මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ සහ වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල කොරෝනා නීති අද (19/10) සිට තවත් ලිහිල් වන්නේ මෙහෙමයි (SBS සිංහල/ වාර්තා)

Victorian Premier Daniel Andrews has announced further changes to the state's coronavirus restrictions.

Victorian Premier Daniel Andrews has announced further changes to the state's coronavirus restrictions. Source: AAP

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට සහ වික්ටෝරියානු ප්‍රාදේශීය කලාපයට පනවා තිබෙන ඇතැම් කොරෝනා නීති අද (19/10) සිට තවත් ලිහිල් කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය ඊයේ (18/10) තීරණය කළේය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


එලෙස ලිහිල් කළ කොරෝනා නීති අදාළ දින වකවානු සමග සැකෙවින් මෙසේ ඉදිරිපත් කරමු.
Victorian Premier Daniel Andrews addresses the media during a press conference in Melbourne, Sunday, October 18, 2020. Victoria has recorded two new cases of coronavirus and zero deaths in the past 24 hours. (AAP Image/James Ross) NO ARCHIVING
維州過去一天只錄得一宗新冠確診病例,同時並無任何死亡個案。 Source: AAP

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය - 2020 ඔක්තෝබර් 19 සිට

  • තම නිවසේ සිට කිලෝ මීටර් 5 ක් පමණක් බැහැරව යාමට තිබූ සීමාව කිලෝ මීටර් 25 තෙක් දීර්ග කර තිබේ.
  • එළිමහනේ ව්‍යායාම් කිරීමට හෝ සමාජ ශීලී හමු සඳහා කිසිදු කාල සීමාවක් නොමැත.
  • නිවෙස් දෙකකින් උපරිම පුද්ගලයින් 10 දෙනෙකු දක්වා පමණක් එළිමහනේ රැස් විය හැකිය.
  • අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ලබාගැනීමට, සෞඛ්‍ය සේවා ලබාගැනීමට, රැකියා කිරීමට හෝ අධ්‍යාපන කටයුතු සඳහා සහ ව්‍යායාම් කිරීමට යන හේතු හතර සඳහා පමණක් නිවසින් බැහැරව යාමට අවසර ලැබේ.
  • නිවසින් බැහැරව යාමේදී Face masks පැළඳීම තවමත් අනිවාර්ය වේ.
  • මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ වැසියන්ට තවමත් වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වලට සංචාරය කිරීමට අවසර නොමැත.
  • ගෘහස්ථ ක්‍රීඩා සඳහා අවසර නැත.

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


  • නිවෙස් දෙකකින් උපරිම පුද්ගලයින් 10 දෙනෙකු දක්වා පමණක් non-contact sport හෙවත් පුද්ගල ස්පර්ශය සිදු නොවන ක්‍රීඩා සඳහා සහභාගී විය හැකිය.
  • Tennis courts, skate parks, සහ golf clubs යළි විවෘත කෙරේ.
  • එක් වේලාවකදී උපරිම පුද්ගලයින් 30 දෙනෙකුට පමණක් ව්‍යායාම් සඳහා එළිමහන් පිහිණුම් තටාක විවෘත කළ හැකිය.
  • ගෘහස්ථ පිහිණුම් තටාක විවෘත කළ හැක්කේ සෞඛ්‍ය වෘත්තිකයෙකු සමඟ එක් පුද්ගලයෙකු සඳහා පමණක් පවත්වන ජල චිකිත්සක සැසි (hydrotherapy sessions) සඳහා පමණි.
  • එළිමහන් පොදු ක්‍රීඩා පිටි විවෘත කෙරේ.
  • එළිමහන් ආගමික උත්සව සඳහා ආගමික නායකයෙකු සමග පුද්ගලයන් පස් දෙනෙකු දක්වා අවසර ලැබේ.
  • දේවමෙභෙය පවත්වන්නා හැර විවාහ වන යුවළ ද ඇතුළුව උපරිම පුද්ගලයින් පස් දෙනෙකු දක්වා විවාහ මංගල උත්සව එළිමහනේ පැවැත්විය හැකිය.
  • සංවිධායකයින් සහ වයස මාස 12 ට අඩු ළදරුවන් හැර උපරිම පුද්ගලයින් 10 දෙනෙකුට අවමංගල උත්සව සඳහා සහභාගී විය හැකිය.

