දිලිසෙන තරු වියන සහ සඳෙහි ගමන් කිරීම හරහා බැඳුනු ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාවේ සංස්කෘතිය සහ පැවැත්ම, වසර දහස් ගණනක් පුරා විහිදේ.
Milky Way galaxy හෙවත් "ක්ෂීරපථ මන්දාකිනියේ" ආශ්චර්යයේ සිට උල්කාපාත දක්වා සහ සඳෙහි විවිධ අවධීන් දක්වා - ස්වදේශික ප්‍රජාවේ තාරකා විද්‍යාව සහ තරු පිළිබඳව වන දැනුම ගැන ඉගෙන ගැනීමට බොහෝ දේ තිබේ.
රාත්‍රී අහස දෙස බලන විට, සූර්යයාගේ බැස යාමෙන් පසු සඳෙහි වෙනස් වන අවධීන් අතර අලංකාර තරු පෙළක් බැබළෙන බව අපට පෙනේ.
තාරකා විද්‍යාව යනු ආකාශ වස්තූන් සහ සංසිද්ධි පිළිබඳ අධ්‍යයනයයි.
ස්වදේශික තාරකා විද්‍යාව යනු තාරකා පිළිබඳ ගැඹුරු දැනුම සහ භූමිය සමඟ ඇති සම්බන්ධතා මෙන්ම භූමියේ ඇති සියල්ල අහසින් පිළිබිඹු වන බව වටහා ගැනීමයි.

Moon over the Sydney Harbour Bridge – image Eclipse Chasers.
වසර 60,000 කට වැඩි කාලයක් පුරා ස්වදේශික ප්‍රජාවේ පිරිස අහස පිළිබඳව අධ්‍යනය කොට තිබේ.
වඩදිය බාදිය පුරෝකථනය කිරීමට තාරකා, ග්‍රහලෝක, සඳ, සූර්යයා සහ වායුගෝලය පිළිබඳ ඔවුන්
නිරීක්ෂණය කොට තිබේ.
ගොඩබිමේ සහ ජලයේ සැරිසැරීමට, ආහාර රැස්කිරීමට, දඩයම් කිරීමට, හෝ උත්සව සැලසුම් කිරීමට මේවා ප්‍රධාන වී තිබේ.
තාරකා පිළිබඳව ස්වදේශික ප්‍රජාවේ තිබෙන දැනුම යනු පළමු ජාතීන්ට තමන් ජීවත් වන ලෝකය සහ එහි භූමිකාවන් මෙන්ම වගකීම් අවබෝධ කර ගැනීමට මාර්ගයකි.
Aunty Joanne කියා සිටින්නේ අහසේ දකින්නට තිබෙන සෑම දෙයක්ම පොළොවේත් තිබෙන බවට කතාවක් ස්වදේශික ප්‍රජාව තුල තිබෙන බවයි.
මේ හේතුවෙන් තරු භාවිතයෙන් ඔබේ ප්‍රජාව, වැදගත් ස්ථාන සහ වෙනත් මාර්ග සොයා ගැනීම සිදු කල හැක.
නමුත් සියල්ල තේරුම් ගැනීමට එය පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා භාෂාව දැන ගැනීම සහ භූමිය දැනගැනීම අවශ්‍ය වන බවත් ඇය කියා සිටී.
Duane Hamacher මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා පාසලේ සංස්කෘතික තාරකා විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරයෙකි.
ඔහු ස්වදේශික සහ Torres Strait Islander ප්‍රජා සමඟ ඔවුන්ගේ සම්ප්‍රදායික දැනුම ලේඛනගත කිරීමට සහ බෙදා ගැනීමට කටයුතු කරයි.
ඔහු කියා සිටින්නේ අහසේ ඇති සියල්ල ගොඩබිමට සම්බන්ධ බව වැඩිහිටියන් පැහැදිලි කරන බවයි.
මේ හේතුවෙන් අවට ලෝකය ක්‍රියා කරන ආකාරය දැන ගැනීමට ඔබට අවශ්‍ය නම්, ඔබ තරු දෙස බැලිය යුතු බව ඔවුන් සඳහන් කරන බවත් Duane පවසයි.
