මෙල්බර්න් නගර සභා 31 කටත් Mitchell Shire කලාපයටත් 3 වන මට්ටමේ කොරෝනා නීති යළි පනවා ඊයේ දිනයට (22/07) සති දෙකක් පිරෙයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
නමුත් මේ වන විටත් මෙල්බර්න් කලාපයේ යළි හිස එසවූ කොරෝනා දෙවැනි රැල්ල අඩුවන අයුරක් තවමත් පෙනෙන්නට නොපෙනේ.
ඒ ඇයිදැයි මේ වන විට බොහෝදෙනා හට ඇති විශාල ගැටළුවකි.

Source: AAP
වික්ටෝරියානු ප්‍රාන්තයේ වත්මන් තත්ත්වය
ජූලි 21 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 484 ක් හමුවූ බව වාර්තා වූ බව ඊයේ වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.
කොරෝනා වසංගතය ආරම්භයේ පටන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයකින් දෛනිකව හමුවූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලෙසද මෙය සටහන් වේ.
එමෙන්ම තවත් කොරෝනා මරණ දෙකක් ද ඒ සමග වාර්තා විය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්තයෙන් මේ වන විට වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 42 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ත ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 126 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
දෛනික ආසාදිතයින් සංඛ්‍යාවේ යම් ස්ථාවරත්වයක් පෙන්නුම් කරන නමුත් අපි කැමති පරිදි එම සංඛ්‍යා පහළට නොඑන බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews ඊයේ (22/07) පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.
Lockdown කිරීමෙන් ඵලක් නැතිද?
මෙල්බර්න් හි දෙවැනි කොරෝනා රැල්ල පළමු රැල්ලට වඩා බොහෝ වෙනස් වීම නිසා මෙලෙස වර්තමානයේ මෙල්බර්න් නුවර ආශ්රිත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ නගිමින් පවතින බව මෙල්බර්න් විශ්ව විශ්ව විද්‍යාලයේ වසංගත රෝග පිළිබඳ විද්‍යාඥ මහාචාර්ය John Mathews, SBS පුවත් සේවයට පැවසුවේය.
"පළමු රැල්ලේදී අප හොඳින්ම දැන සිටියා ආසාදිතයින් පැමිණෙන්නේ විදේශයන්හි සංචාරය කළ පිරිස් ගුවන් තොටුපොලින් හෝ කෘස් නෞකා මගින් ගොඩ බැසීමෙන් කියා. ඒ අනුව අපට එය පාලනය කරගැනීමට ඉතා පහසුවෙන් හැකි වුණා. නමුත් දැන් තත්ත්වය ඊට වඩා වෙනස්. ප්‍රජාව අතර පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය වීම (community transmission) මේ වන විට විශාල ලෙස දකින්නට පුළුවන්" යනුවෙන් මහාචාර්ය John Mathews පැවසුවේය.
මෙවැනි අවස්ථාවකදී contact tracing හෙවත් ආසාදිතයා සමග සමීපව ගැවසුණු පුද්ගලයින් සොයා යාම ඉතා අපහසු බවද ඔහු පැහැදිලි කළේය.
කොරෝනා පරීක්ෂණ වල ගැටළු
වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් සිදුකරන ලද වැරදි ක්‍රියා හේතුවෙන් කොරෝනා වයිරසය ඉහළ මට්ටමින් ප්‍රජාව අතර සම්ප්‍රේෂණය වී ඇති බව මෙල්බර්න් විශ්ව විශ්ව විද්‍යාලයේ වසංගත රෝග පිළිබඳ විද්‍යාඥ මහාචාර්ය John Mathews, SBS පුවත් සේවයට පැවසුවේය.
ජූලි 7 සිට 21 දක්වා කාලය තුළ වාර්තා වූ ධනාත්මක සිද්ධීන් 3,810 න් 53% ක්ම COVID-19 පරීක්ෂණය සිදු කර ප්‍රතිපල ලබා ගැනීම අතර කාලය තුළ ස්වයං හුදෙකලා නොවූ බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.
එමෙන්ම ඉහත කණ්ඩායමෙන්ම සෑම 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුම තමන්ට කොරෝනා රෝග ලක්ෂණ පෙන්වූ විටත් COVID-19 පරීක්ෂණය සිදුකරගැනීමට පෙර ස්වයං නිරෝධායනය නොවූ බව ද ප්‍රාන්ත අගමැතිවරයා පෙන්වා දුන්නේය.
ප්‍රාන්ත රජයට අධික කාර්ය භාරයක් තිබුණද, කොරෝනා පරීක්ෂාව අතරතුර පවතින “සන්නිවේදන දුෂ්කරතා” සඳහා විසඳුම් සෙවිය යුතු බව මහාචාර්ය John Mathews පෙන්වා දුන්නේය.
"ජනතාව බලාපොරොත්තු වූ තරම් ඉක්මනින් පරීක්ෂණ ප්‍රතිඵල ගැන අසන්නේ නැහැ, ඔවුන් කළ යුත්තේ කුමක්දැයි ඔවුන්ට හරියටම විශ්වාස නැහැ." යනුවෙන්ද ඔහු පැහැදිලි කළේය.

