කොවිඩ් වසංගතය නිසා පනවා තිබූ සංචාරක සීමාවන් ලිහිල් කර ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශසීමා යළි විවෘත කළ විට දේශීයව ඇතිවිය හැකි ත්‍රස්තවාදී තර්ජනය වැඩි වන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක නියෝජිත ආයතන මේ බව මධ්‍යම රජයට දැනුම් දී තිබේ.
Highlights
- ඔස්ට්‍රේලියාවේ දේශසීමා යළි විවෘත කිරීම ත්‍රස්තවාදී අවදානම වැඩි කරන බව මධ්‍යම රජය පවසයි.
- මුස්ලිම් විරෝධී නව නාසි අදහස් දරන සන්නද්ධ ඔස්ට්‍රේලියානුවන්ගේ ජාලයක් පිළිබඳ SBS පුවත් සේවය අනාවරණය කරයි.
- ඔස්ට්‍රේලියාවේ ත්‍රස්ත සංවිධාන ලේඛනයට තවත් අන්තවාදී දක්ෂිනාංශික කණ්ඩායම් ඇතුළත් කර ගැනීමට තමා අදහස් කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනී Karen Andrews පැවසුවාය.
දේශසීමා විවෘත කිරීම සහ ත්‍රස්තවාදී අවදානම
ඔස්ට්‍රේලියාවේ ක්‍රමිකව වර්ධනය වන දක්ෂිණාංශික අන්තවාදයේ තර්ජනය දෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට දෑස් පියාගෙන සිටිය නොහැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනී Karen Andrews, SBS පුවත් සේවය සමග සිදුකළ සාකච්ඡාවකදී පැවසුවාය.
නොසලකා හැරිය නොහැකි ආකාරයට ඔස්ට්‍රේලියාවේ දක්ෂිණාංශික අන්තවාදය සම්බන්ධ සංඛ්‍යාලේඛන වර්ධනය වී ඇති බව ඇය එහිදී හෙළි කළාය.
එනිසාම ඒ දෙස රජයට නෙත් පියා බලා සිටිය නොහැකි බවද ඇය පැවසුවාය.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
ප්රචණ්ඩ අන්තවාදයේ සියලුම තර්ජන ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය බරපතල අයුරින් සලකන බවත් ඔස්ට්‍රේලියාවේ දේශ සීමා යළි විවෘත කරන විට එය වැඩිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඇමතිනී Karen Andrews, SBS පුවත් සේවය සමග පැවසුවාය.
"විශේෂයෙන් ඉදිරි මාස කිහිපය තුළ අප මුහුණ දෙන අවදානම් පිළිබඳව අපි හොඳින් දන්නවා. ඔස්ට්‍රේලියාව තුළ මෙන්ම විදෙස් රටවල මිනිසුන් සැරිසරන විට ඔස්ට්‍රේලියාව තුළ අපේම ආරක්ෂාවට ඇති අවදානම ගැන අපි හොඳින් දන්නවා." යනුවෙන් ද ඇය වැඩි දුරටත් පැහැදිලි කළාය.
මුස්ලිම් විරෝධී නව නාසි අදහස් දරන සන්නද්ධ ඔස්ට්‍රේලියානු ජාලයක්
මුස්ලිම් විරෝධී නව නාසි අදහස් දරන සන්නද්ධ ඔස්ට්‍රේලියානුවන්ගේ ජාලයක් පිළිබඳ පසුගිය සතියේදී SBS පුවත් හරහා අනාවරණය කෙරිණි.
ඒ සම්බන්ධයෙන් මීට පෙර කිසි දිනෙක මාධ්‍ය තුළ වාර්තා වී නොතිබුණි
මෙම කණ්ඩායම පුපුරණ ද්‍රව්‍ය භාවිතය ගැන විදේශ ත්‍රස්ත සංවිධාන සමඟ කතා කරමින් සිටියේය.
