ඕස්ට්‍රේලියාවේ සිටින අයට කොරෝනා එන්නත ලබාදීමට තවත් වසරක් පමණ ගතවෙනු ඇතැයි මධ්‍යම රජය පැවසීමේ සුලමුල මෙන්න (SBS සිංහල/වාර්තා)

Lab

Source: Pixabay

කොරෝනා වෛරසය සඳහා එන්නතක් 2021 වසරේ මුල් කාලයේදී ජනතාවට ලබාදීමට හැකියාව පවතින බවට මින් පෙර ඕස්ට්‍රේලියානු රජය සඳහන් කලද 2021 වසර අවසන් වනවිට සමස්ත ඔස්ට්‍රේලියාවම ආවරණය වන පරිදි එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලක් පිළිබඳව මෙවර අයවැය මගින් උපකල්පනය කළේය. මෙය බොහෝ දෙනෙකුගේ කුතුහලයට බඳුන් වූ අතර මෙම කාල රාමු දෙකම,මේ වන විට අත්හදා බැලීම් සිදුකරන කොරෝනා එන්නත "ප්‍රෝටීන සහිත එන්නතක් " වීම සහ "ප්‍රෝටීන රහිත එන්නතක්" වීම මත රඳා පවතින බව හෙළිව තිබේ.

 


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා


සජීවීව සහ පසුව online අහන්න -

SBS Radio APP එකෙන් (Free download)


 

මධ්‍යම රජයේ අදහස

CSL සහ CSIRO යන ආයතන University of Queensland මගින් නිපදවන අකාරයේ ප්‍රෝටීන සහිත එන්නත් ඉක්මනින් නිපදවීමට සුදානම් බව ඕස්ට්‍රේලියානු කර්මාන්ත අමාත්‍ය Karen Andrews පවසයි. එමෙන්ම මේ වන විට Oxford විශ්වවිද්‍යාලය නිෂ්පාදනය කරන AstraZeneca එන්නත මෙල්බර්න් හි පවතින විද්‍යාගාර ඔස්සේ නිපදවීම සඳහා අවශ්‍ය සියලු නිෂ්පාදන තාක්ෂණය CSL ආයතනය සුදානම් කොට ඇති බවද වාර්තා වේ.
medical syringe is seen with AstraZeneca company logo
A medical syringe is seen with AstraZeneca company logo. Source: Sipa USA Rafael Henrique / SOPA Images/Si
තාක්ෂණිකව මෙම එන්නත ප්‍රෝටීන රහිත එන්නතක් වන අතර "viral vector"නොහොත් වෛරස් දෛශික එන්නතක් ලෙස හැඳින්වේ. මේ වන විට කොරෝනා වසංගතයට එරෙහිව එන්නත් අත්හදාබැලීමේ ප්‍රමුඛයා වන Oxford විශ්වවිද්‍යාලය නිෂ්පාදනය කරන AstraZeneca එන්නත් මාත්‍රා මිලියන 26 ක් මිලදී ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු රජය පසුගියදා ගිවිසුමකට අත්සන් තැබීය.

කෙසේ නමුත් ඕස්ට්‍රේලියාවට එවැනි එන්නතක් නිපදවීමට තවත් මාස 9 ක් සිට 12ක් දක්වා කාලයක් ගතවනු ඇති බවට තම විශ්වාස කරන අතර එන්නත සතුව පවතින විචල්‍යයන් පිළිබඳව දැනුවත් වියයුතු බවද කර්මාන්ත අමාත්‍ය Karen Andrews සඳහන් කරයි.

ප්‍රෝටීන සහිත එන්නතක් යනු

ප්‍රෝටීන මත පදනම් වූ එන්නත් ඉහල ප්‍රමිතියකින් යුතු වන බව University of Sydney හි බෝවන රෝග විශේෂඥ Robert Booy සඳහන් කරයි. ප්‍රෝටීන සහිත එන්නත් දශක ගණනක් තිස්සේ ලොව පුරා භාවිත කෙරෙන අතර එය ආරක්ෂිතම එන්නත් වන බව විශ්වාස කෙරේ. බැක්ටීරියා අසාදන ඇතුලු බොහෝ අසාදන මගින් ළදරුවන් පවා ආරක්ෂා කරමින් මෙම ප්‍රෝටීන සහිත එන්නත් සාර්ථක ප්‍රතිපල පෙන්වා තිබේ.

COVID-19 වෛරසය සඳහා හේතු වන SARS-CoV-2 වෛරසය "spike" ප්‍රෝටීන ඔස්සේ සෛල ආක්‍රමණය කරන අතර වෛරසය වැලැක්වීම සඳහා මෙම "spike" ප්‍රෝටීන සෛල තුලට ඇතුළුවීම වැළක්විය යුතු වේ.

