ලෝකයේ වඩාත්ම ඔරොත්තු දීමේ හැකියාව ඇති LGBTQI+ සමලිංගික ප්‍රජාව NSW ප්‍රාන්තයේ සිටින බව හෙළිවෙයි

LGBTQI+ ලිංගිකත්වයෙන් විවිධ වූ ප්‍රජාවට වෙන් වූ බොහෝ රාත්‍රී සමාජ ශාලා, ස්ථාන සහ උත්සවාදිය කොවිඩ් වසංගතය අතරතුර වසා දැමීමෙන් පසුව ඒවා නැවත විවෘත කර ඇති බව මෑතකදී සිදු කරන ලද අධ්‍යයනයකින් පෙන්නුම් කෙරේ.

Faux3.png

Vietnamese drag queen Faux Fur is one of the participants at Sydney's Mardi Gras parade. Credit: Bettie blackheart

Key Points
  • නිව් සවුත් වේල්ස් (NSW) හි LGBTQI+ප්‍රජාව සඳහා වන ස්ථාන සහ උත්සවාදිය නැවත විවෘත කිරීමේ අනුපාතය සියයට 93 ක් වේ.
  • ලෝකයේ වඩාත්ම ඔරොත්තු දීමේ හැකියාව ඇති LGBTQI+ සමලිංගික ප්‍රජාව NSW හි සිටී.
  • LGBTQI+ ලිංගිකත්වයෙන් විවිධ වූ ප්‍රජාවට අයත් සාමාජීය වශයෙන් පිළිගනීම අඩු සහ ප්‍රාදේශීය ප්‍රදේශ වල ජීවත් වන ජනගහණය සඳහා අරමුදල් සැපයීමේ අවශ්‍යතාවය තවමත් පවතී.
Faux Fur යනු Sydney's loudest but not the baddest queen" ලෙස හැඳින්වෙන drag queen කෙනෙක් ලෙස පූර්ණ කාලීන රැකියාවේ නිරත වන පුද්ගලයෙකි.

2020 වසරේදී COVID වසංගතය ඔස්ට්‍රේලියාවට පැමිණීමට ටික කලකට පෙර Faux Fur මෙසේ drag queen කෙනෙක් ලෙස පූර්ණ කාලීනව රැකියාව කිරීමට තීරණය කර තිබේ.

Drag queen යනු කාන්තාවක් ලෙස විචිත්‍රවත් ලෙස සැරසී විනෝදාස්වාදය සඳහා කාන්තා අභිනයන් නිරූපණය කරන පිරිමියෙකු ලෙස හදුනා ගන්නා පුද්ගලයෙකි.
කොවිඩ් වසංගතය හමුවේ පැනවූ සෞඛ්‍ය සීමා කිරීම් ඔස්ට්‍රේලියාවේ LGBTQI+ (Lesbian, Gay, Bisexual, Transgender, Queer and Intersex+) ප්‍රජාවට සහ විනෝද කටයුතු කර්මාන්තයට විශාල ලෙස බලපෑ බව Faux පවසයි.

"නමුත් මම වඩාත්ම ආදරය කරන දේ කිරීමෙන් මාව නවත්වන්න COVID වලට මම ඉඩ දුන්නේ නැහැ,"යනුවෙන් Faux SBS වෙත පැවසීය.

කොවිඩ් ලොක් ඩවුන් කාලය Faux අපතේ නොයවයි

වියට්නාම පසුබිමක් සහිත මෙම drag queen විසින් සිය නිපුණතා වර්ධනය කර ගැනීමට සහ පහත සඳහන් දේ ගොඩනැගීම සඳහා lock down කාලය භාවිතා කරන ලදී.

