එන්නත් නොකළ කෝවිඩ් ආසාදිතයින්ගේ Medicare දීමනා ඉවත් කිරීමේ අදහසට අගමැති විරුද්ධ වෙයි (SBS සිංහල/වාර්තා)

ඕස්ට්‍රේලියානු රජය යටතේ එන්නත් ලබාගැනීමේදී තම කැමැත්ත අනුව කටයුතු කිරීමට ජනතාවට ඉඩ සලසන බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison පවසයි.

Australian Prime Minister Scott Morrison speaks to the media during press conference at Parliament House in Canberra, Thursday, October 28, 2021. (AAP Image/Lukas Coch) NO ARCHIVING

Australian Prime Minister Scott Morrison speaks to the media during press conference at Parliament House in Canberra. Source: AAP

Highlights

  • ජනතාව වැඩි වශයෙන් එන්නත් ලබාගැනීම අපේක්ෂා කරන බව අගමැති මොරිසන් පවසයි
  • කොවිඩ් එන්නත් ලබා නොගත් පිරිස සිය වෛද්‍ය ගෙවීම් කලයුතු බවට NSW හිටපු අග්‍රාමාත්‍ය Bob Carr පවසයි 
  • ඕස්ට්‍රේලියාවේ පවතින එන්නත් ප්‍රතිපත්තිය 

ජනතාව වැඩි වශයෙන් එන්නත් ලබාගැනීම අපේක්ෂා කරන බව අගමැති මොරිසන් පවසයි

COVID-19 ආසාදනය වූ එන්නත් නොකළ පුද්ගලයින්ගෙන් Medicare ප්‍රතිලාභ ඉවත් කිරීම සම්බන්ධයෙන් වන අදහස ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා බැහැර කොට තිබේ.

Seven Network වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ අප මේ වනවිට ජීවත් වන්නේ තම කැමැත්ත සඳහා ජනතාවට ඉඩ ලබාදෙන රටක වන බවයි.
එමෙන්ම ජනතාව වැඩි වශෙයන් එන්නත් ලබාගැනීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය උනන්දුවක් දක්වන නමුත් ඒ පිළිබඳව දැඩි ප්‍රවේශයක් අනුගමනය නොකරන බවත් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පවසයි.

කොවිඩ් එන්නත් ලබා නොගත් පිරිස සිය වෛද්‍ය ගෙවීම් කලයුතු බවට NSW හිටපු අග්‍රාමාත්‍ය Bob Carr පවසයි

කොවිඩ් එන්නත ලබා නොගත් ආසාදිතයින් හට රෝහල් ගතවීමෙන් අනතුරුව තම වෛද්‍ය ගෙවීම් සිදු කලයුතු බවට නිව් සවුත් වේල්ස් ප්‍රන්තයේ හිටපු අග්‍රාමාත්‍ය Bob Carr, twitter පණිවුඩයක් නිකුත් කිරීමෙන් අනතුරුව මෙම කරුණ පිළිබඳව වැඩි අවධානයක් යොමු විය.

සිංගප්පූරුව අනුගමනය කරන ලෙසත් එන්නත් නොකළ පුද්ගලයින් හට දැරීමට සිදුවන කිසිදු වෛද්‍ය හෝ රෝහල් ගෙවීම් නැවත නොගෙවන ලෙසත් එහි දක්වා තිබේ. එමෙන්ම ඔබේ අනුවණකම මත අනතුරු ඇඟවීම් නොසලකා හැරීමෙන් කොවිඩ් වෛරසය වැළඳීම නිසා ඔබට ගෙවීම් දැරීමට සිදුවන බවත් එහි සඳහන්.
දෙසැම්බර් මස 8 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ව කැමැත්ත මත කොවිඩ් එන්නත් ලබා නොගත් සිංගප්පුරු වැසියන් හට සිය වෛද්‍ය සහ රෝහල් වියදම් දැරීමට සිදු වේ.

මේ සම්බන්ධයෙන් සිංගප්පුරු සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් සිදු කල අතර එහි සඳහන් වූයේ එරට රෝහල් තුල දැඩි සත්කාරක ඒකක වල ප්‍රතිකාර ලබන පිරිසෙන් වැඩි ප්‍රතිශතයක් එන්නත් ලබා නොමැති පිරිස වන අතර එය සෞඛ්‍ය සේවා පද්ධතිය සඳහා දැඩි සෘණාත්මක බලපෑමක් සිදු කරන බවයි.
සිය twitter පණිවුඩය ඔස්සේ Bob Carr සිංගප්පුරු ප්‍රවේශය සඳහා දැඩි සහායක් ලබාදෙන අතර බොහෝ දෙනෙකුට මෙම වෛරසය මරණ දණ්ඩනයක් වනු ඇති බවද එහි සඳහන් කොට තිබේ.

එමෙන්ම කොවිඩ් එන්නත් ලබා නොගැනීමට පරිපුර්ණ අයිතියක් යම් පිරිසකට පැවතීම ඔස්සේ සෙසු පිරිසගේ ජීවිතය සහ සෞඛ්‍යය සම්බන්ධයෙන් වන අයිතිවාසිකම් උල්ලංඝනය වීම සිදුවන බවත් ඔහු සඳහන් කරයි.

නිව් සවුත් වේල්ස් හි හිටපු අග්‍රාමාත්‍ය Bob Carr තවදුරටත් සඳහන් කොට සිටින්නේ අප දුම්පානයෙන් තොර සේවා පරිසරයක් ඇතිකිරීම සහ බීමත්ව රිය පැදවීම තහනම් කිරීම සිදු කරන බැවින් මෙයද බලාත්මක කල යුතු බවයි.

ඕස්ට්‍රේලියාවේ පවතින එන්නත් ප්‍රතිපත්තිය

කෙසේ නමුත් මේ සඳහා ප්‍රතිචාර වශයෙන් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison සඳහන් කොට සිටින්නේ කොවිඩ් එන්නත් ලබාගැනීම සම්බන්ධයෙන් ගත් කල ප්‍රජාවගේ තෝරාගැනීමේ නිදහස සඳහා ඕස්ට්‍රේලියානු රජය ගරු කරන බවයි.
One of the last members of the public receives his booster Pfizer vaccine at Qudos Bank Arena Vaccination Centre before it close in Sydney, Sunday, November 7, 2021. (AAP Image/Mick Tsikas) NO ARCHIVING
One of the last member of the public receives his booster Pfizer vaccine at Qudos Bank Arena Source: AAP
එමෙන්ම මේ වනවිට ඕස්ට්‍රේලියානු රජයට අනිවාර්ය එන්නත් ප්‍රතිපත්තියක් නොමැති බවත් ඔහු පවසයි.

මේ හේතුවෙන් ජනතාව සිය කැමැත්ත සහ තෝරාගැනීම යටතේ එන්නත් ලබාගැනීමට පෙළඹීම ඕස්ට්‍රේලියානු රජයට අවශ්‍ය වන බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කොට සිටී.

වයස අවුරුදු 12 සහ ඊට වැඩි ඕස්ට්‍රේලියානුවන්ගෙන් පළමු එන්නත් මාත්‍රාව ලබා ඇති පිරිස 90%දක්වා ළඟා වෙමින් පවතින අතර සම්පුර්ණ එන්නත් ලද ප්‍රතිශතය 82%ක් වේ.

Share
Published 11 November 2021 8:51pm
Updated 12 August 2022 3:01pm
By Eden Gillespie, Nipuna Dodangoda
Source: SBS News


Share this with family and friends