Key Points
- හවුල් නිවසක් යනු එකිනෙකා සමග පෙර සම්බන්ධයක් නැති පුද්ගලයින් එකට ජීවත් වන නිවසකි.
- ඉහළ යන ජීවන වියදම හේතුවෙන් බොහෝ දෙනෙකු හවුල් නිවාස සෙවීමට පෙළඹී ඇත.
- මෙහිදී දේපලෙහි නීත්‍යානුකූල භාවය සහ එය පිරිනමන පුද්ගලයාගේ අනන්‍යතාවය යන දෙකම තහවුරු කිරීම අවශ්‍ය වේ.
ඕස්ට්‍රේලියාවේ ඉහල යන ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ, වැඩි පිරිසක් shared housing හෙවත් හවුල් නිවාස වෙත යොමු වෙමින් සිටී.
ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයට (ABS) අනුව හවුල් නිවසක් යනු, වයස අවුරුදු 15 හෝ ඊට වැඩි සහ මින් පෙර සම්බන්ධයක් නොමැති පුද්ගලයන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් එකට වාසය කරන නිවසකි.
Claudia Conley යනු හවුල් නවාතැන් සොයන පුද්ගලයින් සම්බන්ධ කරන online වේදිකාවක් වන Flatmates හි ප්‍රජා කළමනාකරු වේ.
Claudia පවසන්නේ හවුල් නිවසක් යනු, එකම වහලක් යට එකට ජීවත් වන සහ නිවසේ කුලිය සහ බිල්පත් වැනි දේ බෙදා ගන්නා පෙර සම්බන්ධයක් නැති පුද්ගලයින්ගෙන් සැදුම් ලත් නිවසක් වන බවයි.

It's not only younger people who are seeking shared accommodation. Credit: Klaus Vedfelt/Getty Images
පසුගිය වසර තුලදී, Flatmates හි හවුල් නිවාස භාවිත කරන වයස අවුරුදු 35ට අඩු පිරිස 10%න් පමණ අඩු වී ඇති බව දක්නට ලැබේ.
පසුගිය මාස 12 තුළ වයස අවුරුදු 55 ට වැඩි සාමාජිකයින් 10%න් ඉහල ගොස් ඇතැයි Claudia පවසයි.
නිවාස හිමියන් තම වියදම් පියවා ගැනීමේ අරමුණින් තම නිවසේ තිබෙන අමතර කාමර කුලියට දෙමින් මෙම වෙළඳපොළට ඇතුල් වීම මේ සඳහා ප්‍රධාන ලෙසම හේතු වී තිබේ.
මූල්‍ය දුෂ්කරතා
ඉහළ යන ජීවන වියදම බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට වියදම් අඩු කර ගැනීමට සහ අයවැයට හිතකර විකල්ප සෙවීමට යොමු කර තිබේ.
ඉහල යන පොලී අනුපාත සහ කුලී නිවාස අර්බුදය හේතුවෙන් Claudia පවසන්නේ පසුගිය වසර දෙක තුළ හවුල් නිවාස සැලකිය යුතු ලෙස ජනප්‍රිය වී ඇති බවයි.
එමෙන්ම ඇය කියා සිටින්නේ Flatmates හි සාමාජිකයින්ගෙන් 85%ක් පමණ පිරිස මූල්‍යමය හේතු නිසා මෙලෙස හවුල් නිවාස වල ජීවත් වන අතර ඔවුන්ගේම නිවසක් හෝ ජීවන රටාවක් සඳහා ඔවුන් මේ ඔස්සේ මුදල් ඉතිරිකිරීම සිදු කරන බවයි.
මූල්‍ය දුෂ්කරතා අත්විඳින පුද්ගලයන් පමණක් නොව, කුලී ඉතිහාසයක් නොමැතිව අලුතින් පැමිණි සංක්‍රමණිකයන් ද බොහෝ විට මේ වනවිට හවුල් නිවාස වෙත යොමු වේ.

Rising cost of living means that more people are seeking to share a house with others. Credit: Rafael Ben-Ari/Getty Images
මේ අනුව තරඟකාරී කුලී වෙළඳපොලක නවාතැන් සොයන පිරිසට හවුල් නිවාස වඩාත් හොඳ විකල්පයක් බවට පත් කිරීමේදී ඉල්ලුම සහ සැපයුම තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව Verindar පවසයි.
එමෙන්ම සාමාන්‍යයෙන් නිවසක් වෙළඳපොළට ඉදිරිපත් කළහොත් පළමු සතිය තුළ අයදුම්පත් 40ත් 100ත් අතර ප්‍රමාණයක් ලැබෙන අතර එය නව සංක්‍රමණිකයන්ට අභියෝගයක් ගෙන දෙන බව ඔහු කියා සිටී.
එමෙන්ම දැරිය හැකි මිලක් නොමැතිකම හේතුවෙන් තම නිවාස විකුණා කුලී වෙළඳපොළට යන සැලකියයුතු පිරිසක්ද මේ වනවිට සිටී.

