Highlights
- ඕස්ට්‍රේලියාව තුල පුද්ගලයින්ට සිදුවන වෙනස් කොට සැලකීම් සහ හිරිහැර කිරීම් වලින් ආරක්ෂා කිරීම සඳහා සමස්ත ඕස්ට්‍රේලියාවේ සහ විවිධ ප්‍රාන්ත මෙන්ම ටෙරිටරි වල නීති පවතී.
- රැකියා ස්ථානයේ නීතිවිරෝධී ලෙස වෙනස් කොට සැලකීම යනු,එක් පුද්ගලයෙකුගේ විශේෂ ගුණාංග හේතුවෙන් සෙසු සේවකයින් හට අඩු සැලකිල්ලක් දැක්වීමයි.
- යම් අයකුට වෙනස් ලෙස සැලකීම සෘජු ලෙසම නීති විරෝධී වෙනස්කම් කිරීමක් ලෙසද හැඳින්විය නොහැක
Diversity Council of Australia මගින්, ඕස්ට්‍රේලියවේ රැකියා ස්ථාන වල සිදුවන harassment නොහොත් ආක්‍රමණශීලී පීඩනය හෝ බිය ගැන්වීම සහ discrimination නොහොත් වෙනස් කොට සැලකීම පිළිබඳව දත්ත රැස් කරන අධ්‍යයනයක් වන Inclusion@Work Index ප්‍රකාශයට පත් කිරීම සිදුකරයි. මෙය සෑම වසර දෙකකට වරක්සිදු වේ.
මේ සම්බන්ධයෙන් වන අවසාන දර්ශකය පසුගිය දෙසැම්බර් මස ප්‍රකාශයට පත් කෙරින.
රැකියා ස්ථානයේ සිදුවන නීති විරෝධී වෙනස්කම් සිදු වීමක් යනු
යම් සේවා ස්ථානයකදී,ජාතිය, වයස, ස්ත්‍රී පුරුෂ හෝ එසේ නොවන වෙනත් කාණ්ඩයක වීම, ගැබ් ගැනීම හෝ ආගම වැනි පුද්ගලයකුගේ ඇතැම් ගුණාංග හේතුකොටගනිමින් සේවා යෝජකයෙකු යම් පුද්ගයකුට එරෙහිව අහිතකර ක්‍රියාමාර්ග ගැනීම නීති විරෝධී සේවා ස්ථාන වෙනස්කම් සිදු කිරීමක් වශයෙන් සැලකේ.
Meghann Papa සිඩ්නි හි පිහිටි Anderson Gray Lawyers හි ජ්‍යෙෂ්ඨ නීතිඥවරියක වශයෙන් කටයුතු කරයි.
ඇය පවසන්නේ ඔස්ට්‍රේලියාවේ පුද්ගලයන්ට සිදුවන වෙනස් කොට සැලකීම් සහ හිරිහැර වලින් ආරක්ෂා කිරීමට මධ්‍යම රජයේ මෙන්ම ප්‍රාන්ත සහ ටෙරිටරි තුල නීති පවතින බවයි.
රැකියා ස්ථානයේ නීතිවිරෝධී ලෙස වෙනස් කොට සැලකීම යනු, යම් සේවකයෙකුට ලිංගිකත්වය, ජාතිය, ආබාධිතභාවය හෝ වයස වැනි විශේෂිත ලක්ෂණයක් මත සෙසු සේවකයින්ට වඩා අඩුවෙන් සැලකීම වේ.
ඕස්ට්‍රේලියාව තුල වෙනස්කම් සිදු කිරීම් වෙනස් කොට සැලකීම වැළැක්වීමේ නීති යටතේ කොටස් දෙකක් පවතින අතර ඒවා "සෘජු" වෙනස්කම් කිරීම් හා "වක්‍ර" වෙනස්කම් කිරීම් වන බව Meghann පවසයි.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
සේවකයෙකු හට තම ජාතිය, වයස, ලිංගභේදය හෝ ආබාධිත භාවය හේතුවෙන් ඔවුන්ට අනුකූල විය නොහැකි අවශ්‍යතාවයක් සඳහා හෝ කොන්දේසියකට අනුකූල වීමට සිදු වුවහොත් එය නීති විරෝධී වෙනස් කොට සැලකීමක් වශයෙන් සඳහන් කල හැක.එය සේවා ස්ථානයෙන් එම සේවකයාගේ කාර්යය සඳහා සිදු කරන අවාසිදායක බලපෑමකි.
එමෙන්ම Meghann පවසන්නේ උදාහරණයක් වශයෙන් සේවකයෙකු හට දිවා සුරැකුම් මධ්‍යස්ථානය වෙත තම දරුවන් රැගෙන යාමට සහ එමගින් ඔවුන් ගැනීමට අවශ්‍ය නම්, සේවායෝජකයා මේ සඳහා ඉඩ ලබාදීමට, හැකි උපරිමයෙන් කටයුතු කල යුතු බවයි.
සේවා යෝජකයා අමතර පැය ගණනක් වැඩ කිරීමට උපදෙස් ලබා දීමෙන් අනතුරුව යම් සේවකයකුට සිය පවුල් හේතුවක් මත එය සිදු කල නොහැකි වූ විට ඒ පිළිබඳව විනය ක්‍රියාමාර්ග ගැනීම වෙනස් කොට සැලකීම වශයෙන් සැලකේ. නමුත් එවැනි තත්වයක් සම්බන්ධයෙන් සේවකයා ද සේවා යෝජකයා දැනුවත් කොට තිබීම වැදගත් වේ.

