ඔස්ට්‍රේලියාවේ Child Care Subsidy (CCS) හෙවත් Child Care සහනය ලබන වසරේ සිට තවත් ඉහළ නංවන බව 2021/22 ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.
ඒ අනුව වැඩි කිරීමකට ලක් කෙරෙන Child Care සහනය 2022 මාර්තු 7 සිට ඔස්ට්‍රේලියාවේ පවුල්වලට ලැබෙනු ඇත.
Highlights
- මෙම සංශෝධනය යටතේ අවුරුදු පහ හෝ ඊට වඩා අඩු දරුවන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් සිටින පවුල් සඳහා දැනට ලැබෙන Child Care සහනයට අමතරව 30% ක සහනයක් ලැබේ.
- Child Care සේවාව ලබන දරුවන් ගණන මත එම සහනය 95% ක් දක්වා ලබාදේ.
- $10,655 වන වාර්ෂික Child Care සහන සීමාව (CCS cap) 2021 දෙසැම්බර් 10 වන දින ඉවත් කෙරේ.
වැඩි කරන Child Care සහනය
2022 මාර්තු 7 සිට ඔස්ට්‍රේලියාවේ Child Care සහනය වැඩි කිරීම නිසා 250,000 ක් පමණ වූ ඔස්ට්‍රේලියානු පවුල්වලට විශාල සහනයක් සැලසෙනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
ඒ අනුව එක් පවුලකට වසරකට $2,200 ක පමණ සහනයක් මේ හරහා හිමිවනු ඇත.
මීට පෙර එය සැලසුම් කර තිබුණේ 2022 ජූලි මාසයේ සිට ලබාදීමට වුවද එය මාස 4 කට පෙර ලබාදෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Alan Tudge නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
මෙම සංශෝධනය යටතේ අවුරුදු පහ හෝ ඊට වඩා අඩු දරුවන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් සිටින පවුල් සඳහා දැනට ලැබෙන Child Care සහනයට අමතරව 30% ක සහනයක් ලැබේ.
Child Care සේවාව ලබන දරුවන් ගණන මත එම සහනය 95% ක් දක්වා ලබාදේ.
සුදුසුකම් ලත් පවුල් වලින් අඩකට වඩා වැඩි පිරිසකට මෙම උපරිම 95% ක සහනය ලැබේ.
සතියේ දින හතරකදී දරුවන් දෙදෙනෙකු Child Care වෙත යොමු කරන වසරකට ඩොලර් 110,000 ක් උපයන පවුලකට නව සහනය හරහා සෑම සතියකම ඩොලර් 100 කින් පමණ ප්‍රතිලාභයක් අත්වනු ඇත.
මේ අතර $10,655 වන වාර්ෂික Child Care සහන සීමාව (CCS cap) 2021 දෙසැම්බර් 10 වන දින ඉවත් කෙරෙන අතර එය 2021-22 සම්පුර්ණ මුල්‍ය වර්ෂය සඳහාම පසුකාලීනව අදාළ වේ.
2021 දෙසැම්බර් 10 වන දිනට පෙර CCS සීමාව ඉක්මවා යන ඕනෑම අයෙකුට 2021-22 මුල්‍ය වර්ෂය සඳහා දරන ලද අමතර ගෙවීම් ආපසු ගෙවනු ලබයි.

Source: Getty Images/Ariel Skelley
දෙමාපියන්ට රැකියා කිරීමට උනන්දු කරවීම
මෙම Child Care සහනය වැඩි කිරීම නිසා දැනට මා පිය දෙදෙනාම රැකියා කරන පවුල්වලට ඇති ආර්ථික පීඩනය ලිහිල් කෙරෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Alan Tudge පැවසීය.
එමෙන්ම තවත් මා පියවරුන්ට රැකියා කිරීමට මේ හරහා උනන්දු කෙරෙන බවද ඔහු සඳහන් කළාය.
තමන් මෙම අමාත්‍යධුරයට පත්වූ කාලයට වඩා ළමයින් 280,000 ක් පමණ Child Care වෙත යොමු කර ඇති අතර මෙම අතිරේක Child Care සහනය නිසා සිදුකෙරෙන මුළු ආයෝජනය වසරකට ඩොලර් බිලියන 11 දක්වා ඉහළ යනු ඇති බවද අමාත්‍යවරයා පැවසුවේය.
භාණ්ඩාගාරය ඇස්තමේන්තු කර ඇති පරිදි මෙම අතිරේක Child Care සහනය තුළින් මා පියවරුන් 40,000 කට පමණ සතියකට අමතර දිනයක් රැකියා කිරීමට හැකිවනු ඇතැයි කාන්තාවන්ගේ ආර්ථික ආරක්ෂක අමාත්‍ය Jane Hume පැවසුවාය.
ඒ හේතුවෙන් වසරකට ඩොලර් බිලියන 1.5 ක් දක්වා ප්‍රමාණයකින් ආර්ථිකය ඉහළ නැංවෙන බවද ඇය පෙන්වා දුන්නාය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.