ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 11 ක් වාර්තා වී ඇති අතර කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවෙයි.
ඒ අනුව අද (08/10) වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 809 ම රැදී ඇති අතර සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 897 කි.
ඒ සමග මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 9.7 ක් දක්වා තවදුරටත් පහත වැටී ඇත.
නමුත් පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වන ප්‍රභවය හඳුනා නොගත් ආසාදිතයින් 14 දෙනෙකු තවමත් ප්‍රාන්තයෙන් වාර්තා වන බවද සඳහන්.