ඔස්ට්‍රේලියාවෙදී සර්පයෙක් දුටුවොත් ඔබ මොනවද කළ යුත්තේ ?

මේ ඔස්ට්‍රේලියාවේ ගිම්හාන කාලය වන අතර සර්පයන් වඩාත් ක්‍රියාශීලී වන කාලයයි. ඔබට සර්පයෙකු හමු වුවහොත් ඔබ කුමක් කළ යුතුද? විමසා බලමු.

Image 1: snake in a pot plant. Image 2: A man holding a large snake. Image 3: A large snake on a ladder.

Matthew Stopford has been handling snakes since he was a child and says they bite humans only when they feel threatened. Source: Supplied / Central Coast Snake Catchers

Key Points
  • පසුගිය සෙනසුරාදා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සර්පයෙකු දෂ්ඨ කළ බවට සැක කෙරෙන පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
  • එය මාස කිහිපයක් ඇතුළත ප්‍රාන්තයේ සිදුවූ දෙවන මාරාන්තික සර්ප දෂ්ඨනයයි.
  • සමහර ප්‍රාන්ත වල විකල්ප නීති ඇතත්, සර්පයෙකු අල්ලා මරා දැමීම ඔස්ට්‍රේලියාව තුළ නීති විරෝධී වේ.
ග්‍රීෂ්ම කාලය තුළ ඔස්ට්‍රේලියාවේ සර්පයන් වඩාත් ක්‍රියාශීලී වීමත්, පසුගිය මාස කිහිපය තුළ සර්ප දෂ්ට කිරීම් හේතුවෙන් මරණ දෙකක් සිදුවී තිබීමත් හේතුවෙන්, සර්පයෙක් දුටුවොත් ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස විශේෂඥයින් ජනතාවගෙන් ඉල්ලා සිටී.

පසු ගිය සෙනසුරාදා, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වයස අවුරුදු 60 ක පුද්ගලයෙක් සර්ප දෂ්ඨ කිරීමකින් මිය ගියේය. බ්‍රිස්බේන් නගරයට කිලෝමීටර් 70ක් පමණ නැගෙනහිරින් පිහිටි කෙන්සිංටන් ග්‍රෝව්හි පිහිටි පෞද්ගලික ඉඩමකදී දුඹුරු සර්පයෙක් (brown snake) ඔහුගේ අත සපා කන්නට ඇතැයි විශ්වාස කෙරේ.

2022 නොවැම්බර් මාසයේදී ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ගයින්ඩා ප්‍රදේශයෙහි සිදුවූ තවත් මාරාන්තික සර්ප දෂ්ට කිරීමක් ද නිසා ගිම්හාන මාසවලදී සර්ප දෂ්ඨ කිරීමේ අවදානමට එරෙහිව අමතර පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස ප්‍රාදේශීය කවුන්සිලය ජනතාවගෙන් ඉල්ලා සිටී.
A snake slithers along racks in an adult store, where bachelorette party items are hanging.
Matthew Stopforth says he's captured snakes in a variety of places and they are surprisingly good at getting into different places. Source: Supplied / Central Coast Snake Catchers
නමුත් ඔස්ට්‍රේලියාව තුළ සර්පයන් , විශේෂයෙන් විෂ සහිත සර්ප විශේෂයන් කෙතරම් සුලභ දසුනක් දැයි විමසා බලමු.

ඔස්ට්‍රේලියාවේ සර්ප දෂ්ඨ කිරීම් කෙතරම් සුලබද?

CSIRO ආයතනයට අනුව, ඔස්ට්‍රේලියාවේ සර්ප විශේෂ 200 කට වැඩි ප්‍රමාණයක් සිටින අතර, ඉන් තුනෙන් දෙකක් පමණ විෂ සහිත සර්ප විශේෂ වේ.නමුත් ඉන් භයානක සර්පයින් ලෙස සැලකෙන්නේ තුනෙන් එකක් පමණක් වන අතර, එම සර්පයිම් දෂ්ඨ කිරීම ජීවිතයට තර්ජනයක් විය හැකි බව එයින් අදහස් වේ.

උප සහරා අප්‍රිකාවේ සහ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවල් වල මාරාන්තික සර්ප දෂ්ඨ කිරීම් වැඩිම ප්‍රතිශතයක් ඇති බව පර්යේෂණ මගින් හඳුනාගෙන තිබේ.

දකුණු අප්‍රිකාවේ සෑම වසරකම සර්ප දෂ්ඨ කිරීම් හේතුවෙන් සාමාන්‍ය මරණ 476 ක් පමණ වාර්තා වන බව සොයාගෙන ඇති අතර, සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ වාර්ෂිකව සර්ප දෂ්ඨ කිරීම් හේතුවෙන් මරණ දෙකක් හෝ තුනක් පමණක් වාර්තා වේ.

ඔබ සර්පයෙකු දුටුවහොත් කුමක් කළ යුතුද?

Matthew Stopford යනු ඔහුගේ පියාගෙන් සර්පයන් අල්ලා ගැනීමේ කුසලතාවය ඉගෙන ගෙන ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් සර්පයන් ඇල්ලීමේ යෙදන පුද්ගලයෙකි.

