සෞඛ්‍ය, ඉදිකිරීම් සහ IT ක්ෂේත්‍ර වලට සුබ පණිවිඩයක් ගෙනෙමින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නව Skilled Occupation ලැයිස්තුවක් නිකුත් කරයි (SBS සිංහල/ වාර්තා)

Skilled Migration Occupation Lists

Source: SBS

ඔස්ට්‍රේලියාවේ ඇතැම් වෘත්තීන් ඉලක්ක කරමින් නව Priority Migration Skilled Occupation List එකක් හෙවත් නව ප්‍රමුඛතා සංක්‍රමණ නිපුණතා රැකියා ලැයිස්තුවක් අද (02/09) ප්‍රකාශයට පත් කෙරුණි.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ රැකියා, නිපුණතා, සුළු හා පවුල් ව්‍යාපාර ඇමතිනී Michaelia Cash සහ ආගමන කටයුතු පිළිබඳ වැඩ බලන අමාත්‍ය Alan Tudge එක්ව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්.
Australian Employment Minister Michaelia Cash
Australian Employment Minister Michaelia Cash Source: AAP

Priority Migration Skilled Occupation (PMSOL) ලැයිස්තුවට හේතුව

කොරෝනා වසංගතය හේතුවෙන් කඩා වැටුණු ඔස්ට්‍රේලියානු ආර්ථිකය යළි නගා සිටුවීම, ඔස්ට්‍රේලියානු රැකියා නිර්මාණය කිරීමට උර දීම මෙලෙස Priority Migration Skilled Occupation List එකක් නිවේදනය කිරීමේ ප්‍රධාන අපේක්ෂාවන් බව Michaelia Cash සහ Alan Tudge යන අමාත්‍යවරුන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මේ හරහා තීරණාත්මක අංශවල හදිසි නිපුණතා අවශ්‍යතා සපුරාලීම සඳහා අනුග්‍රාහක පුහුණු ශ්‍රමිකයින් සුළු පිරිසකට ඔස්ට්‍රේලියාවට පැමිණීමට ඉඩ ලැබේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


මෙම Priority Migration Skilled Occupation ලැයිස්තුවට වෘත්තීන් 17 ක් ඇතුළත් කර ඇත.

ජාතික නිපුණතා කොමිෂන් සභාවේ උපදෙස් හා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අදාළ ආයතන සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම ලැයිස්තුව නිර්මාණය කළ බව ද වාර්තා වේ.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ශ්‍රම වෙළෙඳපොළේ තත්ත්වය සහ ආර්ථිකයට සාපේක්ෂව මෙම ලැයිස්තුව නිතිපතා සමාලෝචනය කරනු ලැබේ.
Health Workers raise concerns about PPE
Source: AAP

ආර්ථිකය යළි ගොඩනැගීමට නිපුණතා ශ්‍රමිකයින් ගේ දායකත්වය

මෙම වෙනස්කම් හරහා ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා නිවැරදි සමතුලිතභාවය ඇති කරනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ වැඩ බලන අමාත්‍ය Alan Tudge පැවසීය.

"අපගේ ප්‍රමුඛතාව ඔස්ට්‍රේලියානුවන් නැවත රැකියා වලට බඳවා ගැනීමයි. නමුත් කොරෝනා වසංගතයට එරෙහිව සටන් කිරීමට ප්‍රධාන සෞඛ්‍ය සේවකයින් ද ආර්ථිකය නගා සිටුවීමට නිපුණතා ශ්‍රමිකයින් ද අපට අවශ්‍යයි." යනුවෙන් ඔහු සිය නිවේදනයේ පෙන්වා දී ඇත.

කොරෝනා වසංගතයට ඔස්ට්‍රේලියාව දක්වන ආර්ථික ප්‍රතිචාරය හමුවේ මෙම ලැයිස්තුවේ සෞඛ්‍ය සේවා, ඉදිකිරීම් සහ තොරතුරු තාක්ෂණ යන ක්ෂේත්‍ර වලට ප්‍රධාන තැනක් හිමි කර දී තිබේ.
Acting Immigration Minister Alan Tudge
Acting Immigration Minister Alan Tudge Source: AAP

අවශ්‍යතා

මෙම ලැයිස්තුවේ ඇති වෘත්තීන් සඳහා අයදුම් කිරීමට ඔස්ට්‍රේලියානු සමාගමකින් හෝ ව්‍යාපාරයකින් හෝ ආයතනයකින් හෝ අනුග්‍රහය දැක්විය යුතුය.

එලෙස අනුග්‍රහය ලැබූ වීසා ලාභීන්ට දැනට ඔස්ට්‍රේලියාවට පැමිණීමට පනවා ඇති සංචාරක තහනම නොතකා ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවස්ථාව ලැබෙන නමුත් ඔස්ට්‍රේලියාවට පැමිණි දිනයේ පටන් දින 14 ක් අනිවාර්යෙන් නිරෝධායනය විය යුතුය.

එලෙස අනුග්‍රහය දක්වන සමාගම හෝ ආයතනය ඔස්ට්‍රේලියාවේ ජාතික මට්ටමින් අදාළ පුරප්පාඩුව පිළිබඳ දැන්වීම් දෙකක් පළ කළ යුතුය.

ඊට අමතරව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ jobactive වෙබ් අඩවියේ ද එම දැන්වීම පළ කළ යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ රැකියා, නිපුණතා, සුළු හා පවුල් ව්‍යාපාර ඇමතිනී Michaelia Cash පැවසුවාය.

දැනට ක්‍රියාත්මක නිපුණතා රැකියා ලැයිස්තු එලෙසම ක්‍රියාත්මක වන නමුත් නිපුණතා වීසා ලබා දීමේදී  Priority Migration Skilled Occupation ලයිස්තුවේ ඇති වෘත්තීන් සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙන බවද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
Western Australia announced 2022-23 Migration Program changes with the new Occupation List
Large Group of Diverse People with Different Occupations Source: Getty Images

Priority Migration Skilled Occupation ලැයිස්තුව

  1. Chief Executive or Managing Director (Occupation ID - 111111)
  2. Construction Project Manager (Occupation ID - 133111)
  3. Mechanical Engineer (Occupation ID - 233512)
  4. General Practitioner (Occupation ID - 253111)
  5. Resident Medical Officer (Occupation ID - 253112)
  6. Psychiatrist (Occupation ID - 253411)
  7. Medical Practitioner nec (Occupation ID - 253999)
  8. Midwife (Occupation ID - 254111)
  9. Registered Nurse (Aged Care) (Occupation ID - 254412)
  10. Registered Nurse (Critical Care and Emergency) Occupation ID - (254415)
  11. Registered Nurse (Medical) (Occupation ID - 254418)
  12. Registered Nurse (Mental Health) (Occupation ID - 254422)
  13. Registered Nurse (Perioperative) (Occupation ID - 254423)
  14. Registered Nurses nec (Occupation ID - 254499)
  15. Developer Programmer (Occupation ID - 261312)
  16. Software Engineer (Occupation ID - 261313)
  17. Maintenance Planner (Occupation ID - 312911)
Sinhala infographic - How to where a mask
Source: SBS

Share
Published 2 September 2020 5:16pm
Updated 7 September 2020 7:46am
By Madhura Seneviratne

Share this with family and friends