ඔස්ට්‍රේලියානු ශ්‍රම වෙළෙඳපොළේ සංක්‍රමණික සේවකයින්ගේ ශ්‍රමය සූරා කන සේවායෝජකයින් 140 කට අධික සංඛ්‍යාවකගේ ව්‍යාපාර කටයුතු සඳහා දඩ සහ සම්බාධක පැනවීමට ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලකාය (ABF) පියවර ගෙන තිබේ.
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ශ්‍රමිකයන්ව ශ්‍රම සූරාකෑමට ලක්කරන හාම් පුතුන් සහ සමාගම් සොයා ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය දියත්කළ සිය නවතම මෙහෙයුමේදී මෙය ක්‍රියාවට නංවා තිබේ.
සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ ශ්‍රමය සූරා කන්නන් සොයා මෙහෙයුම්
2023 ජූලි මාසය පුරාවට ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලකායේ නිලධාරීන් ඔස්ට්‍රේලියාව පුරා සිය මෙහෙයුම් දියත් කර ඇති අතර එහිදී සංක්‍රමණික සේවකයින්ට වීසා සඳහා අනුග්‍රාහකත්වය සපයන සේවා යෝජකයින්ව මූලික ඉලක්කය වී තිබිණි.
සේවා ස්ථාන අයිතීන්, නියමිත පරිදි අදාළ මට්ටමේ වැටුප් ගෙවීම, රැකියා කොන්දේසි මෙන්ම සේවකයින්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව පිලිබඳ එහිදී විමර්ශනය කර තිබේ.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Audio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
සංක්‍රමණික සේවකයින් සඳහා තමන්ගේ අනුග්‍රාහක වගකීම් කඩ කළ සේවා යෝජකයන්ට විශාල දඩ මුදල් පනවා ඇති අතර අනාගතයේදී සංක්‍රමණික සේවකයන් හට රැකියා ලබා දීමේ අවස්ථාවන්ද අත්හිටුවා දැමීමට ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලකායේ නිලධාරීන් පියවර ගෙන ඇත.
ඊට අමතරව එවැනි අක්‍රමිකතා සිදුකළ ව්‍යාපාර වල නම් සහ විස්තර ABF වෙබ් අඩවියේ සම්බාධක ලේඛනයේ ප්‍රසිද්ධියේ මේ වන විට පළ කර තිබේ.
LISTEN TO

ඔස්ට්‍රේලියාවේ රැකියා වීසා සහ PR දෙන 2023-24 ටස්මේනියා Skilled Migration වැඩසටහන දැන් විවෘතයි
SBS Sinhala
02:48
අදාළ සේවායෝජකයින්ට වැඩිදුර විමර්ශන
Fair Work Ombudsman සහ ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ඇතුළු ABF සමග කටයුතු කරන සෙසු ආයතන වෙත වැඩිදුර විමර්ශන සඳහා සංක්‍රමණික සේවකයින්ව සූරා කන ලද සේවායෝජකයන් යොමු කළ හැකි බව ABF වැඩබලන කමාන්ඩර් Vaughan Baxter පැවසීය.
සංක්‍රමණික සේවකයින්ට අඩු වැටුප් ගෙවීමේ හෝ සූරාකෑමේ ක්‍රමයට ඔස්ට්‍රේලියාවේ ඉඩක් නොමැති බවත් එසේ කළහොත් ඒවාට කෙදිනක හෝ වන්දි ගෙවීමට සිදුවන බව සංක්‍රමණික සේවකයින්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්නා සේවායෝජකයින් දැන සිටිය යුතු බවත් කමාන්ඩර් Vaughan Baxter පැවසීය.
සංක්‍රමණික සේවකයින්ට අඩු වැටුප් ගෙවීම සහ ශ්‍රමය සූරාකෑම දිගුකාලීන ගැටලුවක් වන අතර එය සංක්‍රමණික සේවකයන්ට බරපතල ලෙස බලපෑ හැකි අතර ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කීර්තියට හානි කළ හැකි බවද ඔහු පැහැදිලි කළේය.
LISTEN TO

උපාධි, ඩිප්ලෝමා නැතුව Cert III තිබිලත් Aged Care සහ Disability Care වලින් ඔස්ට්‍රේලියාවේ PR ගන්නේ මෙහෙමයි
SBS Sinhala
09:17
යම් කිසි සංක්‍රමණික සේවකයකු ශ්‍රම සූරා කෑමකට ලක්වනවා නම් හෝ නියමිත මට්ටමට වඩා අඩුවෙන් වැටුප් ලැබෙනවා නම් හෝ ඒවා පිළිබඳ නිර්ණාමිකව හෝ තම ආයතනය වෙත පැමිණිලි කරන ලෙසද ABF වැඩබලන කමාන්ඩර් Vaughan Baxter සංක්‍රමණික සේවකයින්ව දිරිමත් කළේය.
ඔබගේ වීසා තත්ත්වය කුමක් වුවත්, එම ගැටළු Border Watch හරහා පැමිණිලි කළ හැකි බවද ඔහු දැනුම් දුන්නේය.
LISTEN TO

ජූලි 01 සිට ඔස්ට්‍රේලියාවේ Graduate Work stream 485 වීසා සඳහා වෙනස්කම් කිහිපයක්
SBS Sinhala
03:21
ජූලි මාසයේ ABF වැටලීම්වලදී සම්බාධක පැනවූ ව්‍යාපාර
ප්‍රාන්තය | සම්බාධක පැනවූ ව්‍යාපාර සංඛ්‍යාව |
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය | 49 |
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය | 40 |
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය | 22 |
වික්ටෝරියා ප්‍රාන්තය | 21 |
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය | 16 |