ගතවූ පැය 24 ක කාලය තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 484 ක් හමුවූ බව වාර්තා වේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
කොරෝනා වසංගතය ආරම්භයේ පටන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයකින් දෛනිකව හමුවූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලෙසද මෙය සටහන් වේ.

Victorian Premier Daniel Andrews. Source: AAP
ආසාදිතයින් 484 ක් සහ මරණ 2 ක්
වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 484 ක් තහවුරු වූ අතර කොරෝනා මරණ දෙකක් ද වාර්තා විය.
වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන වල සිටි වයස අවුරුදු 90 පසුවූ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බව සඳහන්.
ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්තයෙන් මේ වන විට වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 42 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ත ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 126 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මීට පෙර එක් දිනයකදී වාර්තා වූ ඉහළම ආසාදිතයින් සඳහා වූ ජාතික වාර්තාව මාර්තු 28 වන දින වාර්තා විය.
එය 469 ක් වූ අතර එයට සියලු ප්‍රාන්ත සහ ප්‍රදේශ වලින් දත්ත ඇතුළත් විය.
කොරෝනා රෝග ලක්ෂණ පෙන්වූ විටත් බහුතරයක් ස්වයං නිරෝධායනය නොවූ බව හෙළිවෙයි
මෙල්බර්න් නගර සභා 31 කටත් Mitchell Shire කලාපයටත් 3 වන මට්ටමේ කොරෝනා නීති යළි පනවා අදට (22/07) සති දෙකක් පිරෙයි.
දෛනික ආසාදිතයින් සංඛ්‍යාවේ යම් ස්ථාවරත්වයක් පෙන්නුම් කරන නමුත් ඒවා අපි කැමති පරිදි සංඛ්‍යා පහළට නොඑන බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews අද පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.
ජූලි 7 සිට 21 දක්වා කාලය තුළ වාර්තා වූ ධනාත්මක සිද්ධීන් 3,810 න් 53% ක්ම COVID-19 පරීක්ෂණය සිදු කර ප්‍රතිපල ලබා ගැනීම අතර කාලය තුළ ස්වයං හුදෙකලා නොවූ බව ද ඔහු පැවසීය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
එමෙන්ම ඉහත කණ්ඩායමෙන්ම සෑම 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුම තමන්ට කොරෝනා රෝග ලක්ෂණ පෙන්වූ විටත් COVID-19 පරීක්ෂණය සිදුකරගැනීමට පෙර ස්වයං නිරෝධායනය නොවූ බව ද ප්‍රාන්ත අගමැතිවරයා පෙන්වා දුන්නේය.
"එසේ රෝග ලක්ෂණ තිබියදීත් ඔවුන් සාප්පු සවාරි ගිහින්, රැකියා වලට ගිහින්, ඔවුන් සාමාන්‍ය ලෙස මිනිසුන් අතර ජීවත් වෙලා" යනුවෙන් ක්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews අද පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.
කොරෝනා පරීක්ෂාවට භාජනය වන පුද්ගලයින් නිවසේ රැඳී සිටිමින් ඔවුන්ගේ ප්‍රතිපල ලැබෙන තෙක් හුදෙකලා නොවන්නේ නම්, මෙම සංඛ්‍යා පහත වැටීමක් නොපෙනෙන බවද ඔහු පැවසීය
අනියම් හෝ නිදහස් සේවකයින් වැනි රැකියාවෙන් අසනීප නිවාඩු ලබා ගැනීමට අපොහොසත් වන සහ කොරෝනා පරීක්ෂණයෙන් ධනාත්මක බවට ප්‍රතිඵල ලැබීමෙන් නිරෝධායනය වීමට අවශ්‍ය පුද්ගලයින් සඳහා ප්‍රාන්ත රජය විසින් ලබා දෙන ඩොලර් 1,500 ක රජයේ ගෙවීම ලබාගන්නා ලෙසද ප්‍රාන්ත අගමැතිවරයා ජනතාවට පැවසුවේය.
සමස්ත ඔස්ට්‍රේලියවේම අගයන්
ගතවූ පැය 24 තුළ සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම අලුතින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 502 කි.
එය කොරෝනා වසංගතය ආරම්භයේ පටන් ඔස්ට්‍රේලියාවෙන් දෛනිකව හමුවූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලෙසද සටහන් වේ.
ගතවූ සතිය තුළ පුද්ගලයින් 2,414 කට කොරෝනා වයිරසය වැළදී ඇති බවට තහවුරු වී තිබේ.
මේ වන විට සමස්ත ඔස්ට්‍රේලියවේම සක්‍රියව සිටින කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,500 ක් පමණ වේ.
එමෙන්ම කොරෝනා රෝගීන් 214 දෙනෙකු මේ වන විට රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටින අතර 40 කට වැඩි පිරිසක් දැඩි සත්කාර ඒකක වල සිටින බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
එලෙස දැඩි සත්කාර ඒකක වල සිටින රෝගීන්ගෙන් අඩකටත් වැඩි පිරිසකට හුස්ම ගැනීම සඳහා ශ්වසන ආධාරක යන්ත්‍ර අවශ්‍ය බවද සඳහන්.

Source: SBS Sinhala