Faux විසින් සතිපතා Instagram හි Faux Mondays නම් සජීවී සංදර්ශනයක් දියත් කරන ලද අතර එහිදී ප්‍රජා සාමාජිකයින් සමඟ සම්මුඛ සාකච්ඡා සිදු කර ඔවුන්ගේ කථා සහ කලා නිර්මාණ බෙදා ගැනීමට ඔවුන්ට ආරාධනා කරන ලදී.
කොවිඩ් වසංගතයෙන් පසු Faux හට ඔක්ස්ෆර්ඩ් වීදිය පුරා ඔවුන්ගේ සංදර්ශන කිරීමට හැකි වී ඇති අතර ARQ, Universal, POOF DOOF සහ Stonewall වැනි අවට ඇති සමාජ ශාලා වලද එම සංදර්ශන පවත්වා තිබේ.

Greater Sydney කලාපයේ සමලිංගික ප්‍රජාවන්ට සහාය වන රාත්‍රී සමාජ ශාලා, ස්ථාන සහ උත්සවාදිය 56 න් සියයට 93 ක් නැවත විවෘත කර ඇති බව නව අධ්‍යයනයකින් පෙන්වා දේ.

Signal, Slide, The Slyfox, Green Park Hotel, Sydney Hellfire Club සහ Wollongong Queer Arts Festival යන ස්ථාන හයක් පමණක් ස්ථිරව වසා දමා තිබේ.

නමුත් ඒ වෙනුවට නව සැණකෙළි දෙකක් විවෘත වී ඇති අතර ඒවා Far South Coast Rainbow Waves Festival (Bega Valley) සහ Summer Camp Festival නම් වේ.

අධ්‍යයන වාර්තාවෙන් හෙළි වන දේ

මෙම අධ්‍යයනය වාර්තාව මගින් 'gay bar ' යනු corner bars, piano bars, leather bars සහ ඩිස්කෝ, සහ බාල වයස්කාර සමලිංගික නැටුම් සහ ඩ්‍රැග් සංදර්ශන ඇතුළත් පරාසයක් ලෙස අර්ථ දක්වා ඇත.

"අපගේ අධ්‍යයනයෙන් හෙළි වූයේ සිඩ්නි හි ලෝකයේ වඩාත්ම ඔරොත්තු දෙන LGBTIQ+ ප්‍රජාවක් ඇති බවයි," සිඩ්නි විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ක්‍රිස් පෙපින්-නෙෆ් පැවසීය.

Dr Chris Pepin-Neff.jpg
Dr Chris Pepin-Neff will be parading the Mardi Gras in the Amnesty International float Credit: Dr Chris Pepin-Neff, Senior Lecturer in Public Policy
ගෝලීය වශයෙන්, සමලිංගික සමාජශාලා අර්බුධයක ඇති නමුත්, සිඩ්නිහි, ඒවා දියුණු වෙමින් පවතී
Dr Pepin-Neff
ලොව පුරා සමලිංගික සහ සමලිංගික සමාජශාලා වල මන්දගාමී අවසානයට 2007-2008 වසර වල පැවති ගෝලීය මූල්‍ය අර්බුදය හේතු වූ බව පැවසීය. පසුව කොවිඩ් වසංගතය සමගින් සියල්ල online සමාජ මාධ්‍ය දෙසට මාරු වීම ඊට හේතු වන්නට ඇතැයි ඔහු සදහන් කළේය.

ඔහු පැවසුවේ Sydney හි LGBTIQ+ ප්‍රජාව සමලිංගිකයන් සහ සමලිංගිකයන් ආශ්‍රිත ව්‍යාපාර නැවත ප්‍රබෝධමත් කිරීමට උපකාර කළ බවයි.

ඔස්ට්‍රේලියානු රජයේ JobKeeper වැඩසටහන සහ NSW හි COVID-19 ව්‍යාපාර ප්‍රදානය ද මෙම ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට උපකාරී විය.

NSW ව්‍යාපාරික ප්‍රජාවන්ට සහය ලැබුණු ආකාරයට ඇමරිකාවේ ව්‍යාපාර ප්‍රජාවන්ට සහය නොලැබුණු බව ආචාර්ය පෙපින්-නෙෆ් පැවසීය.

