ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ජාත්‍යන්තර සිසුවෙකු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයකු වන Mohamed Kamer Nizamdeen ව ත්‍රස්ත චෝදනා වලට පැටලවිමට උත්සාහ කළ Arsalan Tariq Khawaja හට වසර හතරකුත් මාස 6 ක සිර දඬුවම් ඊයේ (05/11) නියම කෙරිණි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
Arsalan Tariq Khawaja යනු ප්‍රකට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Usman Khawaja ගේ සොහොයුරා වේ.

Usman Khawaja (left) and his brother Arsalan who has been arrested over the alleged forgery of a terror 'hit list'. Source: Facebook
Arsalan Tariq Khawaja ට සිර දඬුවම්
නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලාංකික ශිෂ්‍යයකු වූ Mohamed Kamer Nizamdeen ව ත්‍රස්ත චෝදනා වලට පැටලවිමට උත්සාහ කළ Arsalan Tariq Khawaja හට ඊයේ (05/11) දිනයේදී අධිකරණය විසින් වසර හතරකුත් මාස 6 ක සිර දඬුවම් නියම කරන ලදී.
එහිදී පළමු වසර දෙකකුත් මාස හයක කාල සීමාවේදී ඔහුට සිරෙන් නිදහස් වීමට ඉඩක් නොමැති බවට ද තීරණය කෙරුණි.
Arsalan Tariq Khawaja ගේ සමාව දිය නොහැකි මෙම ක්‍රියාව Mohamed Kamer Nizamdeen හට සැබෑ හා දරුණු ප්‍රතිවිපාක අත්කර දුන් බව නිව් සවුත් වේල්ස් දිසා අධිකරණ විනිසුරු Robert Weber පැවසූ බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
සිඩ්නි නුවර ස්ථාන කිහිපයකට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටි බවට ශ්‍රී ලාංකික තරුණයෙකු වන Mohamed Kamer Nizamdeen ට 2018 වසරේ අග බාගයේදී චෝදනා එල්ල කෙරුණු අතර පසුව ඔහුව අත්අඩංගුවට ගැනුණි.
නමුත් Nizamdeen ව ත්‍රස්ත චෝදනා වලට පැටලවුයේ ස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Usman Khawaja ගේ සොහොයුරා වන Arsalan Tariq Khawaja බවට පසුව අනාවරණය විය.

Mohamed Kamer Nizamdeen Source: Facebook
Nizamdeen ව සිරගත කිරීම
Arsalan Khawaja ගේ කුමන්ත්‍රණයට අනුව සිඩ්නි නුවර ස්ථාන කිහිපයකට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටි බවට චෝදනා ලැබූ ශ්‍රී ලංකික තරුණයෙකු වන Mohamed Nizamdeen ව නිව් සවුත් වේල්ස් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන චෝදනා ගොනු කරමින් 2018 අගෝස්තු 31 වන දින අධිකරණයට ඉදිරිපත් කළේය.
IS සංවිධානයත් සමග අනුබද්ධව මොහු කටයුතු කරමින් සිටි බවට ආරක්ෂක අංශ මුලදී සැක පළ කළ බවට වාර්තා විය.
ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට ඉලක්ක කළ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය ඇතුළු සිඩ්නි නුවර ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක් මෙන්ම ඔස්ට්‍රේලියාවේ ප්‍රබල දේශපාලන නායකයින් කිහිප දෙනෙකුගේ නම්ද ඇතුළත් ලියවිලි කිහිපයක් ඔහුගේ සටහන් පොතක තිබී සොයාගෙන තිබීම මෙම චෝදනා වලට මූලික හේතුව වී තිබුණි.
ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය සහ නිව් සවුත් වේල්ස් පොලීසිය කටයුතු කළේය.
අත්අඩංගුවට ගත් සැකකාර ලියවිලි වල තිබෙන අත්අකුරු, Nizamdeen ගේ අත්අකුරු සමග සංසන්දනය කර වාර්තාවක් ලබාදෙන ලෙසට අත්අකුරු පිළිබඳ විශේෂඥයින් වෙත ඉන් අනතුරුව පැවරිණි.
මේ අතර සැකකාර ලියවිලි වල තිබූ අත්අකුරු සහ Nizamdeen ගේ අත්අකුරු නොගැලපෙන බව අත්අකුරු පිළිබඳ විශේෂඥයින් තම වාර්තාව ඉදිරිපත් කරමින් පැවසුවේය
ඉන් අනතුරුව Mohamed Nizamdeen හට 2018 සැප්තැම්බර් අග සතියේදී ඇප ලබා දීමට තීරණය කෙරුණි.
ඒ වන විටත් ඔහු සති හතරක පමණ කාලයක් Goulburn's supermax සිර ගෙදර බන්ධනාගාරගතව සිටියේය.