Source: Pexels/Sora Shimazaki
Adverse action යනු කුමක්ද?
ඕස්ට්‍රේලියානු Fair Work Act යන පනතෙහි එන යෙදුමක් වන "adverse action" යනු කෙනෙකු නෙරපා හැරීමක් වැනි ක්‍රියාවක් වන බව බ්‍රිස්බේන් හි පිහිටි Maurice Blackburn Lawyers හි රැකියා සහ කාර්මික නීතිය පිළිබඳ විශේෂඥ ජ්‍යෙෂ්ඨ සහකාර Patrick Turner පවසයි.
එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ මෙය සේවකයින් හට රැකියා ස්ථානයේදී තුවාල සිදු කිරීම මෙන්ම යම් අයකුගේ රැකියා තනතුර වෙනස් කිරීමද මෙලෙස හැඳින්වෙන බවයි.
යමකුගේ වැටුප අඩු කිරීම, යමෙකු පහත හෙලීම, අනතුරු ඇඟවීමක් නිකුත් කිරීම වැනි දේ මේ සඳහා උදාහරණ වශයෙන් Patrick පෙන්වා දෙයි
එමෙන්ම මේ සඳහා සේවකයින් අතර වෙනස්කම් කිරීම හෝ අහිතකර ක්‍රියාමාර්ග ගැනීමට තර්ජනය කිරීම ද ඇතුළත් විය හැකි බව ඔහු වැඩිදුරටත් පවසයි.

Mwanaume afanya kazi Source: Pexels/Ron Lach
වෙනස් කොට සැලකීම පිළිබඳව වන නීත්‍යානුකූල තත්වය
යම් සේවකයකු හට වෙනස් ලෙස සැලකීම අනිවාර්යයෙන්ම නීති විරෝධී වෙනස්කම් කිරීමක් වශයෙන් සෑම විටම නොසැලකේ.
ඕස්ට්‍රේලියාවේ Fair Work Act යන පනතට අනුව,සේවා යෝජකයා යම් සේවකයෙකු හට වෙනස්කම් කරන්නේ ඔවුන්ගේ විශේෂ ගුණාංග නිසා නොවේ නම්, එය අනිවාර්යයෙන්ම අහිතකර ක්‍රියාවක් ලෙස නොසැලකේ.
Patrick පවසන්නේ මෙලෙස වෙනස්කම් සිදු කිරීම සියුම් නමුත් වෙනස්කම් සිදු නොවන අවස්ථාද ඇති බවයි.
කාර්යසාධන කළමනාකරණය
ඕස්ට්‍රේලියාවේ විවිධත්ව කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරිනිය වන Lisa Annese පවසන්නේ තම කාර්ය මණ්ඩලයේ කාර්ය සාධනය කළමනාකරණය කිරීමට සේවා යෝජකයන්ට නීත්‍යානුකූල අයිතියක් ඇති බවයි.
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
කාර්ය සාධන කළමනාකරණය වෙනස්ම ගැටලුවක් වන අතර එය එය ඇතැම් අවස්ථාවන්හිදී සේවකයින් වෙනස් කොට සැලකීම් සමඟ සම්බන්ධ කොට වැරදි ලෙස තේරුම් ගනී.
මේ හේතුවෙන් ඇය පෙන්වා දෙන්නේ රැකියා ස්ථානය තෘප්තිමත් නොවන කාර්ය සාධනයක් සහිත පුද්ගලයෙකුගේ කාර්ය සාධනය කළමනාකරණය කිරීමට එම ආයතනය උත්සාහ දැරීම, වෙනස් කොට සැලකීමක් නොවන බවයි.

