කලින් වගේ දැන් superannuation කලින් ගන්න බැහැ.දැන් superannuation ගිණුමෙන් ඔබට කරන්න පුළුවන් මොනවද ?

ඔස්ට්‍රේලියාවේ මධ්‍යම රජයේ භාණ්ඩාගාරික විසින් superannuation ඉතුරුම් යෝජනා ක්‍රමය වෙනස් කිරීමට පියවර ගනිමින් සිටී.

People watching a property auctioneer.

The Coalition says reversing its approach to super would undermine first home buyers. Source: AAP / Diego Fedele

KEY POINTS:
  • ඔස්ට්‍රේලියාවේ මධ්‍යම රජයේ භාණ්ඩාගාරික ජිම් චාමර්ස් විසින් ඔස්ට්‍රේලියාවේ superannuation යෝජනා ක්‍රමයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් සිදු කර තිබේ
  • ඔහු විසින් ලිබරල් සන්ධානයේ superannuation අරමුදල් සඳහා පූර්ව ප්‍රවේශයට ඉඩ සැලසීම විනාශකාරී ප්‍රතිපත්තියක් බව පවසයි.
  • මෙම වෙනස්කම් මගින් පළමු නිවාස ගැනුම්කරුවන්ට ඇති අවස්ථාව අහිමි වන බව ලිබරල් පක්ෂය පවසයි.
භාණ්ඩාගාරික ජිම් චාමර්ස් ඕස්ට්‍රේලියාවේ Superanuation විශ්‍රාමික ක්‍රමයට විශාල වෙනස්කම් කිහිපයක් සිදු කර ඇති අතර මුදල් ආපසු ගැනීම සඳහා දැඩි සීමාවන් පනවා තිබේ.

පසුගිය ලිබරල් සන්ධා රජය විසින් ගනු ලැබූ වැරදි තීරණයක් යටතේ COVID-19 වසංගත කාලය තුළ ඔස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ Superanuation අරමුදල් වලින් මුදල් ආපසු ලබා ගත හැකි හේතු ගණන වැඩි කර තිබේ.

A man wearing a dark suit and red tie gestures as he speaks into a microphone
Treasurer Jim Chalmers has promised to end a political war centred on superannuation. Source: AAP / Lukas Coch
පසුගිය සඳුදා සිඩ්නි හි පැවති සාකච්ඡාවක දී චාමර්ස් මහතා විශ්‍රාම යාමේදී පමණක් ඔස්ට්‍රේලියානුවන්ට Superanuation අරමුදල් සැපයීම සඳහා මෙම පද්ධතිය වෙන් කර ඇති බව සහතික කිරීමට පොරොන්දු වූවේය.

සිය Superanuation අරමුදල් වෙත ඉක්මනින් ප්‍රවේශ වීමට ලැබීම නිවාසක් හිමි කර ගැනීමට සඳහා අත්‍යවශ්‍ය මාර්ගයක් වේ. එය COVID-19 වසංගත කාලයේ තිබූ අයහපත් ආර්ථික බලපෑම්වලින් ඔස්ට්‍රේලියානුවන් ආරක්ෂා කර ගන්නා ලදී.

මේ නව යෝජනා වලින් අදහස් කරන්නේ කුමක්දැයි විමසා බලමු.

Superanuation අරමුදල් ආපසු ලබා ගැනීම සිමා කෙරේ.

ඔස්ට්‍රේලියානුවන් විසින් ඔවුන්ගේ Superanuation අරමුදල්වලින් මුදල් ආපසු ගැනීම අවහිර කිරීමට කම්කරු පක්ෂයට අවශ්‍ය වී තිබේ.

අනාගතයේදී එය භාවිතා කරන ආකාරය සීමා කළ හැකි, එහි අරමුණ පැහැදිලි කිරීම සඳහා Superanuation පිළිබඳ නීත්‍යානුකූලව නිර්වචනයක් නිර්මාණය කිරීමට රජය අපේක්ෂා කරයි.

Superannuation විශ්‍රාම ක්‍රමයේ පරමාර්ථය වන්නේ ඉතුරුම් සුරැකීම සහ රජයේ සහයෝගය සමඟ සාධාරණ හා තිරසාර ආකාරයකින් ගෞරවනීය විශ්‍රාම දිවියක් සඳහා ඕස්ට්‍රේලියානුවන්ට ආදායමක් ලබා දීමයි.

A man wearing a suit and tie speaking.
Mr Chalmers described the former government's super policies as 'disastrous'. Source: AAP / Bianca De Marchi
එහෙත් විපක්ෂයේ එනම් ලිබරල් සන්ධානයේ මූල්‍ය සේවා ප්‍රකාශක ස්ටුවර්ට් රොබට් මෙම පියවර අර්ථකථනය කරන්නේ පළමු නිවාස ගැනුම්කරුවන්ගේ වියදමින් superannuation අරමුදල් තර කිරීමේ උත්සාහයක් ලෙසයි.

