ඔස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්තයේ ගංවතුරට ශ්‍රී ලාංකික මවක් සහ පුතෙකු බිලි (SBS සිංහල/ වාර්තා)

67 හැවිරිදි හේමලතාසෝල්හිර් සචිතනාන්තම් සහ ඇගේ 34 හැවිරිදි පුත් බ්‍රමුත්ගේ මළ සිරුරු පසුගිය අඟහරුවාදා (08/03) උදෑසන බටහිර සිඩ්නි ප්‍රදේශයේ ගංවතුර සහිත වැසි ජලයෙන් පිරුණු ඇළක තිබී සොයා ගන්නා ලදී.

Hemalathasolhyr Satchithanantham (inset, left), along with the body of her son Bramooth (inset, right), was found in a flooded stormwater canal in western Sydney on Tuesday.

Hemalathasolhyr Satchithanantham (inset, left), along with the body of her son Bramooth (inset, right), was found in a flooded stormwater canal in western Sydne Source: SBS, AAP

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇතිවී ඇති ගංවතුර තත්ත්වය නිසා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ ශ්‍රී ලාංකික කාන්තාවක් සහ ඇයගේ පුත්‍රයා මියගොස් ඇතැයි වාර්තා වේ.

ඔවුන් දෙදෙනාට අමතරව සිඩ්නි නුවර තවත් සංක්‍රමණිකයෙකු මෙම ගංවතුරට බිලිවී ඇතැයි සඳහන්.


Highlights

  • නිව් සවුත් වේල්ස් ගංවතුර නිසා සංක්‍රමණික ශ්‍රී ලාංකික මවක් සහ ඇයගේ පුතා ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ.
  • 67 හැවිරිදි හේමලතාසෝල්හිර් සචිතනාන්තම් සහ ඇගේ 34 හැවිරිදි පුත් බ්‍රමුත්ගේ මළ සිරුරු පසුගිය අඟහරුවාදා (08/03) උදෑසන සොයා ගන්නා ලදී.
  • ජීවිතක්ෂයට පත්වූ සචිතනාන්තම් මහත්මිය තම පුත්‍රයාගේ භාරකරු ලෙස සිටි අතර ඔහු රෝග ගණනාවකින් පීඩා විදිමින් සිටියේය.

නිව් සවුත් වේල්ස් ගංවතුරට ශ්‍රී ලාංකික මව සහ පුතා බිලි

NSW ප්‍රාන්ත හදිසි සේවා (SES) විසින් NSW ගංවතුර ආරම්භයේ සිට අනතුරු ඇඟවීමේ නිවේදන 170 කට වඩා නිකුත් කර ඇත.

ප්‍රවෘත්ති නාලිකා සහ සමාජ මාධ්‍ය යන වේදිකා ද්විත්වය හරහාම මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර තිබේ.

එලෙස අනතුරු ඇඟවීම් සිදුකළද සිඩ්නි කලාපයේ විසූ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ ශ්‍රී ලාංකික කාන්තාවක් සහ ඇයගේ පුත්‍රයා මෙම දරුණු ගංවතුරට බිලිවී තිබේ.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


67 හැවිරිදි ශ්‍රී ලාංකික දමිල සම්භවයක් සහිත හේමලතාසෝල්හිර් සචිතනාන්තම් සහ ඇගේ 34 හැවිරිදි පුත් බ්‍රමුත්ගේ මළ සිරුරු පසුගිය අඟහරුවාදා (08/03) උදෑසන බටහිර සිඩ්නි ප්‍රදේශයේ ගංවතුර සහිත වැසි ජලයෙන් පිරුණු ඇළක තිබී සොයා ගන්නා ලදී.

SES (State Emergency Service) සහ ප්‍රාන්ත රජය යන දෙඅංශයෙන්ම මිනිසුන්ට මාර්ගවලින් ඉවත්ව සිටින ලෙස අනතුරු ඇඟවීම් නිතර නිකුත් කළ අතර,  භාෂා බාධක හේතුවෙන් අදාළ පණිවිඩ බොහෝ විට තම ප්‍රජා සාමාජිකයින් වෙත නොපැමිණෙන බව බහු සංස්කෘතික ප්‍රජාවේ සාමාජිකයන් විශ්වාස කරයි.
බටහිර සිඩ්නි හි අසල්වැසි ප්‍රදේශවල සිටින බොහෝ දෙනා මෙම ගැටලුවට මුහුණ දෙන බව බටහිර Sydney කලාපයේ Toongabbie හි පවුලේ වෛද්‍ය සායනයක් පවත්වාගෙන යන වෛද්‍ය Sithamparapillai Thava Selena SBS ප්‍රවෘත්ති සේවයට පැවසුවාය.

