යන දරුවන් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ඕස්ට්‍රේලියානු අගමැතිවරයා පවසයි.
ඔහු මේ හේතුවෙන් සඳහන් කොට සිටින්නේ ක්වීන්ස්ලන්ත සහ දකුණු ඕස්ට්‍රේලියා යන ප්‍රාන්ත සිදු කල ආකාරයෙන් නව වසර පාසල් ආරම්භය ප්‍රමාද කිරීම සිදු නොකළයුතු බවයි.

පාසල් ආරක්ෂිතව යලි විවෘත කිරීම අත්‍යවශ්‍ය වන බව ඔහු අවධාරණය කොට සිටී.

ජාතික කැබිනට් මණ්ඩලය මගින් නැවත පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් නිශ්චිත එකඟතාවයකට පැමිණ නොමැති නමුත් ඔවුන් සඳහන් කොට සිටින්නේ පාසල් පළමුවෙන්ම විවෘත කිරීම අත්‍යවශ්‍ය ක්‍රියාවක් වන බවයි.

කොවිඩ් සාද පිළිබඳව අගමැති මොරිසන්ගෙන් විරෝධය

මාධ්‍ය වෙත ඕස්ට්‍රේලියානු අගමැතිවරයා සඳහන් කොට සිටියේ ඇතැම් පිරිස හිතා මතාම කොවිඩ් අසාදනය කරගැනීම සඳහා සාද වලට සහභාගී වන බවයි.

Omicron වෛරස ප්‍රභේදය නැවත නැවතත් වැළඳීමේ හැකියාව වෛද්‍ය සාක්ෂි වලින් පෙන්නුම් කරන අතර කොවිඩ් සාද යනු විකාරයක් බව ඔහු පවසයි.
Prime Minister Scott Morrison after national cabinet
Prime Minister Scott Morrison after national cabinet Source: AAP
එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ මෙම වෛරසය එක්වරක් අසාදනය වීමෙන් අනතුරුව නැවතත් අසාදනය නොවන බවට සිතීමෙන් එවැනි දැ කිරීම අනුවණ ක්‍රියාවක්ද වන බවයි.

මේ හේතුවෙන් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරමින්, වෛරසයට එරෙහිව පූර්වාරක්ෂාව සඳහා සාමාන්‍ය බුද්ධිය යොදව කටයුතු කරන ලෙසයි.

Share
Published 13 January 2022 7:41pm
Updated 12 August 2022 2:54pm
By Tom Stayner, Nipuna Dodangoda
Source: SBS News


Share this with family and friends