Key Points
- "ජනවාරි 26" වැනිදාට යෙදෙන Australia Day හෙවත් ඕස්ට්‍රේලියානු දිනය වෙනස් කිරීමට වන සහාය ඉහල යාම
- බොහෝ සංවිධාන සහ ආයතන සිය සේවකයින්ට මේ සඳහා වෙනත් දිනයක නිවාඩු ගැනීමට ඉඩ දීම
- ඕස්ට්‍රේලියානු දිනය වෙනස් කිරීම මේ වනවිට නොවැළැක්විය හැකි දෙයක් බව එක් විශේෂඥයෙකු විශ්වාස කිරීම
මේ වනවිට Australia Day හෙවත් ඕස්ට්‍රේලියානු දිනය සැමරීම ජනවාරි මස 26 වැනිදා සිදු කරයි.
කෙසේ නමුත් මෙම දිනය 1788 වසරේ ජනවාරි 26 වැනිදා Sydney Cove වෙත බ්‍රිතාන්‍යන්ගේ පළමු බලඇණිය ගොඩබෑම සිදු වීම සහ ඕස්ට්‍රේලියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස ප්‍රකාශ කිරීම සනිටුහන් කරන අතර මෙය ස්වදේශික ඕස්ට්‍රේලියානුවන්ට කණගාටුදායක දිනයක් වේ.
මේ හේතුවෙන් Australia Day හෙවත් ඕස්ට්‍රේලියානු දිනය සැමරීම ජනවාරි 26 වැනිදා නොව වෙනත් දිනයක සිදු කරන ලෙසට වූ ඉල්ලීම් ක්‍රමයෙන් ඉහල යාමද සිදු විය.
ඕස්ට්‍රේලියානු දිනය වෙනස් කිරීම සම්බන්ධයෙන් කල නවතම මත විමසුම් දෙකක් පෙන්වා දෙන්නේ මෙම දිනය වෙනස් කිරීම සඳහා වන සහයෝගය වර්ධනය වී ඇති බවයි.
The Guardian මගින් සිදු කරන ලද Essential මත විමසුමට අනුව සමීක්ෂණයට ලක් කරන ලද පුද්ගලයින් 1,000 ගෙන් පමණ 26%ක් ඕස්ට්‍රේලියානු දිනය වෙනුවට නව දිනයක් යෙදීම සම්බන්ධයෙන් සහය දක්වන බව සඳහන් කොට තිබේ, මෙය පසුගිය වසරේදී 20% වශයෙන් පැවතින.
වයස අවුරුදු 35-54 අතර පිරිසගෙන් මේ සඳහා එකඟත්වය පලකල 25%ක් සමඟ සසඳන විට, වයස අවුරුදු 18 සිට 34 දක්වා වයස්වල පිරිසගෙන් 45%ක් මෙම විකල්පයට සහය දක්වයි. වයස අවුරුදු 55ට වැඩි පිරිසෙන් 13%ක් පමණක් මේ සඳහා සහාය දක්වා තිබේ.
ජනවාරි 26 නිවාඩුව තබා ගනිමින් ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් සඳහා වෙනම දිනයක් නිර්මාණය කිරීමේ විකල්පය සඳහා 33% පිරිසක් සිය කැමැත්ත පලකොට තිබේ.
මෙය වසර ගණනක් තිස්සේ ඉහල පහල යාම සිදු වූ අතර 2019 වසරේදී මේ සඳහා වූ සහාය 37% වශයෙන් පැවතින.

There is growing support for changing the date of Australia Day, especially among young people. Source: AAP / David Crosling
නමුත් ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් සඳහා වෙනම දිනයක් යොදාගැනීම සම්බන්ධයෙන් සහාය නොදැක්වීම 2019 වසරේදී 40% වශයෙන් පැවතින.
Institute of Public Affairs (IPA) මගින් සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළිව ඇත්තේත් ඔස්ට්‍රේලියානු දිනය සැමරෙන දිනය වෙනස් කිරීම සඳහා වර්තමානයේ වන සහාය ඉහල අගයක් ගන්නා බවයි. නමුත් මෙම ආයතනය ඔස්ට්‍රේලියානු දිනය සැමරෙන දිනය වෙනස් කිරීම සඳහා සහාය නොදක්වයි.
