ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ලබාදෙන ඩොලර් 250 ක මුදල් ගෙවීම් දෙකක් ඔස්ට්‍රේලියානුවාසීන් දස දහස් ගණනකට නොදැනුවත්වම මග හැරෙනු ඇත.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
එම මුදල් දීමනා මොනවාද සහ ඒවා ලබාගත හැක්කේ කා හටද යන්න පිළිබඳ මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

Elderly care in nursing home - doctor with patient. Source: Getty Images
ඩොලර් 250 ක මුදල් ගෙවීම් දෙකක්
2020-21 මධ්‍යම රජයේ අයවැයෙන් කොටසක් ලෙස වියපත් හා ආබාධිත විශ්‍රාමිකයන්, ප්‍රවීණයන්, carer දීමනා ලබන පුද්ගලයින් සහ family tax benefit ලබන්නන් සඳහා මෙම ඩොලර් 250 ක දීමනාව ලබා දීමට පියවර ගෙන තිබේ.
එමෙන්ම Commonwealth Seniors Health Card (CSHC) හිමියන්ට සහ විශ්‍රාමික සහන කාඩ්පත් හිමියන්ට ද (pensioner concession cardholders) මෙම මුදල් ලැබීමට සුදුසුකම් කිව හැකිය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
එලෙස සුදුසුකම් ලබන සියලුම පුද්ගලයින් හට ඩොලර් 250 ක මුදලක් එළෙඹෙන දෙසැම්බර් මාසයේත් තවත් ඩොලර් 250 ක මුදලක් 2021 මාර්තු මාසයේත් ලබා ගත හැකිය.

Source: Getty Images
දීමනාව ලබා දීමේ නිර්ණායක වල ව්‍යාකූලත්වයක්
මෙම ඩොලර් 250 දීමනාව ලැබීමට තමන් සුදුසුදැයි පරීක්ෂා කරන ලෙස National Seniors Australia ආයතනය self-funded retirees හෙවත් ස්වයං අරමුදල් විශ්‍රාමිකයන්ගෙන් ඉල්ලා සිටියි.
ස්වයං අරමුදල් සහිත විශ්‍රාමිකයන් දස දහස් ගණනක් ඔවුන් CSHC සඳහා සුදුසුකම් නොලබන බවට සිතන බවත් නමුත් බොහෝ අය ඒ සඳහා සුදුසු බවත් National Seniors Australia ආයතනය පවසන බව චැනල් 7 පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
CSHC ආදායම් පරීක්ෂණයේ කොටසක් ලෙස භාවිතා කරන deeming rates වෙනස් කිරීම CSHC කාඩ්පත සඳහා සුදුසුකම් වැඩි කර ඇත.
CSHC සඳහා සුදුසුකම් ලැබීමට අදාළ පුද්ගලයින් විශ්‍රාමික වයසට ළඟා විය යුතු වීම, ආදායම් පරීක්ෂාවට ලක්වී තිබීම, Veterans Affairs වලින් කිසිදු ගෙවීමක් නොලැබීම සහ ඔස්ට්‍රේලියාව තුළ වෙසෙන ඔස්ට්‍රේලියානු පදිංචිකරුවෙකු වීම යන සුදුසුකම් සැපිරිය යුතුය.
ආදායම් පරීක්ෂණය සපුරාලීම සඳහා, තනි පුද්ගලයින් හෝ යුවළ පහත සඳහන් ආදායම් සීමාවන්ට වඩා පහළින් උපයා ගත යුතුය:
- තනි පුද්ගලයින් - $55,808
- යුවළ - $89,290
- අයහපත් සෞඛ්‍ය තත්ත්ව, respite care හෝ සිරගත කිරීම වලින් වෙන් වූ යුවළ - $111,616
පළමු ඩොලර් 250 දීමනාව ලැබීම සඳහා සුදුසුකම් ලැබීමට ඔස්ට්‍රේලියානුවන්ට නොවැම්බර් 27 දක්වා කල් තිබෙන බවද සඳහන්.

Source: SBS Sinhala