මාස 7 කට පසුව ප්‍රථම වරට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන්ට අද සිට ටස්මේනියා ප්‍රාන්තයට ඇතුළුවීමට අවසර ලැබේ.
ඒ අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන්ට නිරෝධායනය වීමකින් තොරව අද සිට ටස්මේනියා ප්‍රාන්තයට ඇතුළුවීමට හැකිය.
ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයට හැර ඔස්ට්‍රේලියාවේ සෙසු ප්‍රාන්ත හා ටෙරිටරි වලට මේ වන විට ටස්මේනියා ප්‍රාන්තයේ ප්‍රාන්ත සීමා විවෘත කර ඇත.
වික්ටෝරියා ප්‍රාන්තයට ද ටස්මේනියා ප්‍රාන්ත සීමා විවෘත කිරීමට දෙසැම්බර් 01 වන දින අපේක්ෂා කරන බව ටස්මේනියා ප්‍රාන්ත රජය පවසයි.
කොරෝනා වසංගතය හේතුවෙන් ප්‍රාන්ත සීමා වසා දැමූ ඔස්ට්‍රේලියාවේ ප්‍රථම ප්‍රාන්තය ලෙස ද ටස්මේනියා ප්‍රාන්තය හැඳින්වේ.
පසුගිය දින 90 ක කාලය තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැත.