මීට පෙර පුරෝකථනය කල සංක්‍යාවට වඩා වසර 2031 වන විට ඕස්ට්‍රේලියාව තුල පුද්ගලයින් මිලියන 1.7 ක් පමණ අඩුවීමක් දැකිය හැකි බව හෙළිව තිබේ. මෙය මේ වන විට පවතින කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවට වන දීර්ඝකාලීන බලපෑමක් වේ.
මෙය ඕස්ට්‍රේලියාවේ ජනගහන මට්ටම් කෙරෙහි COVID-19 හි බලපෑම පිළිබඳව සිදු කෙරෙන McCrindle Research හි නව ආකෘති නිර්මාණයට අනුව 2031 වසර වන විට පුද්ගලයින් 741,000 ක් පමණ අඩුව්වීමකි.
මෙම තත්වය ඕස්ට්‍රේලියාවේ නිවාස මිලගණන් සඳහා, පොදු ප්‍රවාහනය සඳහා පමණක් නොව ආර්ථිකය නගාසිටුවීමට, ඉදිකිරීම් අංශයට සහ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහාද දැඩි බලපෑම් එල්ල කරනු ඇත.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
පර්යේෂක Mark McCrindle සඳහන් කරන්නේ ඕස්ට්‍රේලියාවේ සියලුම යටිතල පහසුකම් ආයෝජන, ජනගහන වර්ධනය මත යැපෙන අතර උද්ගතවන තත්වය හමුවේ පොදු ප්‍රවාහන සේවය, නව පාලම් ඉදිකිරීම, මාර්ග සහ වරාය පහසුකම් සහ ගුවන්තොටුපොළවල් වැඩිදියුණු කිරීම් වැනි කටයුතු සඳහා ගැටලු මතුවන බවයි.
2020 වසරේ ඕස්ට්‍රේලියානු අයවැය මගින් ඔස්ට්‍රේලියාව තුල ශුද්ධ විදේශ සංක්‍රමණ එළිදැක්වූ අතර ඒ අනුව ජාත්‍යන්තර ගමන් සීමා හේතුවෙන් ඔස්ට්‍රේලියාවට මෙම වසරේදී පුද්ගලයින් 72,000ක් පමණ අහිමි වනු ඇතැයි පුරෝකථනය කෙරේ. මෙය දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ඔස්ට්‍රේලියාව තුල දැකිය හැකි පළමු විශාල ජනගහන අහිමි වීම ලෙස වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනය මෑත කාලයේදී ඕස්ට්‍රේලියානු ආර්ථිකයට වැඩි සහායක් සිදු කර ඇති අතර පසුගිය දශකය තුලදී සමස්ත ඕස්ට්‍රේලියානු ජනගහන වර්ධනයෙන් තුනෙන් දෙකක් පමණ සංක්‍රමණිකයින් වන බව වාර්තා වේ.
පසුගිය මුල්‍ය වර්ෂය තුලදී ඕස්ට්‍රේලියානු ජනගහනයට සංක්‍රමණිකයින් 232,100 ක් පමණ එක්ව ඇති අතර උපත් 142,700ක් ඔස්සේ සාමාන්‍ය ජනගහන වර්ධනයක් සිදුව තිබේ. කොරෝනා වෛරස ව්‍යාප්තියට පෙර, 2031 වසරේ ජුනි වන විට ඔස්ට්‍රේලියාව තුල ජනගහන වර්ධනය මිලියන 29.5ත් 31.2ත් අතර වැඩිවීමක් ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය අපේක්ෂා කළේය. නමුත් එම තත්වයේ වෙනසක් අවශ්‍ය බව පෙන්වා දෙන McCrindle Research හි නව ආකෘති නිර්මාණයන් සඳහන් කරන්නේ සාමාන්‍ය ජනගහන වර්ධනය ඒ අයුරෙන්ම තිබියදී සංක්‍රමණිකන්ගේ වර්ධනය පිළිබඳව අවධානය යොමු කල යුතු බවයි.

Source: Pixabay
ගෝලීය ආර්ථික තත්වය මත තාවකාලික නිපුණතා වීසා සහ උසස් අධ්‍යාපන වීසා 20% කින් පමණ අඩු වීමට ඉඩ පවතින අතර visiting සහ working holiday වීසා මත ඕස්ට්‍රේලියාවට පැමිණෙන්නන් සෑම තිදෙනකුගෙන්ම එක් අයකුගේ අඩු වීමක්ද සිදුවනු ඇති බව විශ්වාස කෙරේ. මෙම තත්වය යටතේ,මේ වන විට 2031 සඳහා ඕස්ට්‍රේලියාවේ ජනගහන පුරෝකථනය මිලියන 28.6 ක් වන අතර එය COVID-19 පූර්ව අනාවැකි වලට වඩා මිලියන 1.7 ක අඩුවීමකි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
මේ හේතුවෙන් ඉදිරි වසර කිහිපය තරමක් අපහසු වනු ඇති බව පර්යේෂක Mark McCrindle සඳහන් කරයි.
ඔස්ට්‍රේලියාව තුල සංක්‍රමණික සංක්‍යාව අඩු කිරීම සඳහා කාලයක පටන් උත්සාහයක නිරතවන ප්‍රසිද්ධ ව්‍යවසායකයෙකු වන Dick Smith, Sky News වෙත සඳහන් කොට ඇත්තේ මෙය ඕස්ට්‍රේලියාව තුල ජනගහන සැලැස්මක් නිර්මාණය කිරීම සඳහා කදිම අවස්ථාවක් වන බවයි. එමෙන්ම වසරකට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන 200,000 ක් පමණ වන පිරිස 75,000 දක්වා අඩු කල යුතු බවද ඔහු සඳහන් කොට තිබේ.
කෙසේ නමුත්, සංක්‍රමණිකයින් සිටින රටක් වශයෙන් ඕස්ට්‍රේලියානුවන්ට සාමාන්‍යයෙන් සංක්‍රමණ පිළිබඳ යහපත් මතයක් පවතින බව පර්යේෂක Mark McCrindle පවසා තිබේ.

Source: SBS Radio