කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථික පීඩාවට පත් ඔස්ට්‍රේලියානුවන්ට ලබා දුන් JobKeeper වැටුප් සහන දීමනාව නුදුරේදීම නැවැත්වීමට හෝ කාලයත් සමග සංශෝධනය කිරීමට හෝ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සිය අවධානය යොමුකර තිබේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
කොරෝනා වසංගතය හේතුවෙන් අක්‍රිය කර තිබෙන සමස්ත ඔස්ට්‍රේලියාවම යළි විවෘත කිරීමට සැලසුම ප්‍රකාශයට පත් කිරීමත් සමග මෙම පියවර ගැනීමට මධ්‍යම රජය පෙළඹී ඇතැයි වාර්තා වේ.

Source: Australian Government
JobKeeper වැටුප් සහන දීමනාව නවත්වනවාද?
ව්‍යාපාරයේ විශාලත්වය හෝ සේවකයින් අර්ධ කාලීන ද අනියම්ද කියන වග හෝ ඔවුන් මීට පෙර කොපමණ මුදලක් උපයා ඇතිද යන වග හෝ නොසලකා JobKeeper වැටුප් සහන දීමනාව නැවැත්වීමට හෝ කාලයත් සමග සංශෝධනය කිරීමට හෝ අදාළ විකල්ප පිළිබඳ අවධානය යොමු කිරීමට මධ්‍යම රජය සූදානම් වන බව news.com වෙබ් අඩවිය වාර්තා කරයි.
JobKeeper වැටුප් සහන දීමනාව ලැබීමට සුදුසු ඔස්ට්‍රේලියානුවන් හට එහි ප්‍රථම දීමනාව ලැබී මේ වන විට ගතව ඇත්තේ දින කිහිපයක් පමණි.
මෙම JobKeeper වැටුප් සහන දීමනා පැකේජය සඳහා ඩොලර් බිලියන 130 ක් වැයවනු ඇතැයි ඇස්තමේන්තු ගත කර ඇති නමුත් ඒ සඳහා දැන් වැයවන්නේ ඩොලර් බිලියන 110 ක් පමණ බවද පැවසේ.
මෙය මුලින්ම නිර්මාණය කරන ලද්දේ සේවකයින් මිලියන 6 ක් පමණ ආවරණය කිරීම සඳහා වන නමුත් මේ වන විට එම ප්‍රමාණය මිලියන 5 ක් පමණ වීම ඊට හේතුව වේ.
එක් සේවකයෙකු සඳහා මෙහිදී $19,500 ක මුදලක් වැයවන බවද ගණන් බලා තිබේ.
ඔස්ට්‍රේලියාව යළි විවෘත කිරීමේ පියවර තුනකින් යුත් ප්‍රධාන සැලසුම පසුගිය සිකුරාදා (08/05) එළිදැක්වීමත් සමග කොරෝනා නීති ලිහිල් කිරීමට පටන් ගෙන තිබේ.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි රජයන් තම ප්‍රාන්ත වලට අනුව විවිධ අදියර වලදී එම නීති ලිහිල් කරනු ඇත.
ඒවා බොහොමයක් මේ සතියේදී ආරම්භ කෙරේ.
මෙවන් පසුබිමක සෑම සමාගමකටම හෝ ව්‍යාපාරයකටම සම්බන්ධ සේවකයින් හට මෙම JobKeeper වැටුප් සහන දීමනාව ලබා දිය යුතුද යන ගැටළුව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය හමුවේ දැන් පවතී.

JobKeeper payment今起停发 Source: Getty Images
JobKeeper වැටුප් සහන දීමනාව
මෙම JobKeeper වැටුප් සහන දීමනාව යටතේ ඒ සඳහා සුදුසුකම් ලැබූ ඔස්ට්‍රේලියානු සේවකයින් හට සහ ඒක පුද්ගල ව්‍යාපාරිකයින්ට දෙසතියකට වරක් $1500 ක මුදලක් ලැබේ.
මෙය 2020 සැප්තැම්බර් 27 දක්වා ලබා දීමට මධ්‍යම රජය තීරණය කළ බව මුලින්ම ප්‍රකාශ කළේය.
මේ සඳහා අදාළ සමාගම් සහ ව්‍යාපාර ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ ලියා පදිංචි විය යුතු අතර ඊට අදාළ මුදල් සෘජුවම එම සමාගම් සහ ව්‍යාපාර වලට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් ලබා දෙයි.
ඉන් අනතුරුව එම සමාගම් සහ ව්‍යාපාර තම සේවකයින් හට $1500 දීමනාව ලබාදීමට කටයුතු කළ යුතුය.
ඒ අනුව මේ සඳහා මේ වන විට සමාගම් සහ ව්‍යාපාර768,000 පමණ ලියා පදිංචි වී ඇතැයි වාර්තා වන අතර ඉන් 40% ක්ම ඒක පුද්ගල ව්‍යාපාරිකයින් බව සඳහන්.
මෙම JobKeeper වැටුප් සහන දීමනාව ලබාගැනීමට සුදුසුකම් ලැබීමට නම් ඔවුන් ඔස්ට්‍රේලියානු පුරවැසියන් හෝ ස්ථිර පදිංචිකරුවන් හෝ නවසීලන්ත පුරවැසියන් හෝ විය යුතුය.

JobKepper finaliza el 31 de marzo Source: AAP
විකල්ප
මෙම JobKeeper වැටුප් සහන දීමනාව යටතේ තමන් සේවය කරන පැය ගණන කුමක් වුවද අර්ධ කාලීන සේවකයින්ටද මාස 12කට වැඩි කාලයක් එකම සේවා යෝජකයා වෙත සේවය කළ අනියම් සේවකයින්ටද පූර්ණ කාලීන සේවකයින්ට ද ඩොලර් 1500 ක ස්ථාවර දීමනාවක් ලබාදේ.
කෙසේවෙතත්, පූර්ණ කාලීන සේවකයින්ට සාපේක්ෂව මෙහිදී අර්ධ කාලීන සේවකයින්ට සහ සුදුසුකම් ලැබූ අනියම් සේවකයින්ට වැඩිපුර මුදලක් ලැබේ.
පළමු විකල්පය යටතේ අර්ධ කාලීන සේවකයින්ට සහ සුදුසුකම් ලැබූ අනියම් සේවකයින්ට තමන්ගේ සේවා පැය ගණනට පමණක් ගෙවීමට අවධානය යොමුව ඇත.
ඉන් ඉතිරිවන මුදල JobKeeper වැටුප් සහන දීමනාව ලැබීමට සුදුසුකම් නොලැබූ අනියම් සේවකයින්ට ලබාදීමට අදාළ ව්‍යාපාර හා සමාගම් වලට අවසර දීමට රජය අවධානය යොමු කරමින් සිටී.
දෙසතියකට වරක් $1500 ක් ගෙවනවා වෙනුවට සේවක වැටුපෙන් 80% ක් පමණක් ගෙවීමට අදාළ සැලසුමක් දියත් කිරීම දෙවැනි විකල්පය ලෙස වාර්තා වේ.
කෙසේවෙතත්, මෙම JobKeeper වැටුප් සහන දීමනාව පිළිබඳ සමාලෝචනයක් භාණ්ඩාගාරය විසින් ඉදිරි සති කිහිපය තුළදී සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ.

Source: SBS Sinhala