එම වාර්තාව පිළිබඳ තමන් කලබලයට පත්වූ බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනී Karen Andrews පැවසුවාය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
එම වාර්තාව තමන් කලබලයට පත් කළ බවත් ඒ පිළිබඳ තම ආරක්ෂක ආයතන සමග තමා සාකච්ඡා කළ බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනී Karen Andrews පැවසුවාය.
අදාළ ජාලයේ විශාලත්වය සහ ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක වීමට එයට ඇති හැකියාව පිළිබඳවත් එම පුද්ගලයින් එම ගිනි අවි හෝ පුපුරන ද්‍රව්‍ය වලින් කුමක් කිරීමට අදහස් කරන්නේද යන්න පිළිබඳවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දැඩි අවධානයක් යොමු කර ඇති බව ඇය පැවසුවාය.
මේ අතර පසුගිය මාස 18 ක් තුළ එහි ජාතිකවාදී අන්තවාදීන් සම්බන්ධයෙන් තමන්ගේ රාජකාරී කටයුතු 750% කින් ඉහළ ගොස් ඇති බවත් එය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය ද SBS පුවත් වෙත හෙළි කළේය.
ඔස්ට්‍රේලියාව පුරා සන්නද්ධ නව නාසි සංවිධාන පිළිබද මෑතකදී පළ වූ මාධ්‍ය වාර්තා වලින් පසුව ඔස්ට්‍රේලියාවේ මෙතෙක් ප්‍රකාශිත ත්‍රස්ත සංවිධාන ලේඛනයට තවත් අන්තවාදී දක්ෂිනාංශික කණ්ඩායම් ඇතුළත් කර ගැනීමට තමා අදහස් කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනී Karen Andrews පැවසුවාය.
"යම් සංවිධානයක් ත්‍රස්ත සංවිධාන ලේඛනයට ඇතුළත් කිරීමට හේතුවක් ඇතිනම් අනිවාර්යෙන් මම එය කරනවා." යනුවෙන් ද ඇමතිනී Karen Andrews අවධාරණය කළාය.

The Australian group uncovered by SBS News had been comunicating with terrorist organisations overseas. Source: SBS News
'ත්‍රස්ත විරෝධී' ක්‍රියාන්විත සඳහා වැඩි අරමුදල් අවශ්‍යයි
2013 වසරේ සිට countering violent extremism (CVE) හෙවත් ප්රචණ්ඩ අන්තවාදයට එරෙහි වැඩසටහන් සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඩොලර් මිලියන 69 ක් වියදම් කර තිබේ.
තවද Australian Security Intelligence Organisation (ASIO) හෙවත් ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානයේ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා ඩොලර් බිලියන 1.3 ක් ද යොදවා තිබේ.
වර්ධනය වෙමින් පවතින දක්ෂිනාංශික අන්තවාදයේ තර්ජනයට එරෙහිව සටන් කිරීම සඳහා තවත් බොහෝ දේ කළ යුතු බවත් එය හදිසි අවශ්‍යතාවක් බවත් ස්වදේශ කටයුතු පිළිබඳ කම්කරු පක්ෂයේ නියෝජිත Kristina Keneally පැවසුවාය.

Shadow Minister for Home Affairs, Kristina Keneally. Source: SBS News
"අපට මෙහි ඇත්තේ ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ජනයක්. ත්‍රස්තවාදී තර්ජනයක්." යනුවෙන්ද ඇය සඳහන් කළාය.
එය බරපතල තර්ජනයක් ලෙස සලකා ක්‍රියා කළ යුතු බවත් අප මුහුණ දෙන අනතුරුදායී තත්ත්වය තේරුම් ගැනීමට නවසීලන්තයේ Christchurch ත්‍රස්ත ප්‍රහාරය වැනි ප්‍රහාරයක් ඔස්ට්‍රේලියාවේදී සිදු වන තුරු බලා සිටීමට අපට අවශ්‍ය නැති බවත් ඇය අවධාරණය කළාය.