මේ සඳහා පුද්ගලයින් 1,000ක් සම්බන්ධ වී ඇති අතර, මෙමගින් 62%ක් ඔස්ට්‍රේලියානු දිනය ජනවාරි 26 දා සැමරිය යුතු යැයි සඳහන් කොට තිබේ. මෙය අඩුවීමක් වන අතර මෙය 2019 දී 75% ක් සහ 2021 දී 69%ක් වශයෙන් පැවතින.
IPA හි ජ්‍යෙෂ්ඨ සහෝදර John Roskam පවසන්නේ ඔස්ට්‍රේලියානු දිනය ජනවාරි 26 වැනිදා පැවැත්වීමට කැමති පිරිස උදාසීන නොවිය යුතු බවයි.
එමෙන්ම ඒ සඳහා සටන් නොකළහොත් ජනවාරි 26 වැනිදා ඕස්ට්‍රේලියානු දිනය සැමරීම අහිමිවනු ඇති බවත් John කියා සිටී.
මෙම වාර්තාවට අනුව වයස අවුරුදු 18-24 අතර තරුණ පිරිසෙන් ජනවාරි 26 වැනිදා ඔස්ට්‍රේලියානු දිනය සැමරිය යුතු බවට 42%ක් එකඟ වී ඇති අතර 30% එකඟ වී නොමැත. එමෙන්ම 28% පිරිසක් කිසිදු මතයක් ප්‍රකාශ කොට නොමැත.

People take part in the 2020 Australia Day parade celebrations in Melbourne. Source: AAP / James Ross
The Australia Institute මගින් 2018 වසරේ සිදු කල මත විමසුමකින් හෙළිව ඇත්තේ ඕස්ට්‍රේලියානු දිනය පැවැත්වීම කුමන දිනයක වුවත් ගැටළුවක් නොවන බවට ඒ සඳහා සහභාගී වූ පිරිසෙන් 56%ක් පිරිසක් සඳහන් කොට ඇති බවයි.
එමෙනම් එය ස්වදේශික ප්‍රජාවට කණගාටුදායක දිනයක සැමරුම් පැවැත්වීම සිදු නොවිය යුතු බව 49%ක් සඳහන් කොට තිබේ.
නව සංක්‍රමණිකයන් සහ සරණාගතයින් අතර මිශ්‍ර දැක්ම
Refugee and migrant settlement agency (AMES) හෙවත් ඕස්ට්‍රේලියානු සරණාගත සහ සංක්‍රමණික ජනාවාස ඒජන්සිය මගින් පුද්ගලයින් 150 දෙනෙකු යොදා මේ වසරේ සමීක්ෂණයක් සිදු කොට තිබේ.
නමුත් මේ සඳහා සහභාගී වූවන්ගෙන් 25% ක් පමණක් ජනවාරි 26 වනදා මෙම මතබේදාත්මක තත්වය සම්බන්ධයෙන් දැන සිට තිබේ.
කෙසේ නමුත් මෙමගින් 38% පිරිසක් දිනය වෙනස් කිරීම සඳහා සහාය පලකල අතර 36% පිරිසක් පවතින තත්වය සඳහා කැමැත්ත පල කොට තිබේ. එමෙන්ම 26% පිරිසක් කිසිවක් සඳහන් කොට නොමැත.
මෙම සමීක්ෂණය සඳහා සහභාගී වූ පිරිසෙන් 31% පිරිසක් පමණක් ජනවාරි 26 Sydney Cove වෙත පළමු බ්‍රිතාන්‍ය බලඇණිය පැමිණීම සනිටුහන් කරන බවට දැන සිට ඇති අතර 68% පිරිසක් යම් ආකාරයකින් ඕස්ට්‍රේලියානු දිනය සැමරීමට සැලසුම් කොටගෙන සිට තිබේ.
ඔස්ට්‍රේලියානු දිනය සැමරීමෙන් සංවිධාන සහ ආයතන ඉවත් වීම
බොහෝ පිරිසක් ජනවාරි 26 දිනය, ආක්‍රමණ දිනය හෝ දිවි ගලවා ගැනීමේ දිනය ලෙස හඳුන්වන අතර, ස්වදේශික කණ්ඩායම්වල විරුද්ධත්වය පිළිගැනීම සඳහා ඕස්ට්‍රේලියානු දිනය වෙනස් කිරීම සඳහා වැඩි සහයෝගයක් පවතී.

