කොවිඩ් ආසාදිතයින් ඉහල යාම හේතුවෙන් PCR පරීක්ෂණ සඳහා වැඩි පීඩනයක් එල්ල වීම පසුගියදා සිදු විය.මේ හේතුවෙන් මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි බොහොමයක් RAT හෙවත් rapid antigen පරීක්ෂණය භාවිත කිරීම සක්‍රීයව සිදු කරයි.
කෙසේ නමුත් විවිධ ප්‍රාන්ත සහ ටෙරිටරි වලින් දිනපතා වාර්තා වන ආසාදිතයින් සංක්‍යාව පිලිබඳව අදාළ ප්‍රාන්ත දැනුවත් වීම අවශ්‍ය වන අතර මේ හේතුවෙන් මෙම පරීක්ෂණය ඔස්සේ ධනාත්මක ප්‍රතිඵල ලැබෙන පිරිස ඒ පිළිබඳව තම සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වේ.
Highlights
- වික්ටෝරියා ප්‍රාන්තයේ තොරතුරු
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තොරතුරු
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ තොරතුරු
- ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ තොරතුරු
- දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ තොරතුරු
- නොදෙර්න් ටෙරිටරියේ තොරතුරු
- බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ තොරතුරු
- ටස්මෙනියාවේ තොරතුරු
මෙලෙස ධනාත්මක RAT ප්‍රතිඵල ලබාදෙන පිරිසටද PCR පරීක්ෂණ ඔස්සේ වෛරසයට ධනාත්මක වන පිරිස හට ලැබෙන සහායම හිමිවේ.
මෙම තත්වය ක්‍රමයෙන් වෙනස් වන නමුත්, මේ වනවිට ප්‍රාන්ත සහ ටෙරිටරි වල ධනාත්මක RAT පරීක්ෂණ සම්බන්ධයෙන් පවතින තත්වය පහත පරිදි වේ.
වික්ටෝරියා ප්‍රාන්තය
වික්ටෝරියා ප්‍රාන්තය PCR පරීක්ෂණ සහ RAT පරීක්ෂණ සඳහා එක ලෙස සැලකීම සිදු කරයි.
ජනවාරි මස 07 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ධනාත්මක RAT ප්‍රතිඵල ලැබෙන අයකු කොවිඩ් ආසාදිතයකු විය හැකි බවට සැලකෙන අතර එම පුද්ගලයා දින 7ක කාලයක් හුදකලා විය යුතුය. එමෙන්ම එම පුද්ගලයා ඇසුරු කල පිරිස පිළිබඳව බලධාරීන් දැනුවත් කල යුතු අතර PCR පරීක්ෂණයකින් ධනාත්මක වූ අයකුට පරිදිම සායනික සහ මූල්‍යමය ආධාර සැපයේ.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
වික්ටෝරියානු රජයේ වෙබ් අඩවියේ කොරෝනා වෛරසය පිළිබඳව වාර්තා කිරීමේ කොටසේ මේ පිළිබඳව වැඩි විස්තර ඇතුලත් වන අතර 1800 675 398 යන දුරකථන අංකයෙන් මේ සම්බන්ධයෙන් වාර්තා කල හැක.
ඕස්ට්‍රේලියානු COVID-19 අණදෙන නිලධාරි Jeroen Weimar සඳහන් කොට සිටින්නේ ක්ෂණික ඇමතුම් අංකය සහ පෝරමය මගින් රෝග ලක්ෂණ පරීක්ෂා කිරීමක් සිදුවන් බවයි. එමෙන්ම ඒ ඔස්සේ ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු සැලසෙන බවත් ඔහු පවසයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කොට සිටින්නේ එමගින් ප්‍රතිකාර ඉක්මනින් ලබාදීමට ඉඩ සැලසෙන බවයි.
එමෙන්ම දිනකට වාර්තා වන ආසාදිතයින් 50,000ක් පමණ සමඟ කටයුතු කිරීමට පද්ධතියට හැකියාව පවතින අතර අවශ්‍ය නම් එය වේගවත් කිරීමටද හැකියාව පවතී.

