මේ වන විට ලොව පුරා ක්‍රියාත්මක වන දැඩි සංක්‍රමණ සීමා කිරීම් වලින් ඔස්ට්‍රේලියාව ප්‍රයෝජන ගත යුතු බවත් කොරෝනා වසංගතයෙන් යළි ගොඩ ඒමේදී skilled migration හෙවත් නිපුණතා සංක්‍රමණය ප්‍රවර්ධනය කළ යුතු බවත් නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියාවේ ආර්ථික සංවර්ධනය සඳහා වූ කමිටුව මෙම වාර්තාව නිකුත් කර තිබේ.

Source: AAP
ඔස්ට්‍රේලියාවේ ආර්ථික සංවර්ධනය සඳහා වූ කමිටු වාර්තාව
කොරෝනා වසංගතයෙන් බිඳ වැටුණු ආර්ථිකය ගොඩ නැගීමේ ක්‍රියාවලිය සඳහා ඔස්ට්‍රේලියාව නිපුණතා සංක්‍රමණය මහත් සේ දායක කරගත යුතු බව ඔස්ට්‍රේලියාවේ ආර්ථික සංවර්ධනය සඳහා වූ කමිටු වාර්තාව පෙන්වා දෙයි.
ඒ සඳහා "Intra-company transfer" වීසා හෙවත් “අභ්‍යන්තර සමාගම් හුවමාරු” වීසා නමින් නව වීසා බලපත්‍රයක් හඳුන්වා දෙන ලෙස ඔස්ට්‍රේලියාවේ ආර්ථික සංවර්ධනය සඳහා වූ කමිටුව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉල්ලා සිටී.
ඔස්ට්‍රේලියාව දක්වා සිය මෙහෙයුම් ව්‍යාප්ත කිරීම සඳහා බහුජාතික ව්‍යාපාරවලට සහාය වීමට මෙම වීසා ඛාණ්ඩය හරහා අවස්ථාව ලැබෙන බව ද එම කමිටුව පෙන්වා දෙයි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
මේ අතර කොරෝනා වසංගතය කළමනාකරණය කිරීමේදී ඔස්ට්‍රේලියාව ලබා ඇති සාර්ථකත්වය නිසා ජාත්‍යන්තර සිසුන් හා නිපුනතා සංක්‍රමණිකයින් සඳහා ඔස්ට්‍රේලියාව ආකර්ශනීය විකල්පයක් බවට පත්ව ඇති බව ද එම කමිටු වාර්තාව හෙළිකරයි.
නමුත් ඒවායින් සම්පූර්ණ ප්‍රතිලාභ ලබාගැනීමට නම් එම වැඩපිළිවෙළේ ඇති ගැටළු ඉතා ඉක්මණින් විසඳිය යුතු බවද ඔවුහු අවධාරණය කරති.

Visas Source: Flickr
ඔස්ට්‍රේලියාවේ skilled migration පද්ධතිය වැඩි දියුණු කළ යුතුයි
මේ වන විට වසා දමා ඇති ඔස්ට්‍රේලියානු දේශ සීමා යළි විවෘත කෙරෙන විට ඔස්ට්‍රේලියාවේ skilled migration පද්ධතිය වැඩි දියුණු කිරීමට මෙම කාලය භාවිතා කළ යුතු බව ඔස්ට්‍රේලියාවේ ආර්ථික සංවර්ධනය සඳහා වූ කමිටුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Jarrod Ball පැවසීය.
කොරෝනා වසංගතය හමුවේ බොහෝ රටවල් permanent migration restrictions හෙවත් ස්ථිර සංක්‍රමණ සීමා පැනවීමට උත්සාහ කරන අතර ඔස්ට්‍රේලියාව එවැනි ප්‍රතිපත්තිවලට විරුද්ධ විය යුතු අතර සංක්‍රමණ ප්‍රවර්ධනය කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
කොරෝනා වසංගතය හමුවේ කඩා වැටුණු ජාතික ආර්ථිකය ගොඩනැගීමේ කාර්යයේ දී එය වඩාත් ඵලදායී වනු ඇති බව ඔහු පැහැදිලි කළේය.
2020-21 මූල්‍ය වර්ෂය තුළ net migration rate හෙවත් ඔස්ට්‍රේලියාවේ ශුද්ධ සංක්‍රමණ අනුපාතය 85% කින් පහත වැටෙනු ඇත.
ඒ නිසා මේ වසරේ මෙන්ම ලබන වසරේදී ඔස්ට්‍රේලියානු ජාතික ආදායමට ඩොලර් බිලියන 50 ක පමණ පාඩුවක් සිදුවනු ඇති බවද ගණන් බලා තිබේ.

