ඔස්ට්‍රේලියාවේ partner visa හෙවත් සහකාර වීසා අයදුම්කරන්නන් තම වීසා බලපත්‍ර ලබාගැනීමට නම් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඉදරිපත් කරන ඉංග්‍රීසි භාෂාව පිළිබඳ නව අවශ්‍යතාවන් සැපිරිය යුතු බව පසුගිය අඟහරුවාදා (06/10) ඉදිරිපත් කළ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැයෙන් ප්‍රකාශයට පත් කෙරුණි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ partner visa වලට අදාළ එම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ නව අවශ්‍යතාවන් මේ වන විට ප්‍රකාශයට පත් කොට ඇත.

Australian Treasurer Josh Frydenberg speaks to the media during a press conference inside the Budget lockup. Source: AAP
Partner visa වලට අදාළ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ නව අවශ්‍යතාවන්
ඔස්ට්‍රේලියාවේ partner visa හෙවත් සහකාර වීසා අයදුම්කරන්නන් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඉදරිපත් කරන ඉංග්‍රීසි භාෂාව පිළිබඳ නව අවශ්‍යතාවන් සැපිරිය යුතුය.
ඒ අනුව අදාළ අයදුම්කරුවන් පැය 500 ක කාලයක් Adult Migrant English Program හෙවත් AMEP වැඩසටහනේ ඉංග්‍රීසි පන්ති වලට සහභාගී වී ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබිය යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු නොව ස්ථිර පදිංචිකරුවෙකු නම් අයදුම්කරුගේ ස්වාමි පුරුෂයා හෝ බිරිඳට ද (spouse) මෙම පරීක්ෂණය අදාළ වේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
මෙම නව නීතිය ලබන වසරේ මැද භාගයේ සිට අනාගත partner වීසා බලපත්‍ර අයදුම්පත් සඳහා අදාළ වන බව ඔස්ට්‍රේලියාවේ වැඩ බලන ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alan Tudge ABC පුවත් සේවයට පැවසීය.
ක්‍රියාකාරී මට්ටමේ ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට අදාළ අයදුම්කරුවන් සහ ඔවුන්ගේ අනුග්‍රාහකයන් අවම වශයෙන් ඉංග්‍රීසි ඉගෙනීම සඳහා සාධාරණ උත්සාහයක් ගත් බවට පෙන්විය යුතු බව ඔහු පැහැදිලි කළේය.
ඔස්ට්‍රේලියාවට ස්ථිරව පැමිණෙන සංක්‍රමණිකයින් හට Adult Migrant English Program යටතේ සීමාරහිතව ඉංග්‍රීසි භාෂාව නොමිලයේ ඉගෙනීමට හැකි වන පරිදි සංශෝධන ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් පසුගියදා සිදු කළේය.
Partner visa අදියර දෙකකින් සකසනු ලැබේ.
තාවකාලික Partner visa බලපත්‍රයක් මත අදාළ සහකරුවන්ට ඔස්ට්‍රේලියාවේ වසර දෙකක් පමණ ජීවත්වීමට අවසර ඇත.
අදාළ අයදුම්කරුවන් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කරන තෙක් මෙම නව ඉංග්‍රීසි භාෂා අවශ්‍යතාවය සපුරාලීමට අවශ්‍ය නොවනු ඇති බවද වැඩ බලන ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alan Tudge පැවසීය.
පසුගිය අඟහරුවාදා (06/10) ඉදිරිපත් කළ අය වැයට අනුව ඔස්ට්‍රේලියාවේ 2020-21 මූල්‍ය වර්ෂය උදෙසා පවුල් වීසා (Family visas) සඳහා වන කෝටාව 77,300 කට සීමා කෙරන නමුත් එයට partner visa ඛාණ්ඩයේ 72,300 ක කෝටාවක් ඇතුළත් වේ.
ඔස්ට්‍රේලියාවේ රැකියා කිරීමට,අධ්‍යාපනය ලැබීමට සහ ජීවත් වීමට ඉංග්‍රීසි භාෂාව නිවැරදිව පරිහරණය කිරීමට දැනගත යුතු බවත් එය අත්‍යවශ්‍ය සාධකයක් බවත් ඔස්ට්‍රේලියාවේ වැඩ බලන ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alan Tudge ABC පුවත් සේවයට පැවසීය.
Source: Getty Images
ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා බොහෝ කල් බලා සිටීමට සිදුවනු ඇති
මෙම නව ඉංග්‍රීසි භාෂා අවශ්‍යතාව සැලකිය යුතු ප්‍රතිපත්තිමය වෙනසක් බව සංක්‍රමණික නියෝජිතයෝ පවසති.
COVID-19 වසංගතය මගින් දැඩි ලෙස පීඩාවට පත් වූ යුවළ වෙත මෙය නිසැකවම විශාල පීඩනයක් එල්ල කරන බව සංක්‍රමණික නියෝජිත Andrew McAuley, ABC පුවත් සේවයට පැවසීය.
මේ හේතුවෙන් බොහෝ Partner visa අයදුම්කරුවන්ට ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා බොහෝ කාලයක් බලා සිටීමට සිදුවනු ඇති බව බොහෝ සංක්‍රමණික නියෝජිතයෝ පවසති.

Source: SBS Sinhala
Read & Watch More

ඔක්තෝබර් 08: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 11 ක්