COVID-19 testing in Broadmeadows. Source: AAP
Lockdown නීති තවත් දැඩි කළ යුතුද?
මේ වන විට පවතින 3 වන මට්ටමේ කොරෝනා නීති හෙවත් lockdown නීති යටතේ මෙල්බර්න් වැසියන්ට තම නිවසින් බැහැරව යාමට අවසර ඇත්තේ රැකියා හෝ අධ්‍යාපන කටයුතු වලට, සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට, ආහාර පාන හා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට ගැනීමට මෙන්ම ව්‍යායාම් කිරීමට පමණි.
මෙහිදී “අත්‍යවශ්‍ය සේවා” යන්නෙහි අර්ථ දැක්වීම පුළුල්ව පවතින අතර එය තීරණය කිරීම පුද්ගලයන්ටම බාරදී ඇති හෙයින්, බොහෝ මෙල්බර්න් වැසියන් තවමත් ඔවුන්ගේ සේවා ස්ථාන වෙත යයි.
ඊට අමතරව ජූලි 13 සිට මෙල්බර්න් නුවර 11 සහ 12 වසර වල සිසුන් ද තම පාසල් වලට යා යුතුය.
මෙල්බර්න් කලාපය වටා සැලකිය යුතු ජනතාවක් අඛණ්ඩව ගමන් කරන බව මෙයින් පෙනී යයි.
මෙල්බර්න් කලාපය නැවත lockdown කිරීම පිළිබඳ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ Kirby ආයතනයේ ජෛව ආරක්ෂණය පිළිබඳ වැඩසටහනේ ප්‍රධානී මහාචාර්ය Raina MacIntyre, SBS පුවත් වෙත අදහස් දක්වා සිටියාය.
"ඔවුන් කුමක් කළත් එය ක්‍රියාත්මක වී නැත, ආසාදිතයින්ගේ සංඛ්‍යාව ක්‍රමිකව පහත වැටිය යුතු නමුත් එය එලෙස සිදුවනවා පෙනෙන්නට නැත" යනුවෙන් ඇය පැහැදිලි කළාය.
ආසාදිතයින්ගේ සංඛ්‍යාව වර්ධනයට කාරණා දෙකක් මත දොස් පැවරිය හැකි බව ඇය පැවසුවාය.
මිනිසුන් කොරෝනා නීති වලට අනුකූල නොවන ලෙස වැඩ කරන අතර ඕනෑවට වඩා සමාජ ක්‍රියාකාරකම් තවමත් සිදුවෙමින් පැවතීම එක් හේතුවක් ලෙස ඇය දක්වයි.

A tram passenger wearing a mask in Melbourne. Source: AAP
මීට පෙර අනාවරණය නොවූ තවත් වයිරස සම්ප්‍රේෂණ රාශියක් තිබුණු බව අනෙක් හේතුව බව ඇය පෙන්වා දෙයි.
"මෙම අවස්ථාවේදී, වික්ටෝරියානු ප්‍රාන්ත රජය සැබවින්ම 4 වන මට්ටමේ කොරෝනා නීති හෙවත් 4 වන මට්ටමේ lockdown කිරීම දෙස බැලිය යුතුය. එය තරමක් හදිසි ය" යනුවෙන් මහාචාර්ය Raina MacIntyre, SBS පුවත් වෙත අදහස් දක්වා සිටියාය.
ඕස්ට්‍රේලියාවේ 4 වන මට්ටමේ lockdown කිරීම කෙබඳු වනු ඇත්ද යන්න පිළිබඳ නිල තොරතුරු මේ වන විට ප්‍රකාශයට පත් කර නැති නමුත් එය නවසීලන්තය සිදුකළ lockdown කිරීමට බොහෝ දුරට සමාන විය හැකි බව විශේෂඥයෝ SBS පුවත් වෙත පැවසුහ.

Source: SBS Sinhala