Large Group of Diverse People with Different Occupations Source: Getty Images
නව Priority Migration Skilled Occupation List එකක්
ඔස්ට්‍රේලියාවේ ඇතැම් වෘත්තීන් ඉලක්ක කරමින් නව Priority Migration Skilled Occupation List එකක් හෙවත් නව ප්‍රමුඛතා සංක්‍රමණ නිපුණතා රැකියා ලැයිස්තුවක් සැප්තැම්බර් මුල සතියේදී ප්‍රකාශයට පත් කෙරුණි.
ඒ හරහා හෙදියන්, වෛද්‍යවරුන්, ඉදිකිරීම් කළමනාකරුවන් සහ මෘදුකාංග ඉංජිනේරුවන් වැනි වෘත්තීකයින් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට සැලසුම් කෙරේ.
මෙම ලැයිස්තුවේ ඇති වෘත්තීන් සඳහා අයදුම් කිරීමට ඔස්ට්‍රේලියානු සමාගමකින් හෝ ව්‍යාපාරයකින් හෝ ආයතනයකින් හෝ අනුග්‍රහය දැක්විය යුතුය.
එලෙස අනුග්‍රහය ලැබූ වීසා ලාභීන්ට දැනට ඔස්ට්‍රේලියාවට පැමිණීමට පනවා ඇති සංචාරක තහනම නොතකා ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවස්ථාව ලැබෙන නමුත් ඔස්ට්‍රේලියාවට පැමිණි දිනයේ පටන් දින 14 ක් තම වියදමින් අනිවාර්යෙන් නිරෝධායනය විය යුතුය.

Source: Pixabay
JobKeeper සහ JobSeeker දීමනා තාවකාලික වීසා හිමියන්ටත්
JobKeeper සහ JobSeeker දීමනා තාවකාලික වීසා හිමියන්ටත් ලබා දෙන ලෙස ඔස්ට්‍රේලියාවේ ආර්ථික සංවර්ධනය සඳහා වූ කමිටු වාර්තාව මධ්‍යම රජයෙන් ඉල්ලා සිටී.
තාවකාලික වීසා හිමියන්ගෙන් බහුතරයකට JobKeeper සහ JobSeeker දීමනා හිමි නොවන අතර දේශ සීමා වසා දමා තිබීම සහ ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක නොවීම නිසා ඔවුන්ට නැවත තම මව් රටවල් බලා යාමට ද නොහැකිව ඇත.
කොරෝනා වසංගතය ඔස්ට්‍රේලියාවට පැමිණෙන විට එනම් මාර්තු මාසය වන විට ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික වීසා හිමියන් මිලියන 2.17 කට අධික සංඛ්‍යාවක් සිටි බව ද ඔස්ට්‍රේලියාවේ ආර්ථික සංවර්ධනය සඳහා වූ කමිටු වාර්තාව හෙළි කරයි.
නවසීලන්තය, කැනඩාව සහ එක්සත් රාජධානිය යන රටවලට සාපේක්ෂව ඔස්ට්‍රේලියාව කොරෝනා වසංගතය තුල තාවකාලික වීසා හිමියන්ට සහය නොවූ බවද එම වාර්තාව පෙන්වා දෙයි.
එනිසා ඔස්ට්‍රේලියාව ද ප්‍රමාදයකින් තොරව එය කළ යුතු බව ඔස්ට්‍රේලියාවේ ආර්ථික සංවර්ධනය සඳහා වූ කමිටු වාර්තාව අවධාරණය කරයි.

. Source: SBS Sinhala