ඔහු දැන් නිව් සවුත් වේල්ස්හි මධ්‍යම වෙරළ කලාපයේ සර්පයන් ඇල්ලීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි.

ශීත ඍතුවේ දී සර්පයන් ඇල්ලීම සදහා ලැබෙන ඇමතුම් අඩු වන අතර ගිම්හානයේ උච්චතම කාලය තුළ ඔහුට දිනකට ඇමතුම් තුනක් හෝ හතරක් ලැබේ.

මෑත මාසවලදී, Stopford මහතාට විවිධ ස්ථානවල සිටි සර්පයන් ඇල්ලීමට ඉල්ලීම් ලැබී තිබේ. එම ස්ථාන අතර ලිංගික මෙවලම් සාප්පුවක්, හිරු එළිය සහිත කෑම කාමරයේ සෝපාවක් , පාසල් පන්ති කාමරයක්, දන්ත සායනයක් සහ පිහිනුම් තටාකයේ පෙරහනක් තුළ යන ස්ථාන වේ.

සෑම අවස්ථාවක්ම පවතින තත්වයන් මත රඳා පවතින අතර, යම් පුද්ගලයෙකු වනයේදී සර්පයෙකු හමු වුවහොත්, ඔවුන් තම දුරස්ථ බව තබාගෙන, සර්පයා තිගැස්මකට ලක් නොකිරීමට උපරිමයෙන් උත්සාහ කළ යුතු බව Stopford මහතා පවසයි.

සර්පයෙකු දුටු විට පියවර කිහිපයක් පසුපසට යා යුතු බවත් දුරස්ථව සිට සර්පයාගේ , ඡායාරූප කිහිපයක් ගැනීමට හෝ සර්පයා වටා ඇවිදීමට සහ ඉදිරියට යාමට හැකි බවත් ඔහු කියා සිටී.

සර්පයන් සාමාන්‍යයෙන් ඔබ පසුපස හඹා නොඑන නමුත් ඔබ සර්පයෙකු, විශේෂයෙන් දුඹුරු සර්පයන් තිගැස්සුවහොත්, ඔවුන් නැගී සිට ඔබ දෙසට එනු ඇත.
සර්පයෙක් සාමාන්‍යයෙන් මිනිසකුට දෂ්ඨ කරන්නේ ඔවුන් විසින් සර්පයා පාගා ඇති විටෙක හෝ අල්ලා ගැනීමට තැත් කළහොත් පමණක් බවත් එය තර්ජනයක් ලෙස සර්පයාට දැනුන විට පමණක් බවත් Stopford මහතා කියා සිටී.

සර්පයෙක් ඔබේ දේපළේ හෝ ඔබේ නිවසේ සිටින විටදී පවා, සර්පයා ඉවත් කිරීමට පුහුණු වෘත්තිකයෙකු කැඳවිය යුතු බව Stopford මහතා පෙන්වා දෙයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේදී, ඔබ විසින් බලපත්‍රයක් නොමැතිව සර්පයෙකු අල්ලා ගැනීම හෝ මරා දැමීම සිදු කළ හොත් ඩොලර් 10,000 දක්වා දඩයකට හෝ සිර දඩුවමකට යටත් විය හැක.

ඔස්ට්‍රේලියාව පුරා මෙවැනි දඩුවම් ක්‍රියාත්මක වන නමුත් ප්‍රශ්න කිරීමේදී බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය වැනි ඇතැම් ප්‍රදේශ වල බලධාරීන් පවසා ඇත්තේ අනතුරක් දුටු වහාම සර්පයෙකු මරා දැමූ පුද්ගලයින්ට දඬුවම් නොලැබෙන බවයි.

Stopford මහතා සිදු කරන සේවාව වැනි සේවාවන් සඳහා ගාස්තුවක් අය කෙරේ. නමුත් සමහර අවස්ථා වලදී සමහර ප්‍රදේශවල ස්වේච්ඡාවෙන් සර්ප‍යන් අල්ලන්නන් සිටී.

Keep your eyes on the snake

ස්ටොප්ෆර්ඩ් මහතා පැවසුවේ බොහෝ අය තම නිවසේ හෝ මිදුලේ සර්පයෙකු සිටින විට සිදු කරන වරදක් නම් සර්පයාගෙන් ඇස් ඉවතට ගැනීම වන බවයි.

සර්පයා යන්නේ කොතැනටද සහ සිදුවන්නේ කුමක්දැයි විමසිල්ලෙන් සිටිය යුතු බවත් සර්පයින්ට සැඟවීමට පුදුමාකාර හැකියාවක් ඇති බවත් ඔහු පවසයි.

ඔබ සර්පයා පිළිබඳව විමසිල්ලෙන් නොසිටියහොත් සර්ප අල්ලන්නා පැමිණි ගිය විට ඔවුන්ට සර්පයා සොයාගත නොහැකි වන බව ඔහු පවසා සිටී.

