වසර 29 පසු ඔස්ට්‍රේලියාවට බලපා ඇති ආර්ථික අර්බුධයත් සමග මුල්‍ය උපදේශන සඳහා වන ඇමතුම් ඉහල ගොස් තිබේ. මෙසේ ලැබෙන ඇමතුම් විශාල සංක්‍යාවක් මීට පෙර ණය ගැටලු සඳහා මුහුණ නොදුන් පුද්ගලයින්ගෙන් ලැබී ඇති අතර මෙම තත්වය කොරෝනා වසංගතය මධ්‍යයේ ඕස්ට්‍රලියාව තුළ මානසික ගැටලු ඉහල යාම සඳහා මග පාදමින් සිටී.
The National Debt Helpline හි මුල්‍ය උපදේශිකා Sarah Brown-Shaw සඳහන් කරන්නේ මීට පෙර මුල්‍ය අර්බුධයන්හි සිටි බොහෝ පිරිසක් සමග තමන් සාකච්චා කර ඇති නමුත් කොරෝනා වසංගතය හේතුවන් මතුව ඇති මෙම ආර්ථික දුෂ්කරතාවය ඒ හා සමග සම කල නොහැකි බවයි. මේ වන විට ඔස්ට්‍රේලියාව තුල මතුව ඇති ආර්ථික අර්බුදයට පෙර සාමාන්‍ය ලෙස වැඩ කල බොහෝ ජාත්‍යන්තර සිසුන් සිය විශ්වවිද්‍යාල ගෙවීම් සහ නිවාස කුලී ගෙවීමට වෙහෙසෙන අතරතුර ආහාර වැනි මුලික අවශ්‍යතා සඳහා උපකාර ඉල්ලීම අතිශය භයානක තත්වයක් බව ඇය පවසයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
පාරිභෝගික ප්‍රතිපත්ති පර්යේෂණ මධ්‍යස්ථානය මගින් මෑතකදී නිකුත් කරන ලද පාරිභෝගික දත්තයන්ට අනුව සෑම තරුණ ඕස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් 7 දෙනෙකුම සිය මුල්‍ය යහපැවැත්ම ගැන සිතන බව සනාථ වී තිබේ.
දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන Good Shepherd පුණ්‍යායතනයේ ආර්ථික යහපැවැත්ම සහ ව්‍යවසාය පිළිබඳ සාමාන්‍යාධිකාරී Megan McAlpine සඳහන් කරන්නේ ඕස්ට්‍රේලියානු රජයේ මුල්‍යාධාර ක්‍රම මගින් බැහැර කොට ඇති බොහෝ තාවකාලික සංක්‍රමණිකයින් තම සංවිධානයේ උපකාර පතන බවයි.එමෙන්ම කොරෝනා වසංගතය හේතුවෙන් යෞවනයන්, නව සංක්‍රමණිකයන් සහ කාන්තාවන් දැඩි පීඩාවට පත්ව ඇති බව ඇය පෙන්වා දෙයි.
පසු ගිය ජුනි මාසය තුලදී , වයස අවුරුදු 18 ත් 34 ත් අතර තරුණ ඕස්ට්‍රේලියානුවන් අතර ගෙවුම් ණය ලබා දෙන්නේකුගෙන් හෝ ලීසිං ක්‍රමයට නායක ගැනීමේ ප්‍රවනතාවය තුන් ගුණයකින් ඉහල ගොස් ඇති අතර පුද්ගලික ණයක් ලබාගැනීමේ ප්‍රවනතාව දෙගුණයකින් ඉහල ගොස් ඇති බව පාරිභෝගික දත්ත මගින් හෙළිව ඇතැයිද Megan McAlpine පවසයි.

Source: Getty Images/Catherine Falls
ආර්ථික අර්බුධයට මුහුණ පා සිටින බොහෝ පිරිසක් මේ වන විට දැඩි පීඩාවට පත්ව ඇති සත්කාරය හෝ සිල්ලර වෙළඳාම් වැනි ක්ෂේස්ත්‍රයන්හි සේවයේ නිරතවුවන් හෝ අර්ධකාලීන හෝ අනියම් සේවකයින් බව හෙළිව තිබේ.
The National Debt Helpline හි මුල්‍ය උපදේශිකා Sarah Brown-Shaw පෙන්වා දෙන්නේ, සුලු හෝ අදායමක් නොමැති පුද්ගලයින් සඳහා ණය ලබාදීමේදී මුල්‍ය උපදේශකයින් නිර්මාණශීලී විසඳුමකට පැමිණිය යුතු අතර ඇය පවසන්නේ බොහෝ පීඩාවට පත්ව ඇති පිරිස අදාල ප්‍රමිතීන්ට අනුව තක්සේරු සිදු නොකරන ගාස්තු අඩු ස්ථාන වෙත "වේතන දින ණය" හෝ "ඉක්මන් ණය" ලබාගැනීමට යොමුවන බවයි. නමුත් මෙම තත්වය අතිශය අනාරක්ෂිත වන බව ඇය පවසයි.
