ඔස්ට්‍රේලියාවේ සමාජ ආරක්ෂණ ගෙවීම් සැලසුම් සහගතව කප්පාදු කිරීමෙන් ඔස්ට්‍රේලියානු ආර්ථිකයට ඩොලර් බිලියන 31.3 ක් අහිමි විය හැකි බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
එමෙන්ම පූර්ණ කාලීන රැකියා 145,000 ක් පමණ ඒ හරහා අහිමි වේ යයි ද එම වාර්තාව අනාවරණය කරයි.

A file photo of people lining up at a Melbourne Centrelink office. Source: AAP
JobSeeker සහ ඒ ආශ්‍රිත අනෙක් ගෙවීම්
ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන පුද්ගලයින් සඳහා රජයෙන් ගෙවනු ලබන JobSeeker හා ඒ ආශ්‍රිත අනෙක් ගෙවීම් කප්පාදු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සැලසුම් කරමින් සිටී.
නමුත් එලෙස JobSeeker හා ඒ ආශ්‍රිත අනෙක් ගෙවීම් කප්පාදු කළහොත් ඔස්ට්‍රේලියානු ආර්ථිකයට ඩොලර් බිලියන 31.3 ක් අහිමි වන බව සුප්‍රසිද්ධ ආර්ථික උපදේශක සමාගමක් වන Deloitte Access Economics ආයතනයේ නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
එමෙන්ම ඉදිරි වසර දෙක තුළ ඒ හරහා පූර්ණ කාලීන රැකියා 145,000 ක් පමණ අහිමිවන බවද එම වාර්තාව හෙළි කරයි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
සමාජ සේවය පිළිබඳ ඔස්ට්‍රේලියානු සභාවේ මෙහෙයවීම මත Deloitte Access Economics ආයතනයේ මෙම නවතම වාර්තාව අද (15/09) එළිදැක්විණි.
මීට පෙර පැවති Newstart දීමනාව මේ වසරේ මාර්තු සිට JobSeeker නමින් හැඳින්වීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගත්තේය.
ඒ අනුව එතෙක් පැවති එම දීමනාව කොරෝනා වසංගතයත් සමග දෙගුණ කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කටයුතු කළේය.

How JobSeeker and JobKeeper offers will change from the end of September 2020 Source: AAP
JobSeeker කප්පාදුව
එළඹෙන සැප්තැම්බර් 25 න් පසුව JobSeeker දීමනාව කප්පාදු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වන විට තීරණය කර ඇත.
මාර්තු සිට දෙසතියකට වරක් ලබාදුන් ඩොලර් 1,115 ක JobSeeker දීමනාව සැප්තැම්බර් 25 න් පසුව ඩොලර් 300 කින් කප්පාදු කෙරේ.
ඊට අමතරව මේ වසර අග වන විට එම මුදලද ලබා දීම නවතා දමන අතර නැවතත් පැරණි Newstart දීමනාව වන දිනකට ඩොලර් 40 දීමනාව ලබා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වේ.

A security guard looks on as people are seen in long queue outside a Centrelink office in Abbotsford, Melbourne, Monday, 23 March, 2020. Source: AAP
පවතින කොරෝනා දීමනා දිගු කරන ලෙසට ඉල්ලීම්
පවතින කොරෝනා දීමනා දිගු කරන ලෙසත් මූලික ජීවන වියදම ආවරණය කරගැනීම පිණිස වත්මන් JobSeeker ගාස්තුව ස්ථිර අගයක් ලෙස නීතිගත කරන ලෙසත් සමාජ සේවය පිළිබඳ ඔස්ට්‍රේලියානු සභාවේ ප්‍රධාන විධායක නිලධාරිනී Cassandra Goldie ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියි.
"මෙම වසංගතය තුළ අපගේ පාලනයෙන් තොර බොහෝ දේ තිබෙනවා. නමුත් රජයට පාලනය කළ හැකි එක් දෙයක් තිබෙනවා. එනම් ජීවිතයේ මූලික අවශ්‍යතා ආවරණය කිරීම පිණිස සෑම කෙනෙකුටම ප්‍රමාණවත් පරිසරයක් සහතික කිරීම." යනුවෙන් ඇය වැඩි දුරටත් පැහැදිලි කළාය.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය JobSeeker සඳහා ආයෝජනය කරන සෑම ඩොලරයක්ම සැලකිය යුතු ආර්ථික ප්‍රතිලාභයක් ජනනය කරන බව Deloitte Access Economics හි Nicki Hutley පැවසුවාය.
ආදායමක් නොමැති මිනිසුන්ට ප්‍රමාණවත් තරම් ආර්ථික උත්තේජනයක් මේ හරහා ලැබෙන බවත් එතරම් විකල්පයක් නැති ඔවුන්ට තමන්ට අත්‍යවශ්‍ය දේ සඳහා මෙමගින් සෘජුව වියදම් කිරීමට අවස්ථාව ලැබෙන බවත් ඔහු පැහැදිලි කළාය.
"වසංගතයේ අවිනිශ්චිතතාවය සැලකිල්ලට ගෙන වැඩි ආදායමක් ඇති පුද්ගලයින්ට ඉතිරිකිරීමේ විකල්පයක් තිබෙනවා. ආදායම් බදු කප්පාදුව වැනි වෙනත් ක්‍රියාමාර්ග මෙම ආර්ථික අවපාතයෙන් අපව ගලවා ගැනීමට එතරම් ඵලදායී නොවන්නේ මේ නිසා" යනුවෙන් Nicki Hutley වැඩි දුරටත් පැහැදිලි කළාය.

. Source: SBS Sinhala