මේ අතර ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 42 ක් වාර්තා වේ.
ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවූ බවද සඳහන්.
ජූලි මස මැද භාගයෙන් පසු පළමු වරට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවූ අවස්ථාව මෙය ලෙසද වාර්තා වේ.
මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 730 කි.
එමෙන්ම සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම අද (15/09) වන විට වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 817 කි.
වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා වයිරසය පාලනය කිරීමේ ප්‍රගතිය පිළිබඳ තමන් සතුටට පත්වන බව ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.