ඔස්ට්‍රේලියාවේ Parent visa හෙවත් දෙමාපිය වීසා අයදුම්පත් 130,000 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට ගොඩ ගැසී ඇති බව වාර්තා වේ.
මේ සා විශාල අයදුම්පත් සංඛ්‍යාවක් සලකා බැලීමට ප්‍රමාද වීම ඔස්ට්‍රේලියානු වීසා පද්ධතියේ පසුබෑමක් බවත් Scanlon පදනම විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක් පවසයි.
ඔස්ට්‍රේලියාවේ දෙමාපිය වීසා අර්බුදය
ඔස්ට්‍රේලියාවේ දෙමාපිය වීසා අයදුම්පත් 137,000 ක පමණ ප්‍රමාණයක් තවමත් සලකා බලා නොමැති බව Scanlon පදනමේ නවතම වාර්තාවක් අනාවරණය කරයි.
මෙලෙස දෙමාපිය වීසා අයදුම්පත් ගොඩ ගැසී ඇති නිසාම ඔස්ට්‍රේලියාවේ දෙමාපිය වීසා ලබා ගැනීම සඳහා වසර 30 ත් 50 ත් අතර කාලයක් බලා සිටිය යුතු බවත් එය ප්‍රායෝගික නොවන බවත් එම වාර්තාව පෙන්වා දෙයි.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Audio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ලබාදෙන දෙමාපිය වීසා ප්‍රමාණය වැඩි කළ යුතු බවත් නැතිනම් මෙම වීසා බලපත්‍රය අහෝසි කළ යුතු බවත් මෙම වාර්තාවේ ප්‍රධාන කර්තෘ Peter Mares පවසයි.
මෙම වසර මුලදී, හිටපු රාජ්‍ය සේවා ප්‍රධානී Martin Parkinson විසින් මෙහෙයවන ලද ප්‍රධාන සංක්‍රමණ සමාලෝචනයක් මගින් , වැඩිපුර කෙටි කාලීන වීසා බලපත්‍ර ලබාදීමේ අරමුණින් දෙමාපියන් සඳහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාදෙන වීසා මුළුමනින්ම ඉවත් කිරීමට යෝජනා කළේය.
LISTEN TO

ඔස්ට්‍රේලියාවේ රැකියා වීසා සහ PR දෙන 2023-24 ටස්මේනියා Skilled Migration වැඩසටහන දැන් විවෘතයි
SBS Sinhala
02:48
එම යෝජනාව විවාදාත්මක විය හැකි නමුත්, එය ඔස්ට්‍රේලියාවේ දෙමාපිය වීසා සම්බන්ධයෙන් දැනට පවතිනවාට වඩා ලාභදායී, සාධාරණ, වේගවත් සහ වඩාත් නිශ්චිත ප්‍රවේශයක් ලබා දෙනු ඇතැයි Scanlon පදනමේ වාර්තාව පවසයි.
පවුල් දස දහස් ගණනකට සිත් වේදනාවක් ඇතිකරන සහ ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සේවයට විශාල පරිපාලන බරක් ඇති කරන වීසා බලපත්‍රයක් ලෙස මෙම වාර්තාවේ ප්‍රධාන කර්තෘ Peter Mares වත්මන් දෙමාපිය වීසා ක්‍රමය හඳුන්වා ඇත.
LISTEN TO

ඕස්ට්‍රේලියාවේ සිටින ඔබගේ අවලංගු වුනු වීසා යලි ලබාගැනීමට ඉල්ලීම් කිරීමේ අලුත් මගක් විවෘත වී ඇති බව දන්නවාද?
SBS Sinhala
17:09
කෲර සහ අනවශ්‍ය ක්‍රියාවක්
දැනට දෙමාපිය වීසා අයදුම්පතක් සලකා බලා අවසන් තීරණයක් පිරිනැමීමට ගතවන කාලය වසර 30 ත් 50 ත් අතර කාලයක් නිසා අදාළ දෙමාපියන්ගෙන් පාර්ශවයෙන් බලන කල ඔවුන්ගේ වයසත් සමග එය කිසිදු අන්දමේ ප්‍රයෝගික ප්‍රතිලාභයක් ලබා නොදෙන බවද Scanlon පදනමේ වාර්තාව පවසයි.
බොහෝ විට කිසිදා නොලැබෙන වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට මිනිසුන්ට අවස්ථාවක් ලබා දීම කෲර මෙන්ම අනවශ්‍ය ක්‍රියාවක් බව මෙම වාර්තාවේ ප්‍රධාන කර්තෘ Peter Mares පවසයි.
LISTEN TO

ස්ථිර පදිංචිය ලබා පැමිණෙන ඔබ ඔස්ට්‍රේලියාවේ පළමු රැකියාව සොයාගන්නේ කොහොමද?
SBS Sinhala
10:32
ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණ වීසා කෝටාවේ සාමාන්‍යයෙන් වසරකට දෙමාපිය වීසා සඳහා ලබා දෙන්නේ 8,500 ක පමණ කෝටාවකි.
නමුත් දැනට ගොඩ ගැසී ඇති අයදුම්පත් ප්‍රමාණය හා සංසන්දනය කරන කල එම කෝටාවේ ප්‍රමාණාත්මක අගය පිළිබඳවද ගැටළුවක් මතුවේ.
මේ වන විට වසරකට කොපමණ දෙමාපිය වීසා අයදුම්පත් සංඛ්‍යාවක් යොමු කරනවාද යන්න පිළිබඳ නිශ්චිත අගයක් අනාවරණය නොවුණද සංක්‍රමණ පද්ධතිය තුළ මේ වන විට ගොඩ ගැසී ඇති අයදුම්පත්වලින් කොපමණ ප්‍රමාණයකට වීසා ලබාදෙනවා ද යන ප්‍රශ්නයද අප හමුවේ පවතී.