නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේතුව විසින් ගිනිකොණ දිග සහ නිරිත දිග සිඩ්නි කලාපයේ ස්ථාන 6 කට කොරෝනා අනතුරු ඇඟවීම් සිදු කර තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
අලුතින් වාර්තා වූ කොරෝනා ආසාදිතයෙකු එම ස්ථාන වල සංචාරය කිරීම නිසා මෙලෙස අනතුරු ඇඟවීම් සිදු කිරීමට නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීහු පියවර ගෙන තිබේ.

Source: AAP
කොරෝනා අනතුරු ඇඟවීම් සිදු කළ ගිනිකොණ දිග සහ නිරිත දිග සිඩ්නි කලාපයේ ස්ථාන
සටහන් කර ඇති දින වල සහ කාල වේලාවල පහත සඳහන් ස්ථාන වලින් එකක හෝ අවම වශයෙන් පැයක්වත් සිටි පුද්ගලයින් කොරෝනා ආසාදිතයෙකු සමග සමීපව ගැවසුණු පුද්ගලයින් ලෙස සලකන බවත් ඔවුන් වහාම කොරෝනා පරීක්ෂාවන් සිදු කර ගත යුතු බවත් නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේතුව දන්වා සිටී.
අදාළ කොරෝනා පරීක්ෂාවේ ප්‍රතිඵල කුමක් වුවද ඔවුන් දින 14 ක් හුදකලා විය යුතු බවද ඔවුහු පවසති.
Flip Out Prestons Indoor Trampoline Park
- ලිපිනය - Unit B/238 Hoxton Park Road, Prestons
- දිනය - 2020 ඔක්තෝබර් 25, ඉරිදා
- වේලාව - දහවල් 12 සිට පස්වරු 1.50 දක්වා
Jasmins Lebanese අවන්හල
- ලිපිනය - 375 Macquarie Street, Liverpool
- දිනය - 2020 ඔක්තෝබර් 25, ඉරිදා
- වේලාව - පස්වරු 2.00 සිට සිට 3.30 දක්වා
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
මේ අතර පහත සඳහන් ස්ථාන හතරේ අදාළ දිනවල සහ වේලාවන් තුළ සිටි පුද්ගලයින් කොරෝනා ආසාදිතයෙකු ගේ දෙවැනි පෙළ ආශ්‍රිතයින් බව නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේතුව දන්වා සිටී.
ඔවුන් තමන්ට කොරෝනා රෝග ලක්ෂණ ඇතිවේ දැයි සැලකිල්ලෙන් සිටිය යුතු බවත් එසේ රෝග ලක්ෂණ ඇති වුවහොත් වහාම කොරෝනා පරීක්ෂාවන් සිදු කරගත යුතු බවත් නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීහු පවසති.
Westfield Bondi Junction
- ලිපිනය - 500 Oxford Street, Bondi Junction
- දිනය - 2020 ඔක්තෝබර් 24, සෙනසුරාදා
- වේලාව - පස්වරු 1.30 සිට 4.30 දක්වා
Watsup Brothers kebab වෙළෙඳ සැල
- ලිපිනය - 149 Eldridge Road, Condell Park
- දිනය - 2020 ඔක්තෝබර් 24, සෙනසුරාදා
- වේලාව - පස්වරු 5.30 සිට 6.00 දක්වා
Ali Baba Charcoal Chicken
- ලිපිනය - 2 Civic Road, Auburn
- දිනය - 2020 ඔක්තෝබර් 26, සඳුදා
- වේලාව - පස්වරු 1.00 සිට 1.20 දක්වා
Carnes Hill Marketplace
- ලිපිනය - Kurrajong Road, Carnes Hil
- දිනය - 2020 ඔක්තෝබර් 27, අඟහරුවාදා
- වේලාව - පස්වරු 3.30 සිට 4.30 දක්වා

NSW Chief Health Officer Dr Kerry Chant Source: AAP
උත්සව සමය ආසන්නවීම නිසා දැඩි අවදානමක්
නත්තල් සහ නව අවුරුදු උත්සව සමය ආසන්න වෙමින් පැවතීමත් සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා නීති ලිහිල් කරමින් පැවතීමත් නිසා කොරෝනා පරීක්ෂාවන් සිදු කරගැනීමට ඉදිරිපත් වන පිරිසේ අඩුවීමක් දක්නට ලැබෙන බව නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේතුව පවසයි.
මේ නිසා හඳුනා නොගත් කොරෝනා අසාදිතයින් සමාජයේ සිටීමේ සම්භාවිතාව ඉහළ මට්ටමක පැවතිය හැකි යයි ඔවුහු අනතුරු අඟවති.
"මෙය ඇත්තෙන්ම තීරණාත්මක කාලයක්. මෙම වයිරසය සමාජයට කොතනකින් හෝ ඇතුළු වුවහොත් එය ලැව් ගින්නක් සේ පැතිරී යා හැකියි. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය කොරෝනා නීති ලිහිල් කර ඇති අවධියක මෙය තවත් බරපතල විය හැකියි" යනුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී Kerry Chant පැවසුවාය.

Source: SBS Sinhala