National Debt Helpline හි අංශයක් වන The Financial Rights Legal Center මෙවැනි ආර්ථික පීඩාවට පත්ව සිටින පිරිස සඳහා නොමිලයේ මුල්‍ය උපදෙස් ලබාදෙන මධ්‍යස්ථානයක් වන අතර මුල්‍ය අර්බුධය හේතුවෙන් වන පීඩනය මත කිසි ලෙසකින්වත් වේතන දින ණය ලබාගැනීමට යොමු නොවන ලෙස ජ්‍යෙෂ්ඨ සොලිසිටර් Jen Lewis පෙන්වා දෙයි. මෙවැනි ණය ගැනීමෙන් පසු එහි පවතින අධික පොලිය හේතුවෙන් සිය මුලික අවශ්‍යතා සඳහා හෝ මුදල් සිය බැංකු ගිණුමේ නොමැතිවන පුද්ගලයින් සමග තමන් සාකච්චා කොට ඇතැයිද Jen Lewis පවසයි.
ඔහු සඳහන් කරන්නේ, උදාහරණයක් ලෙස $2,000 ක වේතන දින ණයක් සඳහා සිය මෝටර් රථය ඇප ලෙස තැබීමෙන් පසු එම පුද්ගලයට නිසි දිනයට ගත් ණය ආපසු ගෙවීමට නොහැකි වුවහොත් තම රාජකාරී සඳහා හෝ දරුවන් පාසල් දැමීම සඳහා හෝ වන මෝටර් රථය එම පුද්ගලයාට අහිමි වන අතර, පුද්ගලයින් තමාගේ පළමු ණය ගෙවීම සඳහා තවත් ණයක් ලබාගැනීමට පෙළඹෙන බවයි.
මෙම තත්වය මත එම පුද්ගලයින් නිරායාසයෙන්ම ණය උගුලක සිරවන අතර The National Debt Helpline හි මුල්‍ය උපදේශිකා Sarah Brown-Shaw පවසන්නේ After pay සහ the buy-now-pay-later වැනි හානිකර නොවන බවක් පෙනෙන්නට ඇති බහුවිධ කොන්ත්‍රාත් ණය ක්‍රම සඳහා යොමුවන ලෙසයි.
නත්තල් සමය වනවිට ඕස්ට්‍රේලියානු ශ්‍රම බලකායෙන් සියයට දහයක් පමණ විරැකියාවෙන් පෙළෙනු ඇති විශ්වාස කරන අතර තම ණය නිතිපතා ගෙවා ගැනීමට නොහැකි වන ලෙස බොහෝ කම්කරුවන්ට රැකියාව අහිමි වී හෝ ඔවුන්ගේ කාලය අඩු වී තිබේ. මේ හේතුවෙන් ණය ලබා දෙන්නන්ගේ අධික ගාස්තු හෝ පොලී ගෙවීමටද නිරායාසයෙන්ම මොවුන්ට සිදු වේ.

Source: Getty Images/miodrag ignjatovic
එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ වෙත ප්‍රවේශ වීම සඳහා ලාභදායී ක්‍රමයක් ලෙස ප්‍රසිද්ධ Rent-to-buy ක්‍රමයද අවධානම් සහිත ණය ක්‍රමයක් වන බව Megan McAlpine පවසයි. මෙය ඉහල පොලියක් පවතින මිල අධික ක්‍රමයක් වේ.
Jen Lewis ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පළමුව ජාතික ණය උපකාරක අංශයෙන් මූල්‍ය උපදේශනය ලබා ගන්නා ලෙස වන අතර 9 වන කොටසෙහි ණය ගිවිසුමකට එළඹීමට වඩා හොද විකල්පයන් පවතින බවද ඔහු පෙන්වා දෙයි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
වේතන දින ණය, ජාතික පාරිභෝගික ණය ආරක්ෂණ පනත මගින් නියාමනය කරනු ලැබේ. ලබාගත් ණය ආපසු ගෙවීමට නොහැකි බව හෝ ණය ගැණුම්කරුගේ මුල් අවශ්‍යතා සහ අරමුණු නිසි ලෙස සපුරාලන්නේ නැතිනම් The Financial Rights Legal Center මගින් ඔවුන් සඳහා උපකාර ලබාදීමේ හැකියාවක් තිබෙන බව Jen Lewis සඳහන් කරයි.