බටහිර සිඩ්නි නගරය දෙස බලන විට වයස්ගත ශ්‍රී ලාංකිකයින් විශාල ප්‍රමාණයක් සිටින අතර ඔවුන්ගෙන් ඇතැමෙකුට භාෂාමය බාධාවක් ඇති වීමට ඉඩ ඇතැයි වෛද්‍ය Selena පැවසුවාය.
Sri Lankan migrant mother and son died in NSW floods
Hemalathasolhyr Satchithanantham and her son Bramooth. Source: SBS

මිය ගිය මව සහ පුතා

ජීවිතක්ෂයට පත්වූ සචිතනාන්තම් මහත්මිය තම පුත්‍රයාගේ භාරකරු ලෙස සිටි අතර ඔහු රෝග ගණනාවකින් පීඩා විදිමින් සිටියේය..

මෙම මව සහ පුතා සඳුදා අතුරුදහන් වී ඇති අතර පසුව ඔවුන්ගේ සුදු Mazda 3 මෝටර් රථය Wentworthville හි ජලයෙන් යට වූ වැසි ජල ඇලක තිබියදී සොයා ගන්නා ලදී.

නිව් සවුත් වේල්ස් පොලිසිය ඒ පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ අතර අතුරුදහන් වූ යුවල සොයා ගැනීමට සඳුදා (07/03) පස්වරුවේ මහජන සහාය ඉල්ලා සිටියේය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


නමුත් ධාරානිපාත වර්ෂාව නිසා පසුදා වනතෙක් ඔවුන්ගේ  සිරුරු සොයා ගැනීමට අපොහොසත් වූ අතර අදාළ ඇළෙන් කිලෝමීටරයක් ​​පමණ පහළින් තිබියදී ඔවුන්ගේ සිරුරු සොයා ගැනීමට අඟහරුවාදා පොලිසිය සමත් විය.

මිය ගිය සචිතනාන්තම් මහත්මිය සිඩ්නි හි පිහිටි ඔස්ට්‍රේලියානු දෙමළ ප්‍රජා ගුවන් විදුලි නාලිකාවක (community Radio) නිවේදිකාවක් ලෙස ස්වේච්ඡාවෙන් වැඩ කටයුතු කළාය.
ඇය බොහෝ විට විශ්‍රාමික කීට විද්‍යාඥයෙකු සහ අදාළ නාලිකාවේ තවත් නිවේදකයකු ලෙස කටයුතු කරන ආචාර්ය වික්ටර් රාජකුලේන්ද්‍රන්ව ළඟින් ඇසුරු කළාය.

“ඇය ඉතා කරුණාවන්ත, මෘදු ලෙසින් කතා කරන කාන්තාවක්. හැමෝම ඇයට කැමති වූ අතර මේ මොහොතේ සියල්ලෝම කම්පනයට පත්ව සිටිනවා ” යනුවෙන් ආචාර්ය රාජකුලේන්ද්‍රන් SBS ප්‍රවෘත්ති අංශයට පැවසීය.

සචිතානන්තම් මහත්මිය බහුභාෂාවන් සහ ඉංග්‍රීසි කතා කරන අතර දෙමළ පසුබිමකින් පැමිණි ඇයගේ වයසේ බොහෝ වැඩිහිටියන්ට ඉංග්‍රීසි හොඳින් නොතේරෙන බව ද ආචාර්ය රාජකුලේන්ද්‍රන් සඳහන් කළේය.
Flooded Argyle Street at the Camden Bowling Club in Camden in Sydney on Tuesday 8 March 2022.
Flooded Argyle Street at the Camden Bowling Club in Camden in Sydney on Tuesday 8 March 2022. Source: AAP / Dean Lewis

බහු භාෂාවලින් අනතුරු ඇඟවීම් පණිවිඩ යැවීමෙන් මරණ වළක්වාගත හැකියි

බහු භාෂාවලින් හදිසි අනතුරු ඇඟවීම් පණිවිඩ යැවීම හරහා අනාගතයේදී මෙවැනි ස්වභාවික විපත්වලින් මරණ වළක්වා ගැනීමට උපකාරී වනු ඇතැයි සිඩ්නි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ෂෙල්ටන් පීරිස් පැවසීය.

හදිසි අවස්ථා වලදී, රජය විසින් ප්‍රධාන ධාරාවේ රූපවාහිනී නාලිකාවල විදේශ භාෂාවලින් මෙම අනතුරු ඇඟවීම් විකාශය කළ යුතු බවද ඔහු පැවසීය.

"මා දන්නා බොහෝ අය ඉංග්‍රීසි කතා නොකරන නිසා එවැනි අනතුරු ඇඟවීමේ තොරතුරු ඔවුන් වෙත ළඟා වීමට රුපවාහිනිය ඵලදායී මාර්ගයක් වනු ඇත" ලෙසද ඔහු පැවසීය.

ප්‍රජා නායකයින් සමඟ ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීමෙන් ගැටලුව විසඳිය හැකි බව වෛද්‍ය Selena විශ්වාස කරයි.

ඔස්ට්‍රේලියාවේ ගංවතුර සඳහා සූදානම් වීම සහ ඉන් බේරීම පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන මාර්ගෝපදේශ කියවීමට,



Share
Published 10 March 2022 3:53pm
Updated 12 August 2022 2:55pm
By Madhura Seneviratne, Akash Arora
Source: SBS News

Share this with family and friends