Source: Pexels/Sora Shimazak
වෙනස් කොට සැලකීමට ඔබ ගොදුරු වූ බවට සිතයි නම් කල යුතු දේ
Meghann පවසන්නේ තමන් හට රැකියා ස්ථානයේදී වෙනස්කම් සිදු කොට ඇති බව හැඟේ නම්, ඔවුන් තම සේවායෝජකයා හට සෘජු ලෙසම ගැටලුව ඉදිරිපත් කළ යුතු බවයි.
කෙසේ නමුත් යම් හෙයකින් රැකියා ස්ථානය තුලදී මෙම ගැටලුව විසඳා ගැනීමට නොහැකි නම් එම සේවකයා රැකියා පිලිබඳ නීතීඥයෙකුගෙන් හෝ රැකියා ස්ථාන වල වෙනස්කම් සිදුවීම සම්බන්ධයෙන් වන නීතිඥයෙකුගෙන් උපදෙස් ලබා ගත යුතුය. එසී නොමැතිනම් ඔවුන්ට වෘත්තීය සමිතිය සමග මේ පිළිබඳව කතා කළ හැක.
Patrick Turner අවධාරණය කොට සිටින්නේ මිනිසුන්, ඔවුන්ට අයිතිවාසිකම් තිබෙන බව දැන ගැනීම වැදගත් වන බවයි.
ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ, ප්‍රාන්ත සහ ටෙරිටරි වල මේ සම්බන්ධයෙන් පවතින නීති
ඕස්ට්‍රේලියාවේ සේවකයින් ආරක්ෂා කිරීම සඳහා ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ, ප්‍රාන්ත සහ ටෙරිටරි තුල මේ සම්බන්ධයෙන් නීති පවතී.
මෙම නීති සමස්තයක් වශයෙන් එක හා සමානව ගැටලුව ආවරණය කරන නමුත් ඒවා අතර සුලු වෙනස්කම් පවතින බව Patrick පවසයි.
ඔහු පෙන්වා දේන්නේ ඇතැම් අවස්ථා වලදී මේ සඳහා වන ප්‍රාන්ත නීති ඕස්ට්‍රේලියානු නීතියට වඩා වැඩි බලපෑමක් සිදු කරන බවයි.

Source: Pexels/Andrea Piacquadio
නීති විරෝධී වෙනස්කම් කිරීමට ගොදුරු වීමෙන් ඔබට ලැබිය හැකි හිමිකම්
වෙනස් කොට සැලකීම සඳහා ගොදුරු වුවන්ට විවිධ හිමිකම් පෑම් ලැබිය හැකි බව Patrick පවසයි. මෙහිදී ඔහු සඳහන් කොට සිටින්නේ ඇතැම් අවස්ථාවන්හිදී ඔබව නැවත සේවයේ පිහිටුවීම සහ ඔබට ආර්ථික පාඩු සඳහා වන්දි ලබා ගත හැකි වීම වැනි දෑ සිදු විය හැකි බවයි.
මෙවැනි අවස්ථාවක සේවා යෝජකයාට එරෙහිව දඩයක් පැනවීම වැනි නියෝග නිකුත් කිරීමටද උසාවි සඳහා සහ විනිශ්චය සභා සඳහා හැකියාව පවතින බව Patrick පවසයි. ඔහු සඳහන් කරන්නේ එම අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනතාව බිය විය යුතු නැති බවයි.
ඔබ සේවා ස්ථානයේදී යම් හෙයකින් වෙනස්කොට සැලකීමකට ගොදුරු වුවහොත්, ඒ සම්බන්ධයෙන් ඔබ සේවා යෝජකයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ඔස්සේ එම ආයතනයේ සෙසු සේවකයින් සඳහාද ඔබ යහපතක් සිදු කරයි.

Source: Pexels/fauxels
ඔබට භාෂා උපකාර අවශ්‍ය නම් 13 14 50 ඔස්සේ පරිවර්තන සේවාව (TIS) අමතන්න.
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
SBS සිංහලගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
- ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
- අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
- SBS Radio APP (නොමිලේ Download කරගන්න