Navigating the shared housing market can be challenging, especially with the increasing prevalence of scams targeting potential tenants.
Shared housing හෙවත් හවුල් නිවාස වල සාම්ප්‍රදායික වෙළඳපොල
මේ වනවිටත් කුලී නිවසක ජීවත් වන අයකුට තමා සිටින නිවසේ කුලිය බෙදා ගැනීම සඳහා තවත් අයකු සමග හවුලේ ජීවත් වීමට තීරණය කල හැක. නමුත් ඒ සඳහා නිවාස හිමියාගෙන් පූර්ව අනුමැතිය අවශ්‍ය බව Verindar පැහැදිලි කරයි.
නිවසක කුලිය ගෙවීම සඳහා එක පුද්ගලයකු හෝ පුද්ගලයින් කිහිප දෙනෙකු සිටිය හැක. මෙය Sublease ලෙස හැඳින්වේ.
ඔවුන් නියමිත වේලාවට කුලිය ගෙවීමට බැඳී සිටින අතර සියල්ල සංවිධානය කිරීමට ඔවුන් වගකිව යුතුය.
එමෙන්ම ඔහු හෝ ඇය දේපළ වෙළඳාම් සමගම සමඟ සන්නිවේදනය කිරීම සිදු කරයි.
නිවාස හිමියෙකු එම නිවසේ පදිංචිව සිටියදී නිවසක් බෙදා ගන්නා විට, සියලුම මූලික පහසුකම් සැපයීමේ වගකීම නිවාස හිමියා සතුය.
මෙහිදී ඔවුන්ට වෙනම කුස්සියක්, වෙනම නාන කාමරයක් සහ පිරිසිදු කිරීම සම්බන්ධයෙන් යම් සීමා තිබීම ඔස්සේ නිවස ජීවත්වීමට සුදුසු තත්ත්වයට ගෙන ඒමට හැකි බව Verindar පවසයි.
ආරවුල් විසඳීම
හවුල් නිවාස සාමකාමීව සහ ප්‍රසන්න ලෙස තබා ගැනීම සඳහා ඇතිවන ආරවුල් ඉක්මනින් විසඳා ගැනීම ඉතා වැදගත් වේ.
යම් හෙයකින් හෝ ඇතිවන ආරවුලක් වළක්වා ගැනීම සඳහා කුලී නිවැසියන් සහ නිවාස හිමියන් ඔවුන් අතර සෑම දෙයක්ම ලිඛිතව තබා ගැනීම වැදගත් බව Claudia පවසයි.
මේ සඳහා කොපමණ කාලයක් ඔබ නිවසේ ජීවත් වීමට යන්නේද? ඔබ කොපමණ කුලිය ගෙවිය යුතුද? සහ ඔබ ලබාදෙන අත්තිකාරම් මුදල කොපමණද? වැනි තොරතුරු ඇතුලත් කල යුතු වේ. එමෙන්ම දෙපාර්ශවයම අත්සන් කිරීමත් වැදගත් වේ.

Serious mature couple receive professional advice Credit: JohnnyGreig/Getty Images
හවුල් නිවාස සම්බන්ධයෙන් වන වංචා
විශේෂයෙන්ම කුලී නිවැසියන් ඉලක්ක කරගත් වංචා ඉහල යාමත් සමඟ හවුල් නිවාස වෙලඳපොලේ සැරිසැරීම අභියෝගාත්මක විය හැක.
Flatmates හි Claudia කියා සිටින්නේ වංචාවන් සිදු වන නමුත් අපට ඒවා මගින් වැළකීමට හැකි බවයි.
උදාහරණයක් වශයෙන් ඇය කියා සිටින්නේ ඔබට යම් අයකු සතියකට ඩොලර් 200ක් වැනි මුදලකට, මෙල්බර්න් හි නගරයේ දර්ශන සහිත අලංකාර මහල් නිවාසයක් දෙන බවට ඔබව සම්බන්ධ කළහොත් එවැනි දේ වංචාවක් විය හැකි බවයි.
මේ හේතුවෙන් පුද්ගලිකව හමුවීමේ හැකියාවකින් තොරව අන්තර්ජාලය හරහා භාණ්ඩ හෝ සේවා සපයන පුද්ගලයන් සමඟ කටයුතු කිරීමේදී ප්‍රවේශම් වීම වඩාත් සුදුසුය.
එමෙන්ම යමකු පුද්ගලිකව හමුවීමට නොහැකි බවට පවසමින් නිදහසට කරුණු දක්වයි නම් එයද අවධානය යොමු කලයුතු කරුණකි.
දේපලෙහි නීත්‍යානුකූල භාවය සහ ඔබ සන්නිවේදනය කරන පුද්ගලයාගේ අනන්‍යතාවය යන දෙකම පිළිබඳව සොයා බැලීම ඉතා වැදගත් වේ.
විශේෂයෙන් ඕස්ට්‍රේලියාවට අලුතින් සංක්‍රමණය වීමට සැලසුම් කරන පිරිස මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කලයුතු වේ.
Claudia පවසන්නේ, ඔබ පැමිණීමට පෙර ඔබේ නවාතැන් සංවිධානය කිරීමේදී මෙය අතිශයින් දුෂ්කර විය හැකි නමුත්, වංචා අවම කිරීමට ඔබට කළ හැකි ආරක්ෂිතම දෙය මෙය වන බවයි.
ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමේදී ඔබට වැදගත් වන තොරතුරු සහ ඉඟි සඳහා Australia Explained podcast ශ්‍රවණය කරන්න.