A health worker shows a positive result from a Rapid Antigen Test. Source: AAP
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය PCR පරීක්ෂණ සහ RAT පරීක්ෂණ සඳහා එක ලෙස සැලකීම සිදු කරයි.
එමෙන්ම ජනවාරි මස 12 වැනිදා සිට මෙම RAT පරීක්ෂණ මගින් ලැබෙන ධනාත්මක ප්‍රතිඵල, බලධාරීන් වෙත දැනුම් දීමද ප්‍රාන්ත රජය අනිවාර්ය කළේය.
මේ අනුව ජනවාරි මස 19 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, යමකු ධනාත්මක RAT ප්‍රතිඵලයක් සම්බන්ධයෙන් ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීම පැහැර හැරියහොත් එම පුද්ගලයා $1,000ක දඩයකට යටත් වේ.
ප්‍රාන්ත රජයේ online පෝරමය මගින් NSW නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වාසියන්ට ඔවුන්ගේ ධනාත්මක RAT ප්‍රතිඵල ලියාපදිංචි කල හැක.
මහජන සෞඛ්‍ය උපකාර සඳහා 1300 066 055 අමතන්න
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ rapid antigen tests for community යන වෙබ් පිටුවේ වැඩි විස්තර ඇතුලත් වේ.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය ජනවාරි 9 සිට සිය දෛනික අසාදිත සංක්‍යාවට RAT ප්‍රතිඵල ඇතුලත් කිරීම ඇරඹීය.
ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Annastacia Palaszczuk පවසන්නේ ඉදිරි සති හතර තුළ ක්වීන්ස්ලන්තය එහි විශාලතම පරීක්ෂණයට මුහුණ දෙනු ඇති බවයි.
ප්‍රාන්තයේ RAT පරීක්ෂණ මගින් ධනාත්මක ප්‍රතිඵල ලැබෙන පිරිස වහාම දින 7ක කාලයක් හුදකලා විය යුතු වේ.

Rapid antigen tests have become the norm in many places. Source: EPA
වැඩි විස්තර සඳහා ප්‍රාන්ත රජයේ First Steps If You Have COVID-19 යන වෙබ් පිටුවට පිවිසෙන්න.
ධනාත්මක RAT ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම් දීමට ප්‍රාන්ත රජයේ Rapid Antigen Test Registration වෙබ් පිටුවට පිවිසෙන්න. එසේත් නැතිනම් 134 268 අමතන්න.
ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය
ධනාත්මක RAT ප්‍රතිඵලයක් ඇති පුද්ගලයින්, ඔවුනට COVID-19 ඇති බව තහවුරු කිරීම සඳහා ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරි රජයේ පරීක්ෂණ සායනයක PCR පරීක්ෂණයක් කිරීමට තවදුරටත් අවශ්‍ය නොවේ.
ටෙරිටරි ප්‍රධාන අමාත්‍ය Andrew Barr සඳහන් කොට සිටින්නේ මෙය කොවිඩ් පරීක්ෂණ සිදුකල පිරිසට මෙන්ම පරීක්ෂණ සිදු කිරීමට බලාපොරොත්තු වන පිරිසට පහසුවක් වන බවයි.
එමන්ම Check In CBR App එක සඳහා ලියාපදිංචිව සිටින පිරිස මේ පිළිබඳව දැනුවත් කිරීමද සිදු වේ.
RAT පරීක්ෂණයෙන් ධනාත්මක වන පිරිසට ඒ පිළිබඳව දැන්වීම සඳහා ටෙරිටරි සෞඛ්‍ය බලධාරීන් covid19.act.gov.au/RAT-positive නමින් වෙබ් පිටුවක් සකස් කොට තිබේ.
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
දකුණු ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය වෙබ් අඩවියට අනුව, ධනාත්මක RAT ප්‍රතිඵලයක් ලබා දෙන ඕනෑම අයෙකු වහාම රෝග විනිශ්චය කිරීමේ COVID-19 PCR පරීක්ෂණයක් ලබා ගත යුතු වේ.
