මෙල්බර්න් හි අද වන විට සක්‍රිය කොරෝනා ආසාදිතයින් 100 ට වඩා අඩුවී ඇති බව පෙන්වන Postcode දැනගන්න (SBS සිංහල වාර්තා)

Flinders station in Melbourne CBD

Melbourne goes into lockdown from midnight 15/7 Source: AAP Image/James Ross

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාප වල දෛනිකව අලුතින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමිකව පහත වැටෙමින් පවතින අතරේ සක්‍රිය කොරෝනා ආසාදිතයින් 50 කට අධිකව වාර්තා වන මෙල්බර්න් postcodes 9 ක් පමණක් ඇති බව වාර්තා වේ.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 එයින් postcodes දෙකක සක්‍රිය කොරෝනා ආසාදිතයින් 100 කට අධිකව සිටින බව ද සඳහන්.
Mwanaume apita mbele ya bango mjini Melbourne.
A man walks past a sign on a truck in Melbourne as the city enforces strict lockdown restrictions after a fresh outbreak of the COVID-19. Source: AFP

සක්‍රිය කොරෝනා ආසාදිතයින් 100 ට වඩා සිටින මෙල්බර්න් postcodes

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට 4වන මට්ටමේ lockdown නීති පනවා මේ වන විට සති හයක් අවසන් වී හමාරය.

නමුත් තවමත් මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ වැඩිම සක්‍රීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා කරමින් පළමු කොරෝනා මර්මස්ථානය ලෙස රැදී ඇත්තේ 3029 postcode එක දරන කලාපය වේ.

3029 postcode එකට බටහිර මෙල්බර්න් කලාපයේ Hoppers Crossing, Tarneit සහ Truganina යන උප නගර අයත් වේ.

ඒවායේ පසුගිය සතියේදී සක්‍රිය කොරෝනා ආසාදිතයින් 177 ක් සිටි අතර මේ වන විට 126 ක් සිටින බව වාර්තා වේ.

අගෝස්තු 13 වන දින වන විට එම උප නගර වල සිටි සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 463 කි.

සක්‍රිය කොරෝනා ආසාදිතයින්  100 ඉක්මවූ අනෙක් මෙල්බර්න් postcode එක වන්නේ 3030 ය.

Point Cook සහ Werribee යන උප නගර ඊට අයත් වේ.

පසුගිය සතියේ එම නගර වලින් සක්‍රිය කොරෝනා ආසාදිතයින් 131 ක් වාර්තා වූ අතර මේ වන විට 121 ක් සිටින බව සඳහන්.
Coronavirus, COVID-19, NACA Feature,
Victorian Premier Daniel Andrews Source: AAP

සක්‍රිය කොරෝනා ආසාදිතයින් 50 - 100 අතර සිටින මෙල්බර්න් postcodes

සක්‍රිය කොරෝනා ආසාදිතයින් 50 - 100 අතර සිටින මෙල්බර්න් postcodes 7 ක් වාර්තා වාර්තා වේ. 

Calder Park, Sydenham, Delahey සහ Taylors Hill යන උප නගර අයත් වන 3037 postcode එකේ මේ වන විට සක්‍රිය කොරෝනා ආසාදිතයින් 83 දෙනෙකු සිටී.

පසුගිය සතියේ එම ප්‍රමාණය 109 ක් ලෙස සටහන් වී තිබුණි.

Craigieburn, Donnybrook, Kalkallo, Mickleham සහ Roxburgh Park යන උප නගර අයත් වන 3064 postcode එකේ මේ වන විට සක්‍රිය කොරෝනා ආසාදිතයින් 69 දෙනෙකු සිටී.

පසුගිය සතියේ එම උප නගර වලින් වාර්තා වූ සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 104 ක් ලෙස සටහන් වී තිබුණි.

මේ අතර 3020 දරන postcode එකට අයත් Albion, Sunshine සහ Sunshine West යන උප නගර වල පසුගිය සතියේ සක්‍රිය කොරෝන ආසාදිතයින් 102 ක් වාර්තා වූ නමුත් මේ වන විට එය 68 දක්වා පහත බැස තිබේ.

3023 දරන postcode එකට අයත් Caroline Springs, Deer Park, Ravenhall, Cairnlea සහ Burnside යන උප නගර වල පසුගිය සතියේදී සක්‍රිය කොරෝනා ආසාදිතයින් 57 ක් සිටි අතර මේ වන විට එය 54 දක්වා ඉතා සුළු පහත වැටීමක් සිදුව ඇත.


 SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


3076 දරන postcode එක හිමි Epping උප නගරයේ පසුගිය සතියේදී 87 ක්ව සිටි සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 54 දක්වා පහත බැස තිබේ.

කොරෝනා ආසාදිතයින් විශාල ප්‍රමාණයක් හමුවූ Epping Gardens නැමති Aged Care මධ්‍යස්ථානයද පිහිටා ඇත්තේ මෙහිය.

අගෝස්තු 13 වන විට Epping උප නගරයේ සක්‍රිය කොරෝනා ආසාදිතයින් 160 ක් සිටි බව සඳහන්.

මේ අතර Northcote උප නගරය අයත් වන 3070 දරන postcode එකේ මේ වන විට සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 53 ක් බවත් එම සංඛ්‍යාව පසුගිය සතියේදී 72ක් බවත් වාර්තා වේ.

එමෙන්ම 3175 දරන postcode එකට අයත්  Dandenong, Dandenong South, Dandenong North සහ Bangholme යන උප නගර වල පසුගිය සතියේ සක්‍රිය කොරෝන ආසාදිතයින් 77 ක් වාර්තා වූ නමුත් මේ වන විට එය 53 දක්වා පහත බැස තිබේ.

මේ අතර පසුගිය සතියේ සක්‍රිය කොරෝනා ආසාදිතයින් 79 ක් වාර්තා වූ 3073 postcode එක දරන Reservoir හි මේ වන විට වාර්තා වන ආසාදිතයින් ප්‍රමාණය 49 කි.
A resident is taken away in an ambulance from Epping Gardens Aged Care Facility in Epping, Melbourne, Tuesday, July 28, 2020.
A resident is taken away in an ambulance from Epping Gardens Aged Care Facility in Epping, Melbourne, Tuesday, July 28, 2020. Source: AAP

වික්ටෝරියා ප්‍රාන්තයේ වත්මන් කොරෝනා තත්ත්වය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කොරෝනා මරණ 59 ක් සමග කොරෝනා ආසාදිතයින් 81 ක් වාර්තා වේ.

එම මරණ වලින් 50 ක් ජූලි - අගෝස්තු කාලයේදී Aged Care මධ්‍යස්ථාන වලින් වාර්තා වූ මරණ බව සඳහන්.

ඒ අනුව මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 650 කි.

ඒ සමග සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම අද (04/09) වන විට වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 726 ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම මේ වන විට රෝහල් ගතවී ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 361 ක් වන අතර 20 දෙනෙකු දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබන බව සඳහන්.
Sinhala infographic - How to where a mask
Source: SBS


මුලාශ්‍ර - SBS සහ ABC පුවත් සේවය

Share
Published 4 September 2020 10:10am
Updated 4 September 2020 12:36pm
By Madhura Seneviratne

Share this with family and friends