වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාව ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් මේ වන විට සමාජය තුළ විශාල බියක් ඇතිවී තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
ඒ හේතුවෙන් මෙල්බර්න් නුවර පාසල් පැවැත්වීමද අවදානම් බව ඇතැම් විදුහල්පතිවරු කියා සිටිති.

Source: Pixabay
මෙල්බර්න් නුවර පාසල් පැවැත්වීම අවදානම් ?
මෙල්බර්න් නුවර කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාව දෛනිකව ඉතා ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් පාසල් වලට සිසුන් ගෙන්වාගෙන ඉගැන්වීම් කටයුතු සිදු කිරීම ඉතා අවදානම් බව විදුහල්පතිවරු පවසති.
එනිසා මේ තත්ත්වය පාලනය වනතෙක් පාසල් වසා දමන ලෙස Catholic Regional College Sydenham පාසලේ විදුහල්පති වික්ටෝරියානු ප්‍රාන්ත අගමැතිගෙන් ඉල්ලා සිටින බව The Age පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
එම පාසලේ ගුරුවරුන් 7 දෙනෙකු හට පසුගිය සතියේ කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරු වීමත් සමග මේ සතියේදී පාසල වසා දැමීමට සිදුවිය.
අදාළ ගුරුවරුන් 7 දෙනාගෙන් එක් අයෙකු රෝහල් ගත වී ප්‍රතිකාර ලබන බවද සඳහන්.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
එමෙන්ම පාසලේ සිසුන් කිහිප දෙනෙකුටත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
එනිසාම අනෙක් සිසුන් ද මේ වන විට තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ බියට පත්වී පාසල් ඒමට මැලිකමක් දක්වන බව එහි විදුහල්පති Brendan Watson පවසයි.
කොරෝනා අවදානම මධ්‍යයේ වුවද පාසල් ආරක්‍ෂිත බවට දෙමාපියන් පවා පිළිගනු ලැබුවේ රජයේ උපදෙස් මත වන නමුත් මේ වන විට අත්දකින සිදුවීම් අනුව පාසල් වල විශාල අවදානමක් ඇති බව ද ඔහු පැහැදිලි කළේය.
online අධ්‍යාපනය හොඳම විකල්පයයි
මේ මොහොතේ බොහෝ පාසල් සිසුන් හා ගුරුවරුන් හට කොරෝනා වයිරසයත් සමග සටන් කිරීමට ප්‍රමාණවත් තරමේ ප්‍රතිශක්තියක් පවතිනවා ද යන්න ගැටළුවක් බවද Watson මහතා පැවසුවේය.
යම් සිසුවෙකු ට හෝ ගුරුවරයෙකු ට හෝ කොරෝනා වයිරසය වැළදී ඇති බවට සැලවන වාරයක් පාසාම සියලුම සිසුන් පන්ති කාමර වලින් එළියට පිටත් කර හරින බවත් ඒ හරහා ඔවුන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් වන බවත් ඔහු පැවසුවේය.
එනිසා මේ වසරේදී සිසුන් හට මනා අධ්‍යාපනයක් online ක්‍රමයට ලබා දිය හැකි බව ඔහු අදහස් කරයි.
"අපි සිසුන්ට යම් ස්ථීරභාවයක් ලබා දිය යුතු අතර ඔවුන් මේ වසර තුළදී මේ ආකාරයෙන් අධ්‍යාපනය ලැබීමට යන බව ඔවුන් දැනගත යුතුයි." යනුවෙන්ද Catholic Regional College Sydenham පාසලේ විදුහල්පති Brendan Watson පැවසුවේය.
මෙම වයිරසය වැඩිවන හා අඩුවන ආකාරයට පාසල් කටයුතුද ආරම්භ වීම සහ නැවත්වීම සිදුවේ.
මේ වන විට මෙල්බර්න් lockdown කලාප වල සහ Mitchell Shire ප්‍රාදේශීය කලාප වල සියලුම පාසල් වසා දමා දුරස්ථ අධ්‍යාපන ක්‍රමයට යොමු කරවිය යුතු බවට අද (28/07) දිනයේදී රජයේ පාසල් වල විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිතිය වන ඔස්ට්‍රේලියානු විදුහල්පතිවරුන්ගේ සම්මේලනය ප්‍රාන්ත රජයෙන් ඉල්ලීමක් කළේය.
පාසල් වලට පැමිණෙන සිසුන්ගේ ශරීර උෂ්ණත්වය දිනපතා පරීක්ෂා කිරීමේ ක්‍රමයක් වික්ටෝරියානු ප්‍රාන්ත රජය හඳුන්වා දී ඇති අතර මේ වන විට මුව ආවරණ පැළඳීම ද සිසුන්ට අනිවාර්ය කර ඇත.
නමුත් ගුරුවරුන්ට ඉගෙන්වීම් කටයුතු සිදු කරන විට මුව ආවරණ පැළඳීම අවශ්‍ය නොවේ.
මෙම අර්බුදයට සියලුම පාසල් වසා දැමීම සුදුසු පිළිතුරක් නොවන බවත් යම් ආසාදිතයෙකු හමුවූ පසු එම පාසල ඉතා හොඳින් හා ඉතා ඉක්මණින් විෂබීජ හරණය කිරීමෙන් අනතුරුව අදාළ පාසල යළි විවෘත කළ හැකි බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති ඊයේ (27/07) පැවසුවේය.
මෑතදී වාර්තා වූ කොරෝනා ආසාදන නිසා පාසල් 58 ක් සඳුදා වසා දමන ලදී.

Source: SBS Sinhala