පශ්චාත් කොවිඩ් සමයේ සමලිංගික සමාජශාලා වල නැවත වර්ධනය

කෙසේ වෙතත්, NSW හි අනෙකුත් විනෝදාස්වාද සහ ආගන්තුක සත්කාර ව්‍යාපාර හා සසඳන විට සමලිංගික සමජශාලා සහ උත්සවාදිය නැවත වර්ධනය වීම මන්දගාමී බව මෙම අධ්‍යයනයෙන් හෙළිවී තිබේ.

ප්‍රාදේශීය ප්‍රදේශ වල සිටින සමලිංගික ප්‍රජාවන්ට සම්පත් අඩු බවත් නැවත ව්‍යාපාර විවෘත කිරීමට ප්‍රමාද වන බවත් මෙම අධ්‍යයනයෙන් වැඩිදුරටත් හෙළි වී තිබේ.

NSW හි සමලිංගික ප්‍රජාවන්ට COVID-19 හි බලපෑම ගවේෂණය කිරීමේ අධ්‍යයනයේ පළමු අදියරට නායකත්වය දුන් ආචාර්ය පෙපින්-නෙෆ් LGBQTI+ ලිංගිකව විවිධත්වයක් දක්වන ප්‍රජාව පුනර්ජීවනය කිරීමත් සමඟ මෙම ව්‍යාපාර වැඩිදියුණු වනු ඇතැයි අපේක්ෂා කරයි.

ඔක්ස්ෆර්ඩ් වීදියේ ආපසු පැවැත්වීමට නියමිත මාඩි ග්‍රාස් පෙළපාළිය මීට කදිම අවස්ථාක් වන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මාඩි ග්‍රාස් පෙළපාලිය

මාඩි ග්‍රාස් පෙළපාලිය නැවැත්වීමට සිදු වීම COVID වසංගතයේ වඩාත්ම සමාජීය වශයෙන් අභියෝගාත්මක වූ දෙයක් වේ.

'Drag queen' Faux පෙබරවාරි 25 වන දින නැවත සිඩ්නි හි නැවත පැවැත්වීමට නියමිත මාඩි ග්‍රාස් පෙළපාලිය සඳහා උද්යෝගිමත් ලෙස සූදානම් වෙමින් සිටී.

WorldPride උත්සවයට සමගාමීව, මාඩි ග්‍රාස් පෙළපාලිය සිඩ්නිහි මෙතෙක් පැවති විශාලතම පෙළපාලිය වනු ඇත.එහිදී නිර්මාණ 200 කට අධික සංඛ්‍යාවක් සහ පෙළපාලිකරුවන් 12,500 කට අධික සංඛ්‍යාවක් සිය කැමැත්ත ප්‍රකාශ කරමින් සමාන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනු ඇති.

Drag කර්මාන්තය නැවත ආරම්භ වී ඇති නමුත් ,Faux පැවසුවේ පූර්ව Covid සමයේ මට්ටමට එය ආපසු ගෙන යාමට ඔවුන් වෙහෙස මහන්සි වී වැඩ කරන බවයි.

ඔවුන් සියල්ලම වෙනදාට වඩා වෙහෙස මහන්සි වී පොදු ඉලක්කයක් සහිත ප්‍රජාවක් ලෙස සමීපව වැඩ කරමින් සිටී.
එමෙන්ම COVID වසංගත සමයෙන් පසු මෙම කර්මාන්තයේ සහ ඔවුන්ගේ ආරක්ෂිත බව නැවත ගොඩනැගීමට අන් කවරදාකටත් වඩා ඔවුන්ගේ නිර්මාණශීලිත්වය භාවිතා කරමින් සිටී.

ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික සහ බහුභාෂා ප්‍රජාවන්ට COVID-19 සම්බන්ධ සියලුම තොරතුරු යාවත්කාලීන කර සැපයීමට SBS මාධ්‍ය ආයතනය කැපවී සිටී. 
වෙත නිතර පිවිසෙමින් ඔබේ භාෂාවෙන් නවතම කොවිඩ් තොරතුරු පිළිබඳව දැනුවත් වෙමින් ආරක්ෂිතව සිටින්න.

Share
Published 20 February 2023 7:48pm
Updated 20 February 2023 9:17pm
By Yumi Oba, Athini Amarasiri
Source: SBS


Share this with family and friends