කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථික පීඩාවට පත්ව සිටින ඔස්ට්‍රේලියානුවන්ට ලබා දෙන JobKeeper සහ JobSeeker දීමනා සැප්තැම්බර් මාසයෙන් එහාටත් ලබා දෙන බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
නමුත් සැප්තැම්බර් වලින් පසුව එම දීමනා ලබා දීමේ වෙනස්කම් කිහිපයක් කිරීමටද මධ්‍යම රජය අපේක්ෂා කරයි.

JobKepper finaliza el 31 de marzo Source: AAP
JobKeeper සහ JobSeeker දීමනා සැප්තැම්බර් මාසයෙන් එහාටත්
JobKeeper සහ JobSeeker දීමනා ලබා දීම එළඹෙන සැප්තැම්බර් 27 වන දිනෙන් අවසන් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබුණි.
නමුත් වෙනස්කම් කිහිපයක් සමගින් එය සැප්තැම්බර් මාසයෙන් පසුව මේ වසර අග දක්වා ලබා දීමට මධ්‍යම රජය තීරණය කර තිබේ.
අග්‍රාමත්‍ය Scott Morrison අද (21/07) මධ්‍යහනයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී සැප්තැම්බර් මාසයෙන් පසුව ලබාදීමට අපේක්ෂිත JobKeeper සහ JobSeeker දීමනා වල සංශෝධන පිළිබඳ පහත සඳහන් තොරතුරු ඉදිරිපත් කළේය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
JobSeeker සංශෝධන
මේ වන විට JobSeeker දීමනාව හරහා $550 ක් ලැබෙන නමුත් එය මේ වසර අග දක්වා $250 තෙක් අඩු කර ඇත.
එමෙන්ම එය ලබාගැනීමට අවශ්‍ය වන දෙසතියක අවම ආදායම $300 දක්වා ඉහළ දම තිබේ.
Mutual obligation කොන්දේසිය අගෝස්තු 4 වන දින සිට නැවත ආරම්භ වන අතර JobSeeker ලබන පුද්ගලයින් මසකට රැකියා සෙවීම් හතරක්වත් අවම වශයෙන් සිදු කිරීමට අවශ්‍ය වේ.
එමෙන්ම JobSeeker දීමනාව මේ වසර අගවන විට අවසන් කිරීමට ද මධ්‍යම රජය අපේක්ෂා කරන බවත් ඒ පිළිබඳව ඔක්තෝබර් මාසයේ ගෙන ඒමට නියමිත 2020/21 අය වැයේදී ප්‍රකාශ කරන බවත් අගමැති මොරිසන් පැවසීය.

Source: AAP
JobKeeper සංශෝධන
මේ වන විට දෙසතියකට වරක් $1,500 ක් ලෙස ලබාදෙන JobKeeper දීමනාව සැප්තැම්බර් මාසයෙන් පසුව මේ වසර අග දක්වා $1,200 ක් දක්වා අඩු කිරීමට තීරණය කෙරේ.
නමුත් එම $1,200 මුදල ලැබෙනුයේ පූර්ණ කාලීන සේවකයින්ට පමණි.
සතියකට පැය 20 කට වඩා අඩුවෙන් සේවය කරන පුද්ගලයින්ට දෙසතියකට වරක් $750 ක මුදලක් සැප්තැම්බර් මාසයෙන් පසුව මේ වසර අග දක්වා ලැබෙනු ඇත.
එමෙන්ම මෙය ඊළඟ වසරේ මාර්තු කාර්තුවේදී පූර්ණ කාලීන සේවකයින් සඳහා $1,000 ක් ලෙසද සතියකට පැය 20 කට වඩා අඩුවෙන් සේවය කරන පුද්ගලයින්ට $650 ක් ලෙසද තවත් අඩු කිරීමට මධ්‍යම රජය අපේක්ෂා කරයි.
කොරෝනා වසංගතය මධ්‍යයේ මධ්‍යම රජය විසින් ලබාදෙන ආදායම් සහන පැකේජයන් පිළිබඳ භාණ්ඩාගාරය සිදුකළ සමාලෝචනයෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

Prime Minister Scott Morrison Source: AAP
JobKeeper සඳහා සමාගම් සහ ව්‍යාපාර නැවත සුදුසුකම් ලැබිය යුතුයි
මේ වන විට JobKeeper සඳහා සුදුසුකම් ලබා ඇති සමාගම් සහ ව්‍යාපාර සැප්තැම්බර් මාසයෙන් පසුවද එය ලබා ගැනීමට නම් එයට නැවත සුදුසුකම් ලැබිය යුතු බව මධ්‍යම රජය පවසයි.
එහිදී කොරෝනා වසංගතය නිසා ඔවුන්ගේ පිරිවැටුම දී ඇති අගයට වඩා පහත වැටී ඇති අයුරු සනාථ කළ යුතු බවත් එසේ නොවන සමාගම් සහ ව්‍යාපාර JobKeeper සඳහා නැවත සුදුසුකම් නොලබන බවත් සඳහන්.
පැරණි නිර්ණායක යටතේ සමාගම් සහ ව්‍යාපාර වල පිරිවැටුම 30% කින් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකින් හෝ පහත වැටී තිබුණහොත් JobKeeper සඳහා සුදුසුකම් ලබයි.
මෙම ආර්ථික දීමනා හා සම්බන්ධ ඉහළ ගෙවීම් හරහා “විකෘති කිරීම්” නිර්මාණය කර ඇති නමුත් රැකියා අහිමිවීමේ ප්‍රමාණය නිසා එය අවශ්‍ය බව මුල්‍ය අමාත්‍ය Mathias Cormann පැවසුවේය.
"මෙම සහයෝගය අවශ්‍යයි, අපි එය තව දුරටත් ලබා දෙනවා, නමුත් මෙය අපට අඛණ්ඩව කළ හැකි දෙයක් නොවේ" යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.

Source: SBS Sinhala
Read & Watch More

T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ලබන වසරට කල් දමයි