Protesters crossing the Victoria Bridge during an Invasion Day rally in Brisbane. Source: SBS / SBS News
වික්ටෝරියානු රජය සිය වාර්ෂික ඔස්ට්‍රේලියානු දින පෙළපාලියද නවතා දමා තිබේ.
ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය, රජයේ සේවකයන්ට විකල්ප නිවාඩු දිනයක් ලබා ගැනීමට ද ඉඩ ලබා දෙන අතර, ජනවාරි 26 වන දින පුරවැසිභාවය ලබාදීමේ උත්සව පැවැත්වීමට ප්‍රාදේශීය සභාවලට බල කරන නීති ද අවලංගු කොට ඇත.
Essential මත විමසුමට අනුව, සමීක්ෂණයට ලක් වූවන්ගෙන් 8% ක් පමණ තමන් මේ වසරේ රැකියා කරන බව ප්‍රකාශ කොට ඇති අතර එය පසුගිය වසරට වඩා සියයට 1% ක ඉහල යාමකි. නමුත් 30% ක් පමණක් ඕස්ට්‍රේලියානු දිනය සැමරීම සඳහා යමක් කරන බව ප්‍රකාශ කොට තිබේ. 53% ක් සඳහන් කොට ඇත්තේ ජනවාරි 26 තවත් රජයේ නිවාඩු දිනයක් වශයෙන් පමණක් සලකන බවයි.
කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese තම රජය ඕස්ට්‍රේලියානු දිනය වෙනත් දිනයකට ගෙන යාමට උත්සාහ කරන ප්‍රකාශයන් ඉවත් කොට තිබේ.
ඔහු පවසා සිටියේ තමන් සහ රජය ඕස්ට්‍රේලියානු දිනයට සහය දක්වන අතර මෙහි කිසිදු වෙනසක් නොමැති බවයි.
එමෙන්ම හිටපු ලිබරල් නායක Scott Morrison සමග විපක්ෂ නායක Peter Dutton ඕස්ට්‍රේලියානු දිනය සඳහා සහය පළ කොට තිබේ.
විපක්ෂ නායක Peter Dutton, Flow News 24 වෙත පවසා සිටියේ "අපි අපේ ධජය සැමරිය යුතු අතර ඕස්ට්‍රේලියානු දිනය සැමරිය යුතු" බවයි.
වර්තමානයේදී දිනය වෙනස් කිරීම නොවැළැක්විය හැකි බව පෙනේ
University of Western Australia හි ඉතිහාසඥ Jane Lydon පවසන්නේ ජනවාරි 26 වැනි දින බොහෝ සංවිධාන සහ ආයතන සිය සේවකයින්ට විකල්ප නිවාඩු ගැනීමට ඉඩ දීමෙන්, දැන් වෙනසක් නොවැළැක්විය හැකි බව පෙනෙන බවයි.
එමෙන්ම මහාචාර්ය Jane Lydon සඳහන් කොට සිටියේ ඕස්ට්‍රේලියානු දිනය සැම විටම ජනවාරි 26 වන දින පවත්වන ලද බවට පුළුල් වැරදි වැටහීමක් පවතින නමුත් එය එසේ නොවන බවයි.
සමස්තයක් ලෙස බලන කල අපි ආදිවාසීන් අපේ ඉතිහාසයේ කේන්ද්‍රස්ථානය කර සුදු ජාතිකයින් බැහැර කරනවාද නැතිනම් පවතින තත්ත්වයම පවත්වාගෙන යනවාද? යන ගැටලුව පවතින බවත් මහාචාර්ය Jane Lydon කියා සිටී.
මෙම දිනය බොහෝ ඕස්ට්‍රේලියානුවන් ගිම්හාන කාලයේ අවසානය බුක්ති විඳින කාලය වන අතර ඔවුන් විවේකීව සිටීමට කැමති බවත් මහාචාර්ය Jane පවසයි.
කෙසේ නමුත් මහාචාර්ය Jane අවධාරණය කොට සිටින්නේ ඉතිහාසය ගැන වන අවබෝධය යනු සන්දර්භය, සිදුවෙමින් පවතින දේ, සහ ක්‍රියාවලිය තේරුම් ගැනීම වන අතර කැලැන්ඩරයක පින් එකක් ඇලවීම මගින් ඉතිහාසය ගැන දැනුමක් ඇති නොවන බවයි.