2020/21 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සැලසුම සහිතව නව වාර්ෂික කෝටාව (Migration program planning levels) මේ වන විට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඉදිරිපත් කර තිබේ.
මේ අතර ඔස්ට්‍රේලියාව තුළ වෙසෙන තාවකාලික වීසා ලාභීන් සහ අනෙකුත් සංක්‍රමණිකයින් යොමු කරන Skilled Visa හෙවත් නිපුණතා වීසා අයදුම්පත් සඳහා මේ මුල්‍ය වර්ෂයේදී ප්‍රමුඛත්වයක් ලැබෙනු ඇතැයි වාර්තා වේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
කොරෝනා වසංගතය හමුවේ බොහෝ තාවකාලික සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවෙන් පිටව ගොස් ඇති අතර තවත් සැලකිය යුතු පිරිසක් පිටව යමින් සිටීම ඊට ප්‍රධාන හේතුව බව සඳහන්.

Source: AAP
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සැලසුම සහිත නව වාර්ෂික කෝටාව
2020/21 නව මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සැලසුම සහිත නව වාර්ෂික කෝටාව 160,000 ක් බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
එය Skill stream, Family Stream සහ Special Eligibility යනුවෙන් ප්‍රධාන ධාරා තුනකට බෙදා තිබේ.
ඒ අනුව 2020/21 නව මුල්‍ය වර්ෂය සඳහා Skill stream ධාරාව සඳහා 79,600 ක කෝටාවක් වෙන් කර ඇති අතර Family Stream ධාරාව සඳහා 77,300 ක කෝටාවක් වෙන් කර තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
මේ අතර Special Eligibility ධාරාව සඳහා 100 ක කෝටාවක් වෙන් කොට ඇත.
ඊට අමතරව දරුවන් සඳහා 3,000 ක කෝටාවක් ද මෙවර වෙන් කොට ඇත.
මේ අනුව 2020/21 නව මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ වාර්ෂික කෝටාවෙන් 50.7% ක්ම වෙන් කොට ඇත්තේ Skill වීසා සඳහා වීම විශේෂත්වයකි.

Australia will suffer its first negative net overseas migration since the Second World War. Source: Getty Images
ඔස්ට්‍රේලියාව තුළ වෙසෙන අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව
කොරෝනා වසංගතය හමුවේ බොහෝ ජාත්‍යන්තර සිසුන්, තාවකාලික සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවෙන් පිටව ගොස් ඇති අතර තවත් සැලකිය යුතු පිරිසක් පිටව යමින් සිටින බව වාර්තා වේ.
මේ අතර ඔස්ට්‍රේලියාවේ දේශ සීමා ලබන වසරේ මුල බාගය වන තෙක් මුළුමනින්ම විවෘත නොකෙරෙන බවක් මේ වන විට වාර්තා වේ.
ඒ නිසාවෙන්ම ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස 2020/21 මුල්‍ය වර්ෂයේත් අඩු වනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරයි.
මෙවැනි හේතු නිසා Skilled Visa හෙවත් නිපුණතා වීසා හරහා විදෙස් රටවලින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන පිරිස් වල අඩුවීමක් ඇති විය හැකියි යන මතයේ සිට ඔස්ට්‍රේලියාව තුළ වෙසෙන Skilled Visa අයදුම්කරුවන්ට ප්‍රමුඛතාවක් ලැබීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව සංක්‍රමණික විශේෂඥයෝ පවසති.
විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල වාසය කරමින් එම කලාප වල රැකියා කිරීමට කැමති අයදුම්කරුවන්ට සහ මේ වන විට කඩා වැටී ඇති ඔස්ට්‍රේලියානු ආර්ථිකය යළි ගොඩගැනීමට අත්වැල් සපයන ඇතැම් වෘත්තීන් සඳහා ඉහළ ප්‍රමුඛතාවක් හිමිවන බව සඳහන්.
මෙවර සංක්‍රමණික කෝටාවෙන් Regional ඛාණ්ඩය සඳහා 11,200 ක කෝටාවක් ද State/Territory Nominated ඛාණ්ඩය සඳහා 11,200 ක කෝටාවක් ද වෙන් කොට තිබේ.

Source: AAP
Priority Migration Skilled Occupation (PMSOL) ලැයිස්තුව
ඔස්ට්‍රේලියාවේ ඇතැම් වෘත්තීන් ඉලක්ක කරමින් නව Priority Migration Skilled Occupation List එකක් හෙවත් නව ප්‍රමුඛතා සංක්‍රමණ නිපුණතා රැකියා ලැයිස්තුවක් පසුගිය සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කෙරුණි.
කොරෝනා වසංගතය හේතුවෙන් කඩා වැටුණු ඔස්ට්‍රේලියානු ආර්ථිකය යළි නගා සිටුවීම, ඔස්ට්‍රේලියානු රැකියා නිර්මාණය කිරීමට උර දීම මෙලෙස Priority Migration Skilled Occupation List එකක් නිවේදනය කිරීමේ ප්‍රධාන අපේක්ෂාවන් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
මේ හරහා තීරණාත්මක අංශවල හදිසි නිපුණතා අවශ්‍යතා සපුරාලීම සඳහා අනුග්‍රාහක පුහුණු ශ්‍රමිකයින් පිරිසකට ඔස්ට්‍රේලියාවට පැමිණීමට ඉඩ ලැබේ.
මෙම Priority Migration Skilled Occupation ලැයිස්තුවට වෘත්තීන් 17 ක් ඇතුළත් කර ඇත.
කෙසේවෙතත්, පහත සඳහන් Priority Migration Skilled Occupation ලැයිස්තුවට අයත් වෘත්තීන් හා සම්බන්ධ යම් අයදුම්කරුවෙකු ඔස්ට්‍රේලියාව තුළ මේ වන විට සිටී නම් ඔහුට හෝ ඇයට Skilled Visa එකක් සමග ඔස්ට්‍රේලියාවේ ස්ථිර වීසා ලාභියෙකු වීමට ඉහළ අඩක් ඇති බවද පැවසේ.
Priority Migration Skilled Occupation ලැයිස්තුව
- Chief Executive or Managing Director (Occupation ID - 111111)
- Construction Project Manager (Occupation ID - 133111)
- Mechanical Engineer (Occupation ID - 233512)
- General Practitioner (Occupation ID - 253111)
- Resident Medical Officer (Occupation ID - 253112)
- Psychiatrist (Occupation ID - 253411)
- Medical Practitioner nec (Occupation ID - 253999)
- Midwife (Occupation ID - 254111)
- Registered Nurse (Aged Care) (Occupation ID - 254412)
- Registered Nurse (Critical Care and Emergency) Occupation ID - (254415)
- Registered Nurse (Medical) (Occupation ID - 254418)
- Registered Nurse (Mental Health) (Occupation ID - 254422)
- Registered Nurse (Perioperative) (Occupation ID - 254423)
- Registered Nurses nec (Occupation ID - 254499)
- Developer Programmer (Occupation ID - 261312)
- Software Engineer (Occupation ID - 261313)
- Maintenance Planner (Occupation ID - 312911)

Source: SBS Sinhala