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ ව්‍යාපාර සඳහා ලිහිල් කළ කොරෝනා නීති

  • අවන්හල්, ආපන ශාලා takeaway සහ delivery සේවාවන් සඳහා පමණක් විවෘත කළ හැකිය.
  • කොණ්ඩා සැකසුම්කරුවන් සහ බාබර් සාප්පු විවෘත කළ හැකි නමුත් රූපලාවන්‍ය ය හා පුද්ගල සත්කාර සේවා (person care services) විවෘත කිරීමට අවසර නොමැත.
  • සංවිධායකයින් හැර තවත් පුද්ගලයින් 10 දෙනෙකු දක්වා උපරිමයකට යටත්ව නිවාස හා දේපළ වෙළෙඳාම් වෙන්දේසි එළිමහනේ සිදු කිරීමට අවසර ලැබේ.
  • අවසර ලත් ව්‍යාපාර හැරුණු විට අනෙක් සිල්ලර ව්‍යාපාර සහ වෙළෙඳ සැල් විවෘත කිරීමට අවසර නැත.

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය - 2020 නොවැම්බර් 02 වන දින සිට

නොවැම්බර් 01 වන දින රාත්‍රී 11:59 සිට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය සඳහා තවත් කොරෝනා නීති ලිහිල් කරන බව ඊයේ (18/10) වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews ප්‍රකාශ කළේය.

  • නිවසින් බැහැරව යාම සඳහා හේතු සහ සීමාවන් නොමැත.
  • සංචාරක තහනම් කලාප හරහා හැරුණුකොට ඕනෑම දුරක් ගමන් කළ හැකිය.
  • නිවසේ දමා යා නොහැකි යැපෙන්නන් ඇතුළුව උපරිම පුද්ගලයින් දෙදනෙකු හට තවත් නිවසකට දිනකදී එක් වතාවක් යා හැකිය.
  • නිවෙස් කිහිපයකින් පැමිණි උපරිම පුද්ගලයින් 10 දෙනෙකුට හෝ එකම නිවසකින් පැමිණෙන උපරිම පුද්ගලයින් 10 දෙනෙකු සඳහා එළිමහනේ රැස් විය හැකිය.
  • ගෘහස්ථ ක්‍රීඩා සඳහා අවසර නැත.
  • එළිමහන් ක්‍රීඩා සඳහා එක් නිවසක සිටින පුද්ගලයින්ට හෝ උපරිම පුද්ගලයින් 10 දෙනෙකුට සහභාගී විය හැකිය.
  • වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින්ට එළිමහන් ප්‍රජා ක්‍රීඩා සඳහා අවසර දී ඇති අතර, ප්‍රේක්ෂකයන්ට අවසර ඇත්තේ ළමයින් අධීක්ෂණය කිරීමට පමණි.
  • වැඩිහිටියන් සඳහා non-contact sport හෙවත් පුද්ගල ස්පර්ශය සිදු නොවන ක්‍රීඩා එළිමහනේදී කිරීමට අවසර ලැබෙන නමුත් සහභාගීවන්නන් මීටර් 1.5 පරතරය තබා ගත යුතුය.
  • පුහුණුකරු හැර උපරිම පුද්ගලයින් 10 දෙනෙකු සඳහා එළිමහනේ Personal training සඳහා අවසර ලැබේ.
  • පොදු, එළිමහන් ව්‍යායාම උපකරණ සහ ක්‍රීඩා පිටි විවෘත කෙරේ.
  • කාය වර්ධන මධ්‍යස්ථාන වලින් පහසුකම් සපයන යෝග්‍යතා හෝ නැටුම් පන්ති සඳහා පුහුණුකරු සමග උපරිම පුද්ගලයින් 10 දෙනෙකු දක්වා පමණක් එළිමහනේ පැවැත්වීමට අවසර ලැබේ.
  • කාය වර්ධන මධ්‍යස්ථාන තවමත් වසා ඇත.
  • එළිමහනේ ඇති පිහිණුම් තටාක උපරිම පුද්ගලයින් 50 දෙනෙකු සඳහා පමණක් විවෘත කිරීමට හැකියාව ලැබී ඇත.
  • එළිමහනේ ඇති Trampolining මධ්‍යස්ථාන විවෘත කිරීමට අවසර ලැබෙන අතර අභ්‍යන්තර Trampolining මධ්‍යස්ථාන තවමත් වසා දමා ඇත.
  • එළිමහන් ආගමික උත්සව සඳහා ආගමික නායකයෙකු සමග පුද්ගලයන් විසි දෙනෙකු දක්වා අවසර ලැබේ.
  • දේවමෙභෙය පවත්වන්නා හැර විවාහ වන යුවළ ද ඇතුළුව උපරිම පුද්ගලයින් දස දෙනෙකු දක්වා විවාහ මංගල උත්සව එළිමහනේ පැවැත්විය හැකිය.
  • සංවිධායකයින් සහ වයස මාස 12 ට අඩු ළදරුවන් හැර උපරිම පුද්ගලයින් විසි දෙනෙකුට අවමංගල උත්සව සඳහා සහභාගී විය හැකිය.
melbourne
Melbourne'da ev veya kayıtlı işyerinizden 25 kilometreye kadar uzaklaşabilirsiniz. Source: AAP