එමෙන්ම සෘණාත්මක PCR ප්‍රතිඵලයක් ලැබෙන තුරු නිරෝධායනය වීමද සිදු කල යුතුය.
RAT පරීක්ෂණ සිදු කරන සෑම අයකුම rapid antigen පරීක්ෂණ සම්බන්ධයෙන් online පෝරමය පිරවිය යුතුය.
නොදෙර්න් ටෙරිටරිය
නොදෙර්න් ටෙරිටරියේ RAT පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේ පෝරමයක් දියත් කොට තිබේ.
ටෙරිටරි සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව, RAT පරීක්ෂණයෙන් ධනාත්මක වන ඕනෑම අයෙකු වහාම හුදකලා විය යුතුය.
ධනාත්මක ප්‍රතිඵල සම්බන්ධයෙන් සිය නිවසේ පිරිසද දැනුවත් කලයුතු අතර ප්‍රාන්තයේ RAT ප්‍රකාශ කිරීමේ පෝරමය සම්පූර්ණ කළ යුතුය.

More than 1.5 million Australians come from non-English speaking backgrounds, but instructions for RATs are overwhelmingly in English. Source: Getty
එමෙන්ම COVID CareNT වැඩසටහනට ලියාපදිංචි වී COVID-19 PCR පරීක්ෂණයක් වෙන්කරවා ගත යුතු වේ.
බටහිර ඕස්ට්‍රේලියාව
බටහිර ඕස්ට්‍රේලියාව ජනවාරි මස 5 වැනිදා, RAT භාවිතය සඳහා වූ තහනම වහාම ඉවත් කරන බව නිවේදනය කළේය.
නමුත් ඒවා භාවිත කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ තවමත් සඳහන් කොට නොමැත.
බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත රජයේ වෙබ් පිටුවේ මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඇතුලත් වේ.
ටස්මෙනියාව
මේ වනවිට ටස්මෙනියාව කොවිඩ්-19 රෝග විනිශ්චය කිරීමේ මූලික ක්‍රමය ලෙස RAT ක්‍රමය භාවිත කරයි.
RAT මත ධනාත්මක බව පරීක්‍ෂා කරන පුද්ගලයින් COVID-19 ආසාදිතයකු ලෙස සලකනු ලබන අතර එම පුද්ගලයා ධනාත්මක PCR ආසාදිතයකුට සමාන අවශ්‍යතාවලට යටත් වන බව ටස්මේනියානු අග්‍රාමාත්‍ය Peter Gutwein පවසයි.
ධනාත්මක RAT ප්‍රතිඵල ලැබෙන පුද්ගලයින්, ඒ සම්බන්ධයෙන් ලියාපදිංචි කල යුතු අතර අනතුරුව ඔවුන්ට රැකවරණය සහ මූල්‍ය ආධාර වෙත ප්‍රවේශ වීමට හැකි වේ.
ටස්මේනියානු වැසියන් හට ඔවුන්ගේ ධනාත්මක RAT ප්‍රතිඵලය රජයේ online පෝරමයෙහි ලියාපදිංචි කළ හැක. නොමැතිනම් 1800 671 738 ඇමතිය හැක.
වැඩි විස්තර ටමේනියානු රජයේ වෙබ් පිටුවෙන් ලබාගත හැක.
කෙසේ නමුත්හ් RAT පරීක්ෂණ වෙත ප්‍රවේශ විය නොහැකි , ප්‍රතිඵලය අර්ථකථනය කිරීමේ ගැටලු ඇති හෝ PCR පරීක්ෂණයක් සඳහා සායනිකව යොමු කර ඇති පුද්ගලයින් සඳහා PCR පරීක්ෂණ පවතිනු ඇති බව ටස්මේනියානු අග්‍රාමාත්‍ය Peter Gutwein පවසයි.