මිනිසුන් සැමවිටම අහස සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වන අතර තාරකා අවකාශය හා කාලය තේරුම් ගැනීමට උපකාර කරයි.
තවද ඒවා ප්‍රබල මතක ලෙස ක්‍රියා කරන අතර, මිනිසුන්ට වසර දහස් ගණනක් තිස්සේ දූෂිත නොවූ - දැනුම ලබා දීමට හැකි වේ.
Duane පවසන්නේ අහසේ ඇති සෑම දෙයකටම අර්ථයක් හා අරමුණක් තිබෙන බවයි.
සෘතු, කාලගුණික රටා, ශාක හා සතුන්ගේ හැසිරීම් වැනි ප්‍රාදේශීය පරිසරයේ සිදුවන වෙනස්කම් පුරෝකථනය කිරීමට ස්වදේශික ප්‍රජාව සූර්යයා, චන්ද්‍රයා සහ තාරකාවල චලනයන් යොදා ගනී.

The Australian sky at night - Image Ken Cheung.
සෘතු වෙනස් වීම, වැස්ස, සතුන්ගේ හැසිරීම් චක්‍ර සලකුණු කිරීමට, අස්වැන්න නෙළීමට වැනි දේ සිදු කිරීමට අවශ්‍ය නම් අහස දෙස බැලීම ඔස්සේ ස්වදේශික ප්‍රජාව එය තීරණය කරයි.
ලෝකය දෙස බැලීමේ මෙම ආකාරය ස්වදේශික සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වාසීන්ගේ සංස්කෘතියේ කේන්ද්‍රය බව Duane Hamacher පවසයි.
ටොරස් සමුද්‍ර සන්ධි වැඩිහිටි වැසියන්, තරු බැබළෙන ආකාරය නිරීක්ෂණය කරන ආකාරය පිළිබඳව දැනුම ලබා දෙයි.
මෙහිදී ඒවායේ වර්ණය, තියුණු බව හෝ ඒවා කෙතරම් වේගයෙන් දිලිසෙනවාද වැනි ගුණාංගවල වෙනස්කම් නිරීක්ෂණය කිරීම සිදු කරයි.
සෑම රාත්‍රියකම නැඟෙනහිර අහසේ තරු නැඟෙන්නේ පෙර දිනට වඩා විනාඩි හතරකට පමණ පෙර වේ.
වසරක් පුරාවට පෘථිවිය සූර්යයා වටා ගමන් කරන විට තරු සම්පූර්ණ රවුමක් ගමන් කිරීම සිදු කරයි.
මෙම ආකාශ විපර්යාස චක්‍රය ගොඩබිම වෙනස්වීම් සමඟ සමපාත වේ.
Aunty Joanne පැහැදිලි කරන පරිදි, Emu in the Sky, නොහොත් Dark Emu යනු ක්ෂීරපථයේ අඳුරු ප්‍රදේශවලින් ගෙනහැර දක්වන ලද සුප්‍රසිද්ධ තාරකා මණ්ඩලයකි.
ස්වදේශික ප්‍රජාව අහසේ අඳුරු පැල්ලම්, තරු තරම්ම භාවිතා කරන ආකාරය අනෙක් අයට පෙන්වයි.

The Dark Emu rising - Image Geoffrey Wyatt.
මෙය වසරේ, Emu පක්ෂීන් අභිජනනය කරන කාලය සමග සමපාත වේ.
මාස ගෙවී යද්දී, ජූනි සහ ජූලි මාසය වන විට Dark Emu ඉහළ මට්ටමකට පැමිණේ.
Emu පක්ෂීන් බිත්තර රකින කාලය මෙයයි.
Dark Emu අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී නිරිතදිග ක්ෂිතිජයට ලම්බකව ගමන් කරන විට,
Emu පක්ෂි පැටවුන් පැටවුන් බිහි වීමට පටන් ගනී.
ස්වදේශික ප්‍රජාව විසින් සම්මත කරන ලද සම්ප්‍රදායික කථා වල දක්නට ලැබෙන ආකාශ Dark Emu, වැදගත් විද්‍යාත්මක තොරතුරු වාර්තා කරයි.
