ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා වසංගතය පාලනය කිරීමේ අරමුණින් නිර්මාණය වූ COVIDSafe නම් නව ජංගම දුරකතන app එක ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් පසුගිය ඉරිදා (26/04) එළිදක්වන ලදී.
එය නොමිලයේ download කළ හැකි අතර යම් පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු සමග සමීප සම්බන්ධතා පැවැත්වූවා දැයි අධීක්ෂණය කිරීමට මේ හරහා හැකියාව ලැබේ.
ඔස්ට්‍රේලියාවේ වාසය කරන ඔබව කොරෝනා උවදුරෙන් ඈත් කර තැබීමට මෙම COVIDSafe ජංගම දුරකතන app එක ක්‍රියා කරන ආකාරය පිළිබඳ පහත වීඩියෝවෙන් නරඹන්න.

Source: SBS Sinhala