වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල වැසියන්ටත් මුව ආවරණ අනිවාර්ය කෙරෙන අතරේ Geelong ආශ්‍රිත කලාප 6 කට අමුත්තන් තහනම් (SBS සිංහල/ වාර්තා)

People are seen wearing masks in the Fitzroy Gardens in Melbourne, Wednesday, July 29, 2020. There are now 4775 active COVID-19 cases across Victoria and 769 of those are linked to aged care homes. (AAP Image/Daniel Pockett) NO ARCHIVING

All Victorians will now be required to wear masks, not just those in Melbourne and Mitchell Shire. Source: AAP

අද (30/07) උදෑසන වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 723 ක් සමග කොරෝන මරණ 13 ක් වාර්තා වීමත් සමග වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප සඳහා ද නව කොරෝනා නීති හඳුන්වා දී තිබේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)  


අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews මේ බව නිවේදනය කළේය.
Victoria adalah negara bagian pertama di Australia yang menerapkan kewajiban memakai masker.
Source: Pexels

වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල වැසියන්ටත් මුව ආවරණ අනිවාර්යයි

කොරෝනා වසංගතය ආරම්භයේ පටන් මේ දක්වා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක් දෛනිකව වාර්තා කළ ඉහළම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා විය.

ඒ සමගම ලබන සතියේ සිට වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල වැසියන් ද තම නිවෙස් වලින් බැහැරව යන විට මුව ආවරණ අනිවාර්යෙන් පැළඳිය යුතු බවට ප්‍රාන්ත රජය අද නිවේදනය කළේය.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල මුව ආවරණ සම්බන්ධ නීති

  • අගෝස්තු 02 වන දින ඉරිදා රාත්‍රී 11:59 න් පසුව තම නිවෙස් වලින් බැහැරව යන විට මුව ආවරණ අනිවාර්යෙන් පැළඳිය යුතුය.
  • දැඩි ව්‍යායාමයක යෙදෙන විට ඔබට මුව ආවරණයක් පැළඳීමට අවශ්‍ය නොවේ.
  • ඔබට මුව ආවරණයක් පැළඳීම වළක්වන සෞඛ්‍ය තත්වයක් තිබේ නම් මුව ආවරණයක් පැළඳීමට අවශ්‍ය නොවේ.
  • බිහිරි හෝ ශ්‍රවණය දුර්වල පුද්ගලයෙකු සමග සන්නිවේදනය කරන විට ඔබට මුව ආවරණයක් පැළඳීමට අවශ්‍ය නොවේ.
  • මුව ආවරණයක් පැළඳීම හරහා ඔබගේ රැකියාවේ සෞඛ්‍ය සහ ආරක්ෂක මාර්ගෝපදේශ සපුරාලීම වළක්වයි නම් මුව ආවරණයක් පැළඳීමට අවශ්‍ය නොවේ.

Geelong සහ Colac කලාප වලට අමුත්තන් පැමිණීම තහනම්

Geelong ආශ්‍රිතව පවතින පළාත් පාලන ආයතන 6 ක නිවැසියන්ට අද (30/07) මධ්‍යම රාත්‍රියේ සිට යළි දැනුම් දෙන තෙක් අමුත්තන් තම නිවෙස් වලට ගෙන්වා ගැනීම තහනම් කෙරේ.

Geelong යනු වික්ටෝරියානු ප්‍රාන්තයේ ඇති දෙවැනි විශාලතම නගරය වේ.

මෙම නව නීතිය ක්‍රියාත්මක කෙරෙන පළාත් පාලන 6 පහත පරිදි වේ.

  1. City of Greater Geelong
  2. Colac-Otway Shire
  3. Surf Coast Shire
  4. Golden Plains Shire
  5. Moorabool Shire
  6. Borough of Queenscliffe
ඉහත කලාප වල වෙසෙන ප්‍රජාවන් අතර මෙන්ම නිවැසියන් අතර ද වයිරසය සම්ප්‍රේෂණය වීම ඉතා ඉහළ බැවින් මෙම තීරණය ගත් බව ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.
Victorian Premier Daniel Andrews addresses the media during a press conference in Melbourne
Victorian Premier Daniel Andrews addresses the media during a press conference in Melbourne Source: AAP

නව කොරෝනා නීති ආර්ථික කටයුතුවලට බල නොපාන බව ප්‍රාන්ත රජය කියයි

ඉහත සඳහන් ප්‍රධාන නීති ද්විත්වය පැනවීමෙන් කොරෝනා වයිරසය පාලනය කිරීමට විශාල බලපෑමක් ඉතා අඩු වියදමකින් කළ හැකි බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.

එමෙන්ම එම නීති රැකියා වලට හෝ වැසියන්ගේ එදිනෙදා ජීවිතයට බල නොපාන බවද ඔහු පැහැදිලි කළේය.

Geelong ආශ්‍රිත කලාප 6 ක වැසියන්ට අද මධ්‍යම රාත්‍රියෙන් පසුව තම නිවෙස් වලට අමුත්තන් ගෙන්වා ගැනීමට නොහැකි නමුත් ඔවුන්ට අවන්හල්, ආපන ශාලා හෝ තැබෑරුම් වල තම මිතුරන් හා හිතවතුන්ව මුණ ගැසීමට අවස්ථාව ඇති බවද ප්‍රාන්ත අගමැතිවරයා පෙන්වා දුන්නේය.

අවන්හල්, ආපන ශාලා හෝ තැබෑරුම් යන ස්ථාන වල පරිසරය පාලනයට නතුවූ ස්ථාන වන නමුත් ඔබේ නිවාසයට හිතවතුන් පැමිණීම පාලනයට නතු නොවූ පරිසරයක් බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

මීට අමතරව වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප වල වැසියන්ට තවමත් කාය වර්ධන මධ්‍යස්ථාන වෙත සහ ප්‍රජා ක්‍රීඩා සඳහා යා හැකි නමුත් තම නිවාස වල විවාහ මංගල උත්සව හෝ අවමංගල උත්සව පැවැත්විය නොහැකිය.
Sinhalese
Source: SBS Sinhala

Share
Published 30 July 2020 5:39pm
By Madhura Seneviratne

Share this with family and friends