වික්ටෝරියා ප්‍රාන්තයේ දකුණු ප්‍රදේශයේ Gunaikurnai වැඩිහිටියන්, "සඳ මිනිසා" Dark Emu දඩයම් කළ ආකාරය ගැන පවසයි.
ඔවුන්ගේ කතාවට අනුව Emu පක්ෂියා ගඟකට උඩින් තිබූ ගසක් හරහා දුවමින් පැන යාමට උත්සාහ කොට ඇති අතර එහිදී එම පක්ෂියා ලිස්සා වතුරට වැටී තිබේ.
මෙම කතාව අහසේ නිරූපණය කර ඇති බව ඔවුන් කියා සිටී.
කතාවට අනුව, ගඟ හරහා වැටී ඇති යාරන් ගස එමුගේ හිසට යාබද Southern Cross තරු පන්තියයි.
"සඳ මිනිසා" පිටතට පැමිණි විට, Emu පක්ෂියා සැඟවී සිටී.
මෙය සඳුගේ ස්වාභාවික ආලෝකයත් සමග ක්ෂීරපථයේ තරු නොපෙනීමට පටන්ගැනීම විස්තර කරයි.
උල්කාපාත වැනි රාත්‍රී අහසේ සිදු වන සංසිද්ධි සඳහා - දේශීය සංස්කෘතීන් තුළ ද අර්ථයක් ඇත.

Aunty Joanne Selfe - Image supplied. Associate Professor Duane Hamacher, image – Amanda Fordyce.
ඕස්ට්‍රේලියාවේ බොහෝ උතුරු ප්‍රදේශවල දීප්තිමත් උල්කාපාත නපුරු ආත්මයන්ට සම්බන්ධ බව විශ්වාසයයි.
ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් මෙම දීප්තිමත් උල්කාපාත "මායර්" ලෙස හඳුන්වයි.
වැඩිහිටි පිරිස පැහැදිලි කරන්නේ ඔවුන් මිය ගිය මිනිසුන්ගේ සහ මිය යාමට අසන්න පිරිසේ ආත්මයන් නියෝජනය කරන අතර ඔවුන් අහස හරහා මළවුන්ගේ දේශය වන "බෙයිග්" වෙත ගමන් කරන බවයි.
ස්වදේශික සහ ටොරස් සමුද්‍ර සන්ධිය දූපත් වැසියන් සහ තරු අතර ඇති සම්බන්ධය තුළ අනන්‍යතාවය සහ අයිති වීම - ස්වභාවික ලෝකයට, ඔවුන්ගේ පැවැත්ම පිළිබඳ හැඟීම සහ ඔවුන්ගේ සංස්කෘතියට ඇතුළත් වේ.
ස්වදේශික ප්‍රජාවේ තාරකා විද්‍යාව පිලිබඳ දැනුම, විශ්වයේ මූලාරම්භය, Tjukurrpa දක්වා දිව යයි.
බටහිර වැසියන් එය සිහින ලෙස හඳුන්වයි, නමුත් මූලික වශයෙන්, එය මේ වනවිට පවතින සියල්ල
බොහෝ කලකට පෙර ඇති වූ කාලය වන බව Aunty Joanne පවසයි.
එමෙන්ම සිත්ගන්නා කරුණ නම් මේ දක්වා අප තේරුම් ගත් "කාලය" හෝ "ඉතිහාසය" එසේ නොවීම වන බවත් ඇය පවසයි.
ස්වදේශික ප්‍රජාවට සංකල්පයක් තිබෙන බවත්, ආත්ම පෘථිවියේ සැරිසරමින් කඳු, ගංගා සහ අහස සහ අප අවට අප දකින සියලුම ආකාශ වස්තූන් සෑදුවා සේම, අප ජීවත් වන විශ්වයේ සම-නිර්මාතෘවරුන් ඔවුන් බවත් Aunty Joanne පවසයි.
මේ ආකාරයෙන්, ස්වදේශික ප්‍රජාවේ තාරකා දැනුම යනු, ස්වදේශික සංස්කෘතියේ කේන්ද්‍රීය දැනුමේ පරිපූර්ණ පද්ධතියකට අතීතය, වර්තමානය සහ අනාගතය සම්බන්ධ කිරීමේ අනිවාර්ය අංගයක් වේ.