Key Points
- මෙම දෙමුහුන් ප්‍රතිශක්තිය මගින් ප්‍රතිශක්තිය අඩුවීමට වැඩි කාලයක් ගතවන ඉහළ ප්‍රතිදේහ මට්ටම් ජනනය කරන බව විශ්ලේෂණයේ සාක්ෂි වලින් පෙනී යයි.
- දීර්ඝ කාලීන COVID ආසාදනය වැළක්වීම හෝ කොවිඩ් වයිරසය බෝවීමට හේතු නොවන බැවින් කොවිඩ් ආසාදනයට වඩා එන්නත්කරණයේ ප්‍රතිලාභ ඇති බව ඔස්ට්‍රේලියානු සෞඛ්ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
- WHO විසින් කොවිඩ් ආසාදන හා නැවත ආසාදනය වීම වළක්වා ගැනීමට ජනතාවට උපදෙස් ලබා දේ.
එන්නත් නොකළ සහ කොවිඩ් අසාදනය නොවූ පුද්ගලයින්ට වඩා දෙමුහුන් ප්‍රතිශක්තිය ඇති පුද්ගලයින්ට කොවිඩ් ආසාදනය වී දරුණු ලෙස රෝගාතුර වීමෙන් සහ රෝහල්ගත වීමට සිදු වීමෙන් ඉහළ ආරක්ෂාවක් තිබෙන බව අධ්‍යයන 26 ක් මත පදනම් වූ මෙම විශ්ලේෂණයෙන් පෙන්නුම් කෙරේ.
"කොවිඩ් වයිරසය සඳහා දෙමුහුන් ප්‍රතිශක්තිය වර්ධනය වී වසරකට පසු, පුද්ගලයෙකුට දරුණු ලෙස කොවිඩ් වැළඳීම හෝ රෝහල් ගත වීමට අවශ්‍ය වීම අවම වශයෙන් සියයට 95 කින් අඩු සම්භාවිතාවක් වන බව" ලොව ප්‍රමුඛතම වෛද්‍ය සඟරාවක් වන "The Lancet හි පත්‍රිකාවක් මඟින් පෙන්වා දෙයි.
“වසරකට පෙර කොවිඩ් ආසාදනය වූ නමුත් කොවිඩ් සඳහා එන්නත ලබා නොගත් අයට එම අවදානම සියයට 75 ක් දක්වා අඩු වන බවද එහි සඳහන් වේ.
නමුත් දරුණු ලෙස රෝගී වීම හෝ රෝහල්ගත වීම සඳහා ඉහළ ආරක්ෂාවක් ලැබුණද , දෙමුහුන් ප්‍රතිශක්තිය මගින් නැවත ආසාදනයට එරෙහිව ඉහළ ආරක්ෂාවක් ලබා නොදේ.
දෙමුහුන් ප්‍රතිශක්තිය ඇති පුද්ගලයින්ට වසරකට පසු නැවත කොවිඩ් ආසාදනය වීමේ සම්භාවිතාව සියයට 42 කින් අඩු වන අතර මීට පෙර කොවිඩ් ආසාදනය වී ඇති අයට එය වැළඳීමේ සම්භාවිතාව සියයට 25 කින් අඩු වේ.WHO
එන්නත් කිරීම හෝ ආසාදනය හරහා ප්‍රතිදේහජනක වලට නැවත නැවත නිරාවරණය වීමෙන් ප්‍රතිදේහ නිපදවීමට ශරීරය උත්තේජනය කරන බව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
එයින් අදහස් කරන්නේ දෙමුහුන් ප්‍රතිශක්තිය ඇති පුද්ගලයින් කොවිඩ් එන්නත ලබා ගැනීම හෝ කොවිඩ් ආසාදනය වූ පුද්ගලයින්ට වඩා වැඩි වශයෙන් ප්‍රතිදේහජනක වලට නිරාවරණය වී ඇති බවයි.
මෙම WHO විශ්ලේෂණය මඟින් කොවිඩ් ආසාදනය ප්‍රවර්ධනය නොකරන බව WHO හි COVID-19 තාක්ෂණික ප්‍රධානියා වන Maria Van Kerkhove පැවසුවාය.
කොවිඩ් අසාදනය හා නැවත අසාදනය වීම වළක්වා ගැනීමට කළ හැකි දේ කිරීම වැදගත් වන බව ඇය විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියාය.
කොවිඩ් ආසාදනයට එරෙහිව එන්නත් කිරීමේ ප්‍රතිලාභ
කොවිඩ් එන්නත් මඟින් ආරක්ෂිත සහ පාලිත ආකාරයකින් ශරීරය තුළ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කරන බව ඔස්ට්‍රේලියානු සෞඛ්ය දෙපාර්තමේන්තුව පවසයි.