පුද්ගල අභිමානය ගැන වැඩි සැලකිල්ලක් දක්වන සන්ධානය ඕස්ට්‍රේලියානුවෙකුට තමන්ගේම නිවසක් තිබීමට වඩා ගෞරවනීය විය හැක්කේ කුමක් දැයි යනුවෙන් ප්‍රශ්න කරයි.

ඔබ දැන් Superanuation ඉතුරුම් ආපසු ගන්නේ කෙසේද?

දන්ත වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගෙවීම සහ නිවාස ණයක් ගෙවීම ඇතුළු බොහෝ කාරණා සඳහා ඔබට දැනට ඔබේ විශ්‍රාම ඉතුරුම් ගිණුමෙන් මුදල් ලබාගත හැක.

A dentist works on the teeth of a man in glasses.
Australians can currently withdraw early super for a range of reasons, including to pay for dental care. Source: AAP
ඔබ මූල්‍ය දුෂ්කරතා අත්විඳින්නේ නම් , ඔබ වයස අවුරුදු 60 ට අඩු නම්, ඔබෙන් සියයට 22 දක්වා බදු අය කෙරේ නම් හෝ මිල අධික වෛද්‍ය බිල්පත් සඳහා ගෙවීමට ඔබට ඔබේ විශ්‍රාම ගිණුමෙන් මුදල් ලබා ගත හැකිය.

මෙහි අවම මුදල් ආපසු ගැනීම $1,000, උපරිම $10,000 ලෙස සකසා ඇත.

Superannuation අරමුදල් වලින් බදු සහන තවමත් ලැබේ.

Superannuation ක්‍රියාවලිය පසුගිය රජය යටතේ පැවති ප්‍රධාන අවියකි.

හිටපු ලිබරල් සන්ධාන ආණ්ඩුව , පළමු නිවාස ගැනුම්කරුවන්ට ඔවුන්ගේ superannuation ඉතුරුම් වෙත කලින් ප්‍රවේශ වීමට ඉඩ දීමට යෝජනා කරන ලද අතර, එමගින් ඔස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ superannuation ඉතුරුම් වලින් සියයට 40ක් එනම් ඩොලර් 50,000ක් දක්වා ආයෝජනය කිරීමට ඉඩ සලසනු ලැබිණ. එය ඔවුන්ට දේපල වෙළඳපොළට ඇතුළු වීමට උපකාර විය.

පසුගිය මැතිවරණයට මොහොතකට පෙර ප්‍රකාශයට පත් කරන ලද මෙම ප්‍රතිපත්තිය, ඔස්ට්‍රේලියනුවන්ගේ superannuation ඉතුරුම් වලට පහර දීමක් ලෙස වත්මන් අගමැති Anthony Albanese විසින් විවේචනය කරනු ලැබීය.

ඔස්ට්‍රේලියානුවන්ට COVID-19 වසංගත කාලය තුළ දුෂ්කරතා අත්විඳින්නේ නම් ඔවුන්ගේ superannuation ගිණුම් වලින් ඩොලර් 20,000 ක් දක්වා ආපසු ලබා ගැනීමට අවසර දී තිබුණි. වසංගතයේ පළමු වසර කිහිපය තුළ ඔස්ට්‍රේලියානුවන් superannuation ඉතුරුම් අරමුදල්වලින් ඩොලර් බිලියන 36 ක් ඉවත් කර ගන්න ලදී.

ඔස්ට්‍රේලියාවේ superannuation ඉතුරුම් මුදල් ආපසු ගැනීම් මීට පෙර දැඩි ලෙස සීමා කර තිබිණ.

1990 ගණන්වල මුල් භාගයේදී විශ්‍රාම ගැන්වීමේ superannuation යෝජනා ක්‍රමය ස්ථාපිත කිරීමෙන් පසු පසුගිය වසර තුන, පළමු වරට මෙසේ ප්‍රධාන ගිණුම් හිස් කරන ලද අවස්ථාව බවට පත් වී තිබේ.

වත්මන් සහන කළමනාකරණය කළ හැකිද යන්න සලකා බැලීමට භාණ්ඩාගාරික විසින් කලින් පොරොන්දු වී ඇති හෙයින්, superannuation අරමුදල් භාවිතා කර බදු සහන ලබා ගත හැකි වේ.

නමුත් මෙමඟින් රජයේ අයවැය පීඩනයට ලක්ව ඇති අතර, 2050 වන විට superannuation වැටුපට වඩා ඔස්ට්‍රේලියාව බදු සහන සඳහා වැඩි මුදලක් වැය කරනු ඇතැයි යෝජනා කෙරේ.

ඔස්ට්‍රේලියානුවන් විසින් superannuation අරමුදල් ලෙස ඩොලර් ට්‍රිලියන 3කට වඩා ඉතිරි කර ඇති අතර, පසුගිය මැතිවරණයට පෙර එය භාවිතා කළ හැක්කේ කුමක් සඳහාද යන්න පැහැදිලි කිරීමට කම්කරු පක්ෂය පොරොන්දු විය.

Share
Published 21 February 2023 3:22pm
By Finn McHugh, Athini Amarasiri
Source: SBS


Share this with family and friends