ව්‍යාපාර කටයුතු - 2020 නොවැම්බර් 02 දින සිට

  • ඇතුළත අසුන්ගෙන ආහාර පාන ගැනීම සඳහා Pubs, ආපනශාලා සහ අවන්හල් යළි විවෘත කළ හැකි අතර පුද්ගල දුරස්ථභාවය මත යැපෙමින් ඇතුළත ප්‍රදේශ වල අසුන්ගෙන ආහාර ගැනීම සඳහා උපරිම පුද්ගලයින් 10 දෙනෙකුටත්, තවත් පුද්ගලයින් 50 ක් දක්වා පිරිසකට එළිමහනේ අසුන්ගෙන ආහාර ගැනීම සඳහා ද අවසර ලැබේ.
  • සල්පිල් ඇතුළු වසා දමා ඇති සෙසු සියලුම වෙළෙඳසල් විවෘත කළ හැකිය.
  • රූපලාවන්‍යාගාර, පුද්ගලික සත්කාරක සේවා, පච්ච කොටන ස්ථාන සහ body waxing කරන ආයතන  යළි විවෘත කළ හැකි නමුත් face mask එකක් පැළඳිය යුතුය.
  • රංග ශාලා, සිනමා ශාලා, කලාගාර, කෞතුකාගාර, විනෝද උද්‍යාන, ගණිකා නිවාස සහ සත්වෝද්‍යාන තවදුරටත් වසා දැමේ.

වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප - 2020 ඔක්තෝබර් 19 සිට

  • නිවසේ දමා යා නොහැකි යැපෙන්නන් ඇතුළුව උපරිම පුද්ගලයින් දෙදනෙකු හට තවත් නිවසකට දිනකදී එක් වතාවක් යා හැකිය.
  • පුද්ගල දුරස්ථභාවය ක්‍රියාත්මක කරමින් Hospitality ක්ෂේත්‍රයේ ව්‍යාපාර සඳහා ඇතුළත ප්‍රදේශ වල අසුන්ගෙන ආහාර ගැනීමට උපරිම පුද්ගලයින් 40 දෙනෙකුටත්, පුද්ගලයින් 70 ක් දක්වා පිරිසකට එළිමහනේ අසුන්ගෙන ආහාර ගැනීම සඳහා ද අවසර ලැබේ.
  • උපරිම පුද්ගලයින් 20 දෙනෙකු උදෙසා පුස්තකාල යළි විවෘත කෙරේ.
  • එළිමහනේ ආගමික රැස්වීම් සඳහා සහභාගී විය හැකි උපරිම පිරිස 20 දක්වා ඉහළ දමා තිබේ.
  • වයස අවුරුදු 18 ට වඩා අඩු පුද්ගලයින් උපරිමය 20 ක් සඳහා ගෘහස්ථ පිහිණුම් තටාක විවෘත කළ හැකිය.
  • Face masks පැළඳීම අනිවාර්ය වේ.
how to where a mask
Source: SBS Sinhala

වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප - 2020 නොවැම්බර් 02 වන දින සිට

  • එළිමහනේ ආගමික රැස්වීම් සඳහා සහභාගී විය හැකි උපරිම පිරිස 50 දක්වා ඉහළ දැමේ.
  • වයස අවුරුදු 18 ට වඩා අඩු පුද්ගලයින් උපරිමය 20 ක් සඳහා නර්තන පංති වැනි පුද්ගලයින් ස්පර්ශ නොකරන ගෘහස්ථ ක්‍රීඩා වලට අවසර ලැබේ.

Share
Published 19 October 2020 1:10am
Updated 12 August 2022 3:16pm
By Maani Truu, Madhura Seneviratne


Share this with family and friends