Stopford මහතා සර්පයන් ඇල්ලීමේ වඩාත් කැමති ක්‍රමය නම් සර්පයන් වලිගයෙන් අහුලා ගැනීම වන අතර ඔහු පැවසුවේ සර්පයින් කිසි දිනක ඔහුට දෂ්ඨ කර නැති බවයි.

ඔහු සර්පයන් බෑගයක දමා අල්ලා ගත් ස්ථානයේ සිට කිලෝමීටර් 20 ක් පමණ ඇතුළත ඇති වනාන්තර ප්‍රදේශයකට ගෙන යයි.
326249514_1296856700873692_174981571028376963_n.jpg
Source: Supplied / Central Coast Snake Catcher
Stopford මහතා පැවසුවේ තමන් අල්ලා ගත් සර්පයන්ගෙන් අඩක් පමණ විෂ සහිත වන නමුත් ජනතාව විසින් සියලු සර්පයන් විෂ සහිත ලෙස සැලකීම වැදගත් වන බවයි.

සිඩ්නි සහ ඒ අවට නිවෙස්වල බොහෝ විෂ සහිත දුඹුරු සර්පයන් සමඟ තමා කටයුතු කර ඇති බවත් සර්පයන් ජනේලවල හිඩැස්, රෝලර් ගේට් සහිත ගරාජ් සහ බිම් පුවරුවල ඇති කුඩා සිදුරු හරහා යා හැකි බැවින් සර්පයන්ට ඇතුල් විය හැකි ස්ථාන ගැන ජනතාව පුදුම වනු ඇති බවත් ඔහු පවසයි.

සර්පයෙක් දෂ්ට කළ විට කළ යුත්තේ කුමක්ද?

බොහෝ ඔස්ට්‍රේලියානුවන් ඉගෙන ගෙන ඇත්තේ සර්ප දෂ්ඨනයකදී තුවාලය ඇති ස්ථානයට රුධිරය ගමන් නොකරන පරිදි පීඩනයක් යෙදීමට වන අතර , එසේ කිරීමෙන් ඇත්ත වශයෙන්ම වැඩි හානියක් සිදුවිය හැක. ේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සෞඛ්‍යය අංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කුමන ආකාරයක සර්පයෙකු වුවද දෂ්ට කළ ද වහාම ගිලන් රථයක් අමතන ලෙසයි.
ඔබට දෂ්ට කළ සර්පයා අසල වාඩි නොවන ලෙසත් ක්ෂණික අනතුරින් වහාම ඉවත් වන ලෙසත් Sropford මහතා පවසයි. සර්පයෙකු දෂ්ට කළ අයෙකු ඔවුන්ගේ චලනය සීමා කළ යුතු බව ද ඔහු කියා සිටී.

“සියලු තද ආභරණ සහ එවැනි දේ ඉවත් කරන්න, මන්ද ඔබ සිරුරේ දෂ්ට කිරීමට ලක් වූ ප්‍රදේශය දෙතුන් ගුණයක් වත් ඉදිමෙනු ඇත,”

“හොඳම දේ පීඩන වෙළුම් පටියක් යෙදීම වන අතර, වෙළුම් පටිය සපා කෑ ප්‍රදේශය වටා දෙතුන් වතාවක් ඔතා, අතපය පහළට ගෙන නැවත ඉහළට ගන්න,”

සර්පයන්ගේ දින දර්ශන මාරු වීී තිබේ.

Stopforth මහතා පැවසුවේ පසුගිය වසරේ සර්ප ක්‍රියාකාරකම් ප්‍රමාණය සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වී නොතිබුණද, ඔහු එහි “නොගැලපීමක්” දුටු බවයි.

සර්පයන් මේ අවුරුද්දේ කොයි කාලයද කියා නොදන්නා බව ඔහු පවසයි.

වැසි, ගංවතුර, වැනි විවිධ කාලගුණ තත්ත්වයන් ගැනත් වසර පුරාම ඇති උණුසුම ආදී කාලගුණ විපර්යාස ගැන සර්පයන්ට අවබෝධයක් නැති බවද ඔහු වැඩිදුරයත් පවසා සිටී

ශීත ඍතුවේ දී ගැබ්ගෙන සිටි සර්පයන් තමා දුටු බවත් , සාමාන්‍යයෙන් සර්පයින් වසන්ත කාලයේදී සංසර්ගයේ යෙදී පසුව පැටවුන් බිහි කරන බවත් , එබැවින් සෑම දෙයක්ම ටිකක් අවුල් සහගත වී ඇති බවත් Stopford මහතා පවසයි.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සර්පයින් අල්ලන්නෙකු වන කේසි ෂෝල්ටන් පැවසුවේ මෑතකදී සර්ප හැසිරීම් වල වැඩි වෙනසක් තමා නොදුටු නමුත් , ප්‍රදේශයේ සර්පයන් පෙර වසරවලට වඩා සති කිහිපයකට පසුව වඩාත් ක්‍රියාශීලී වී ඇති බව ඔහු දුටු බවයි.

With AAP.

Share
Published 31 January 2023 6:16am
By Aleisha Orr, Athini Amarasiri
Source: SBS


Share this with family and friends