KEY POINT
- ජාතියේ විශාලතම උපදේශන සමාගමක් වන Deloitte Access Economics ආයතනය ඉදිරි වසර ගැන අඳුරු චිත්‍රයක් ඉදිරිපත් කර තිබේ.
- මහ බැංකුව නැවතත් පොලී අනුපාත ඉහළ දැමුවහොත් ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට ඇද වැටෙනු ඇතැයි එම ආයතනය විසින් අනතුරු අඟවයි.
රටේ විශාලතම උපදේශන සමාගමක් රටේ සිදුවිය හැකි ආර්ථික අවපාතයක් ගැන අනතුරු අඟවමින් ඉදිරි වසර සඳහා අඳුරු චිත්‍රයක් මවා ඇති අතර, ඔස්ට්‍රේලියානුවන්ට ඇත්තේ මහ බැංකුවේ පිහිට පමණක් බව පවසයි.
2023 ආර්ථික අවපාතයක් ඇති වේවිද?
Deloitte Access Economics ආයතනය පවසන්නේ 2023 දී පාරිභෝගිකයින්ට තවදුරටත් වියදම් කිරීමට හැකියාවක් නොමැති වීමෙන් රටේ පාරිභෝගිකයන් මත පදනම් වූ ආර්ථිකය ප්‍රතිසාධනය (Consumer-led recovery) අකර්මණ්‍ය වීමෙන් ආර්ථික වර්ධනය මන්දගාමී වනු ඇති බවයි.
නිවාස මිල පහත වැටීම, ඉහළ යන පොලී අනුපාත, ඉහළ උද්ධමනය, පාරිභෝගික විශ්වාසය අඩු වීම සහ සැබෑ වැටුප් වර්ධනය සෘණ අගයක් ගැනීම යන කාරණා නිසා රටේ ආර්ථිකය මත ප්‍රබල කුණාටුවක් නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පොලී අනුපාත ඉහළ දැමීමේ සිදුවීම් මාලාවකින් පසුව නැවතත් මහ බැංකුව විසින් පොලී අනුපාතිකය වැඩි කළහොත් සිදුවිය හැකි විනාශකාරී ප්‍රතිවිපාක ගැන Deloitte Access Economics අනතුරු ඇඟවීය.
"දැනට පවතින සියයට 3.1 න් ඔබ්බට මුදල් අනුපාතිකයේ තවදුරටත් වැඩි වීමක් සිදු වුවහොත් 2023 දී එමගින් ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට අනවශ්‍ය ලෙස යොමු කළ හැකිය,"Deloitte Access Economics ආයතනයේ සහකරු ස්ටීවන් ස්මිත්
ඒ අතරම, වියදම් කිරීමට හෝ ඉතිරි කිරීමට ඉතුරු වන ඒක පුද්ගල සැබෑ ගෘහස්ථ ආදායම ( real household disposable income per capita) රටේ සමෘද්ධියේ ප්‍රධාන මිනුමක් වන අතර එය පහත වැටෙමින් පවතී. එය කොවිඩ් වසංගතයේ ආරම්භයට පෙර අවසන් වරට දුටු මට්ටමින්ම වත්මන් මූල්‍ය වර්ෂය අවසනයේද දැකිය හැකි වේ.
"ඔස්ට්‍රේලියානු නිවාස වලට ආර්ථික පීඩනය දැනීමට පටන් ගෙන ඇති බවට සැකයක් නැත."
ඉහළ පරිභෝජනය සහ මිල අධික නිවාස සහිත අග්නිදිග ප්‍රාන්ත වඩාත් අවදානමට ලක්ව ඇති බැවින් හානිය රට පුරා ඒකාකාරව පැතිරෙන්නේ නැත.
ආර්ථික අවපාතයක අනාවැකි ගැන රජයේ ප්‍රතිචාරය
තමා මේ වසරේ ආර්ථික අවපාතයක් අපේක්ෂා නොකරන බවත් ස්වාධීන ආයතනයක් වන ඔස්ට්‍රේලියානු මහ බැංකුව සඳහා උපදෙස් දීමට තමා මැදිහත් නොවන බවත් මධ්‍යම රජයේ භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පැවසුවේය.
"මගේ කාර්යය වන්නේ මෙම උද්ධමන අභියෝගයට එකතු නොවී, එම ජීවන වියදම් සහන සැපයීමට සහ රටේ ආර්ථිකය නිවැරදි ආකාරයෙන් වර්ධනය කිරීමට අපට කළ හැකි දේ කරන බවට වග බලා ගැනීමයි" පසුගිය ඉරිදා මධ්‍යම රජයේ භාණ්ඩාගාරික ජිම් චාමර්ස් වැඩිදුරටත් කියා සිටියේය.
"අපගේ අපේක්ෂාව වන්නේ ඔස්ට්‍රේලියානු ආර්ථිකය තවදුරටත් වර්ධනය වීමයි."
මෙම පොලී අනුපාත ඉහළ දැමීමේ සම්පූර්ණ බලපෑම රටේ ආර්ථිකය මත තවමත් ක්‍රියාත්මක නොවන බව ජිම් චාමර්ස් වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම පොලී අනුපාත ඉහළ යාමේ එක් බලපෑමක් නම්, විචල්‍ය පොලී අනුපාත මත උකස් කළ දේපල ඇති බොහෝ පුද්ගලයින්ට එහි බලපෑම වහාම දැනීම වන බව ආචාර්ය චාමර්ස් පැවසීය.

Treasurer Jim Chalmers said he wasn't expecting a recession this year and would not be interfering with advice for the independent Reserve Bank. Source: AAP / MICK TSIKAS
"අපි 2023 වසර පුරා සමීපව විමසිල්ලෙන් සිටින එක් දෙයක් නම්, ඉතා අඩු ස්ථාවර පොලී අනුපාත මත දේපල උකස් කළ පුද්ගලයින් ඉන් ඉවත් වී විචල්‍ය පොලී අනුපාත වලට මාරු වේවිද යන්නයි."
මෙම මූල්‍ය වර්ෂයේ මුළු උද්ධමනය සියයට 7.2 ක් වනු ඇතැයි Deloitte Access Economics ආයතනය විසින් පුරෝකථනය කරන අතර වැටුප්, උද්ධමන අනුපාතයෙන් අඩකට වඩා අඩුවෙන්,එනම් සියයට 3.5 කින් වර්ධනය වනු ඇතැයි ඉඟි කර තිබේ.
Deloitte Access Economics ආයතනය විසින් ඊළඟ මූල්‍ය වර්ෂයේදී වැටුප්, උද්ධමනය දක්වා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර තිබේ. සියයට 3.9 කින් සිදු වන පාරිභෝගික මිල ඉහළ යාමට සාපේක්ෂව වැටුප් සියයට 3.7 කින් වර්ධනය වනු ඇතැයි එහිදී අපේක්ෂා කෙරේ.
Deloitte Access Economics ආයතනය අපේක්ෂා කරන්නේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 2023-24 මූල්‍ය වර්ෂයේදී සියයට 1.4 දක්වා පහත වැටෙනු ඇති අතර එය මෙම මූල්‍ය වර්ෂය සඳහා සියයට 3.1 ට වඩා පහත වැටෙනු ඇති බවයි.