කොරෝනා වයිරසයෙන් බේරීමට මුව ආවරණ (face masks) පැළඳිය යුතු බවට මතයක් ලොව පුරා විශාල වශයෙන් පැතිර යමින් පවතී.
ඔස්ට්‍රේලියවද මේ වන විට කොරෝනා නීති ලිහිල් කරමින් සිටින නිසා ජනතාව නැවතත් බාහිර සමාජයට විශාල වශයෙන් පැමිණීම ආරම්භ වී තිබේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
එනිසාම ඔස්ට්‍රේලියාවේ ජනයාත් මුව වැසුම් පැළඳීම අනිවාර්යෙන් සිදු කළ යුතුද යන ගැටළුව නැවතත් මතුවෙමින් පවතී.

Source: AAP
ලොව අන් රටවල තත්ත්වය
පසුගිය අඟහරුවාදා සිට ප්‍රංශයේ සියලුම පාසල් වල සහ පොදු ප්රවහාන සේවා භාවිත කිරීමේදී මුව ආවරණ අනිවාර්යෙන් පැළඳිය යුතු බවට නීතියක් ප්‍රංශ රජය පනවන ලදී.
කොරෝනා වයිරසය හේතුවෙන් ප්‍රංශයේ 26,000 ක් පමණ මරණ සිදුවීමෙන් අනතුරුව එරට කොරෝනා නීති ලිහිල් කිරීමත් සමග නැවත දෙවැනි රැල්ලක් ඇතිවේ යයි බියෙන් පසුවෙයි.
මේ අතර බාහිර සමාජයට පිවිසේනම් මුව ආවරණ අනිවාර්යෙන් පැළඳිය යුතු බවට ජර්මනිය, වියට්නාමය, ඊශ්‍රායලය ද සිය ජනයාට පවසා තිබේ.
එමෙන්ම පුද්ගල දුරස්ථභාවය තබාගැනීමට අපහසු ස්ථාන වලදී මුව ආවරණ අනිවාර්යෙන් පැළඳිය යුතු බවට එක්සත් රාජධානිය සිය වැසියන්ට දැනුම් දී ඇත.
මුව ආවරණ නොමැතිනම් තම පරණ t-shirt එකකින් ඒවා නිර්මාණය කරගන්නා අයුරුද එක්සත් රාජධානිය සිය වැසියන්ට පෙන්වා දේ තිබේ.

Directions published by the United Kingdom government on how to make a face mask from an old t-shirt. Source: UK Government
ඔස්ට්‍රේලියාවේ තත්ත්වය
ඔබ සෞඛ්‍ය සම්පන්න නම් මුව ආවරණ අනිවාර්යෙන් පැළඳිම අනවශ්‍ය බවට ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය සේවා තවමත් පවසයි.
එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය පිළිවෙත් වලට අනුව පවසන ලද්දක් වන නමුත් ඔස්ට්‍රේලියාවේ මේ වන විට වෙනස් වෙමින් පවතින සමාජ තත්ත්වය තුළ ඒ පිළිබඳ නැවත සිතා බැලිය යුතු බවට දැන් ඔස්ට්‍රේලියානු උපදේශකයෝ පවසති.
ඒ අනුව පුද්ගල දුරස්ථභාවය තබාගැනීමට අපහසු ස්ථාන ලෙස සැලකෙන පොදු ප්‍රවාහන සේවා වලදී සහ ඇතැම් සේවා ස්ථාන වලදී මුව ආවරණ පැළඳිම පිළිබඳ අවධානය යොමු කළ යුතු බවට කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහාවූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්ය බලකායට ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය උපදේශකයෝ පවසා ඇත.
ඔස්ට්‍රේලියානුවන් නැවතත් තම සුපුරුදු ජීවන රටාවට පිවිසීමට උත්සහදරන මෙම අවස්ථාවේදී මුව ආවරණ පැළඳීම පිළිබඳ අවධානය යොමු කිරීම වඩාත් යෝග්‍ය බව නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ වසංගත අධ්‍යයනය පිළිබඳ මහාචාර්ය Mary-Louise McLaws, SBS පුවත් සේවයට පැවසුවාය.
ඒ අනුව සෞඛ්‍ය ශ්‍රේණියේ නොවන මුව ආවරණ ඔස්ට්‍රේලියාවේ පොදු ප්‍රවාහන සේවාවන් භාවිත කරන පුද්ගලයින් භාවිත කිරීම වඩාත් යෝග්‍ය බව ඇය පෙන්වා දෙයි.

Source: SBS Sinhala