මෙහිදී ප්‍රෝටීන මත පදනම් වූ එන්නත් වැඩි මෙහෙයක් සිදු කරන අතර, වෛරස සහිත "spike" ප්‍රෝටීන වලට එරෙහිව ශරීරය තුල ප්‍රතිදේහ නිපදවීම ප්‍රෝටීන සහිත එන්නත් මගින් සිදු කරයි. University of Queensland මගින් නිපදවන එන්නත මෙම ප්‍රවේශය මත පදනම් වේ.
Lab
Source: Pixabay
සහ ප්‍රෝටීන රහිත එන්නතක් යනු

ප්‍රෝටීන මත පදනම් නොවූ එන්නත් අතර mRNA එන්නත විශ්වාසදායක එන්නතක් වේ. පුද්ගල ශරීරය තුල ප්‍රෝටීන නිපදවීම සඳහා වන අනුක උපදෙස් ඵලදායි ලෙස ලබාදීමට මෙම එන්නතට හැකියාව පවතී. මෙලෙස නිපදවන ප්‍රෝටීන විදේශීය ප්‍රෝටීන ලෙසට ශරීරය සලකන අතර ඒ මත පදනම්ව ප්‍රතිදේහ නිපදවීමට පුද්ගල ශරීරය පෙළඹේ.

ප්‍රෝටීන සහිත සහ රහිත එන්නත් දෙකෙන්ම එකම අකාරයේ ප්‍රතිපල අත් වන අතර ඒවා ක්‍රියාත්මක වන අකාරයේ පමණක් වෙනසක් පවතින බව University of Sydney හි Westmead ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය Tony Cunningham සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ ප්‍රෝටීන සහිත එන්නත් මගින් ශරීරයෙන් පිටත ප්‍රෝටීන නිපදවන අතර mRNA එන්නත මගින් ශරීරය තුල ප්‍රෝටීන නිපදවීම සිදුකරන බවයි.

US National Institutes of Health සහ Moderna එන්නත් මෙම ප්‍රවේශ මත සිදුකෙරෙන අතර ඒවා තුන්වන අදියරේ අත්හදා බැලීම අරඹා තිබේ.

Moderna එන්නත ඕස්ට්‍රේලියානු රජය අත්සන් තැබූ COVAX ගෝලීය එන්නත් යෝජනා ක්‍රමයේ කොටසක් වේ.
Lab
Source: Pixabay

mRNA එන්නත සිත් ඇදගන්නාසුලු තාක්ෂණයකින් පසු වුවත් මින් පෙර එවැනි තාක්ෂණයකින් යුත් එන්නතක් සාර්ථක නොවූ බව මහාචාර්ය Robert Booy පවසයි. මේ හේතුවෙන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා වන අපේක්ෂාව mRNA එන්නත මත පමණක් පදනම් නොවන බවට ජනතාව වටහගතයුතු බවද ඔහු පෙන්වා දේ. එමෙන්ම මෙම එන්නත ඵලදායී වීමට ඉඩ පවතින නමුත් මෙම එන්නත් වල පවතින ප්‍රයෝජනය පිළිබඳව විශ්වාසයක් ඇතිවීම සඳහා දිගු කලක් ගතවන බව ද මහාචාර්ය Robert Booy අවධාරණය කර සිටී.

 


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

නැතිනම් රූපවාහිනියේ channel 38


mRNA එන්නත නිපදවීමට දිගු කලක් ගතවන්නේ ඇයි?


මෙවැනි එන්නත් මින් පෙර කිසිදිනක නිෂ්පාදනය කොට නොමැති අතර ප්‍රෝටීන මත පදනම් වූ එන්නතක් වන ඉන්ෆ්ලුවෙන්සා එන්නත සෑම වසරකම මිලියන ගනනින් නිෂ්පාදන කෙරේ.

mRNA එන්නත ඔස්ට්‍රේලියාව තුල කිසිවිටෙකවත් සංවර්ධනය කොට නොමැති වීම හේතුවෙන් මේ සඳහා නැවත සකස් කිරීමක් අවශ්‍ය වන අතර නිශ්පාදන ක්‍රියාවලීන් පුළුල් කිරීමටත් වැඩිදියුණු කිරීමටත් යම් කාලයක් ගතවන වන බව මහාචාර්ය Robert Booy සඳහන් කරයි.

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට

SBS radio
Source: SBS Radio

Share
Published 27 October 2020 7:52pm
By Nipuna Dodangoda

Share this with family and friends