Megan McAlpine සඳහන් කරන්නේ Good Shepherd පුණ්‍යායතය මගින් micro-financing විකල්පය පමණක් මුල්‍ය අර්බුධයන්හි සිටින පිරිසට ලබා දීම සිදු නොකරන අතර තාවකාලික පදිංචිකරුවන් හට පොලී රහිත ණය ලබාදීම සහ රෙදි සෝදන යන්ත්‍ර, පාසල් අවශ්‍යතා, ගෘහ භාණ්ඩ සහ වෛද්‍ය බිල්පත් සඳහා සහාය ලබාදෙන බවයි. ඇය පෙන්වා දෙන්නේ මෙම ණය මුදල $1500 ක් දක්වා වන අතර එය health care කාඩ්පතක් තිබෙන පුද්ගලයින් සඳහා හෝ වසරකට ඩොලර් 45,000 ට වඩා අඩු ආදායමක් උපයන පුද්ගලයින් සඳහා වන බවයි.
Good Shepherd පුණ්‍යායතය සඳහා ඕස්ට්‍රේලියානු රජය සහ ජාතික ඕස්ට්‍රේලියානු බැංකුව (NAB) අරමුදල් ලබාදෙන අතර මෙම ආයතනය කොරෝනා වසංගතය හේතුවෙන් රැකියා අහිමි වුවන් සඳහා සිය බිල්පත් ගෙවීම සහ නිවාස කුලී ගෙවීම වැනි කටයුතු සඳහා $3,000ක ණය ලබා දීම සිදුකරයි. මේ සඳහා එක් පුද්ගලයකු නම් වසරකට $60,000 කට හෝ යැපෙන්නන් සිටි නම් වසරකට $100,000කට වඩා අඩු අදායම් ලබන පුද්ගලයින් විය යුතු වේ. එමෙන්ම මෙම ණය මාස 12ක කාලයකට හෝ මාස 24ක කාලයකට ලබාගැනීම සෑම අයකුටම සිදුකල හැකි අතර ඔවුන්ගේ වීසා එම කාලයට වඩා පැවතිය යුතුය. භාණ්ඩ සපයන්නා හට හෝ කුලී හෝ බිල්පත් ලබාදෙන ආයතනය වෙත සෘජු ලෙසම ගෙවීම සිදුකරයි.
කොරෝනා වසංගතයට පෙර ණය මත පදනම් වූ ජීවන රටාවකට බොහෝ දෙනා හුරුව සිටීම හේතුවෙන් මේ වන විට විශාල පිරිසක් මූල්‍ය දුෂ්කරතාවයන්ට මුහුණ දෙන අතර ණය ලබාගන්නන් හට මෑත කාලයේදී පවතින Afterpay වැනි අවධානම් සහිත ණය ක්‍රමයන් හදුන්වාදීම පිළිබඳව McAlpine සිය විරෝධය පළකරයි.
මේ වන විට ණය බරින් මිරිකී සිටින පිරිස නැවත නැවතත් ණය ලබාගැනීමට පෙළඹීමේ අවධානමක් පැවතීම මත ඉහල අවධානමක් පවතින ණය ක්‍රම කෙරෙහි මුල්‍ය උපදේශකයින්ගේ අවධානය යොමුව තිබේ.

Source: Getty Images/BeyondImages
කෙදිනකවත් මූල්‍ය අර්බුධයකට මුහුණ දී නොමැති පුද්ගලයින් හට National Debt Helpline හා පළමුවරට සම්බන්ධ වීම දුෂ්කරතාවයක් වන අතර ඇතැමුන් තම මුල්‍ය තොරතුරු බැංකුවට හෝ සේවා දායකයට හෙළි කරනු ඇතැයි යන බියකින් පසුවන බව Brown-Shaw පවසයි. නමුත් ඇය අවධාරණය කර සිටින්නේ සියලුම මුල්‍ය තොරතුරුවල රහස්‍ය භාවය National Debt Helpline ආරක්ෂා කරන බවයි.
ඔබ මානසික ආතතියෙන් පෙලේ නම් සහ සහාය අවශ්‍යනම් 1300 22 4636 දුරකථන අංකය ඔස්සේ Beyond Blue හෝ 13 11 14 ඔස්සේ Lifeline සමග සම්බන්ධ වන්න.
මූල්‍ය හා නීති උපදෙස් සඳහා 1800 007 007 ඔස්සේ National Debt Helpline සමග සම්බන්ධ වන්න
Good Shepherd ආයතනය පිලිබඳ වැඩි විස්තර සඳහා 1300 121 130 සමග සම්බන්ධ වන්න
13 14 50 අංකයෙන් පරිවර්තන සේවාව ඇමතීමෙන් ඔබට පරිවර්තකයෙකුගේ සහාය ඇතිව තෝරාගත් සේවා සැපයුම්කරු වෙත පිවිසිය හැකිය.