"ස්වභාවිකව වෛරසයකට ශරීරය නිරාවරණය වූ විට, නිරාවරණ වන වෛරස මාත්‍රාව එන්නත් කිරීමේදී සිරුරට ඇතුළු කරන මාත්‍රාවට වඩා බොහෝ විට විශාල වේ. එමඟින් ඇත විඳීමට සිදු වන රෝග ලක්ෂණ වඩාත් නරක වන අතර , එයින් පුද්ගලයින් වඩාත් අසනීප කරවන බව ඔස්ට්‍රේලියානු සෞඛ්ය දෙපාර්තමේන්තුව SBS මාධ්‍ය වෙත පැවසීය .
කොවිඩ් සඳහා එන්නත් කිරීම දීර්ඝ කාලීනව COVID වර්ධනයට හෝ කොවිඩ් සම්ප්‍රේෂණයට හේතු විය නොහැකඔස්ට්රේලියානු සෞඛ්ය දෙපාර්තමේන්තුව
පුද්ගලයන්ගේ වයස සහ පෙර පවතින සෞඛ්‍ය තත්වයන් අනුව කොවිඩ් ආසාදනයෙන් ඇති වන ප්‍රතිශක්තිය සහ එන්නත් කිරීමෙන් ඇති වන ප්‍රතිශක්තිය වෙනස් වන බව ඔස්ට්‍රේලියානු රජය පවසයි.
කොවිඩ් සඳහා එන්නත් කිරීම මඟින් වයස්ගත පුද්ගලයින් තුළ පවා ප්‍රබල ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කරන බව රජය වැඩිදුරටත් කියා සිටී.
ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ මෙම විශ්ලේෂණය සඳහා සහයෝගයෙන් කටයුතු කළ ේ ආචාර්ය Niklas Bobrovitz පැවසුවේ කොවිඩ් වැළඳුණ පුද්ගලයන්ද කොවිඩ් එන්නත් ලබා ගැනීමේ අවශ්‍යතාවය මෙම ප්‍රතිඵල මඟින් පැහැදිලි වන බවය.ි
ප්‍රජාව තුළ ඇති ශක්තිමත් දෙමුහුන් ප්‍රතිශක්තිය වසංගතය අවසන් කිරීමට උපකාරී වේද?
ඔස්ට්‍රේලියාවේ දෙමුහුන් ප්‍රතිශක්තිය පිළිබඳ අත්දැකීම් තවමත් වර්ධනය වෙමින් පවතින අතර Lancet හි ප්‍රකාශයට පත් කරන ලද විශ්ලේෂණය තවමත් මුඋලික අවධියේ පවතින බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය ස්ටීව් රොබ්සන් පැවසුවේය.
ඔබ කොවිඩ් එන්නත් පිළිබඳව යාවත්කාලීනව සිටීමෙන් ඔබට කොවිඩ් ආසාදනය වීමේ සම්භාවිතාව අඩු වන අතර ඔබ එය වෙනත් කෙනෙකුට සම්ප්‍රේෂණය කිරීමේ සම්භාවිතාව අඩු බව මහාචාර්ය රොබ්සන් පැවසීය.
"ඔබට කොවිඩ් ආසාදනය වීම සඳහා තිබෙන්නේ අඩු අවදානමක් වුවත් , ඔබේ ආරක්ෂාව ගැන පමණක් නොව තවමත් අවදානමට ලක්ව සිටින අන් අය වෙනුවෙන් කොවිඩ් එන්නත ලබා ගැනීමට කාරුණික වන්න"
වෛරසය පරිණාමය වී ඇති බැවින් වර්තමාන එන්නත් සහ පෙර කොවිඩ් ආසාදන මඟින් නව කොවිඩ් වෛරස ප්‍රභේදවලට එරෙහිව ලබා දෙන ආරක්ෂාවේ මට්ටම පුරෝකථනය කිරීම දුෂ්කර බව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
මෑතකදී කොවිඩ් සම්බන්ධව ලද අත්දැකීම් මත ඔස්ට්‍රේලියාවේ සහ ගෝලීය වශයෙන්, ප්‍රතිශක්තිකරණයට නතු නොවීමේ වැඩි හැකියාවක් ඇති නව ප්‍රභේදයන් සම්ප්‍රේෂණයේ වීමේ නව කොවිඩ් රැල්ලක් එනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික සහ බහුභාෂා ප්‍රජාවන්ට COVID-19 සම්බන්ධ සියලුම තොරතුරු යාවත්කාලීන කර සැපයීමට SBS මාධ්‍ය ආයතනය කැපවී සිටී.
වෙත නිතර පිවිසෙමින් ඔබේ භාෂාවෙන් නවතම කොවිඩ් තොරතුරු පිළිබඳව දැනුවත් වෙමින් ආරක්ෂිතව සිටින්න.