Facebook විසින් ඔබගේ දත්ත සොරකම් කරන apps 400 කට වඩා සොයාගනී, ඔබත් ඒවා download කරගෙනදැයි බලන්න

ඔබ වැරදි app එකක් download කර ඇත්නම් සයිබර් ප්‍රහාරකයන්ට ඔබේ Facebook ගිණුමට සම්පූර්ණ ප්‍රවේශය ලබා ගත හැකිය. ඒ අනුව ඔබ ප්‍රවේශම් විය යුතු app වර්ග කිහිපයක් සහ හැකර්වරුන් පරාජය කරන්නේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ගෙන එයි.

The app icons of Facebook, Messenger, Instagram, WhatsApp, and Oculus VR are displayed on a smartphone screen with a Meta logo in the background.

Meta has released data to warn users of how to detect malicious apps designed to steal their Facebook login accounts and data. Source: Getty / SOPA Images / LightRocket

Facebook හි මව් සමාගම වන Meta සමාගම විසින් ඩිජිටල් මාධ්‍ය දැවැන්තයින් වන Apple සහ Google වෙත පුද්ගලයන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වල පුද්ගලික දත්ත සොරකම් කිරීම සඳහා නිර්මාණය කර ඇති apps වර්ග 400 කට වැඩි ප්‍රමාණයක් පිළිබඳව අනතුරු අඟවා තිබේ.

Meta සමාගම මීට පෙර හැඳින්වුයේ Facebook ලෙසය.

ඡායාරූප සංස්කරණ apps, කේන්දර හෝ යෝග්‍යතා ට්‍රැකර් apps ඇතුළු තවත් බොහෝ මාදිලිවල apps වර්ග එම අනතුරුදායක ඛාණ්ඩයට ඇතුළත් එන බැවින් ඒ පිළිබඳ ප්‍රවේශම් වන ලෙස Facebook සමාගම මිනිසුන්ට දන්වා ඇත.


IOS සහ Android apps සිය ගණනක් තම පරිශීලකයින්ගේ Facebook ගිණුම් වෙත පිවිසීමේ තොරතුරු වංචා ලෙස සොරාගෙන ඇති බව සිය සමීක්ෂණයෙන් සොයාගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් Meta සමාගම පැවසීය.

Meta සමාගම මේ පිළිබඳ වාර්තා කළ දා සිට Apple සහ Google සමාගම් ද්විත්වයම ඔවුන්ගේ අදාළ app ගබඩාවලින් malware apps හෙවත් හානිකර apps ඉවත් කර ඇත.

“නව app එකක් download කිරීමේදී අදාළ පරිශීලකයාගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට පිවිසීමේ තොරතුරු ඉල්ලන app වලින් ප්‍රවේශම් වන ලෙස අපි මිනිසුන්ව දැනුවත් කරනවා” යනුවෙන් Meta සමාගමේ David Agranovish සහ Ryan Victory අදාළ නිවේදනයේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුහ.
LISTEN TO
Hi Mum Web image

ඔස්ට්‍රේලියාවේ මේ දිනවල ක්‍රියාත්මක "Hi Mum" scam එකෙන් බේරෙන්නේ කොහොමද?

SBS Sinhala

10:25
Optus සමාගම හරහා ඔස්ට්‍රේලියානුවන් මිලියන 10කට ආසන්න සංඛ්‍යාවකගේ පුද්ගලික තොරතුරු දැවැන්ත ලෙස සොරගනීමකට ලක්වී සතියකට පසුව මෙම Meta සමාගම වෙතින් මෙම නිවේදනය පැමිණ තිබේ.

හැකර් කෙනෙකුගේ Facebook ගිණුමකට පිවිසීමේ තොරතුරු ( login details) ලබා ගත් පසු, අදාළ Facebook ගිණුම් හිමියාගේ මිතුරන්ට පණිවිඩ යැවීම සහ ඔවුන්ගේ පුද්ගලික තොරතුරු ලබා ගැනීම ඇතුළුව අදාළ ගිණුමට සම්පූර්ණ ප්‍රවේශය ලබා ගත හැකි බවට Meta සමාගම අනතුරු අඟවා ඇත.

ඔබ සැලකිලිමත් විය යුතු apps වර්ග මොනවාද?

මෙම හානිකර apps වල සාමාන්‍යයෙන් පරිශීලකයින් සඳහා අනතුරු ඇඟවීමේ telltale සංඥා ඇති බව Meta සමාගම පවසයි.


ඔබ ප්‍රවේශම් විය යුතු Meta සමාගම විසින් අනාවරණය කරගත් apps වර්ග කිහිපයක් පමණක් පහතින් දැක්වෙයි:

  • තමන්ව කාටූන් බවට පත් කර ගැනීමට පරිශීලකයින්ට ආරාධනා කරන Photo editing apps හෙවත් ඡායාරූප සංස්කරණ apps
  • අන්තර්ජාලය ඔස්සේ සැරිසැරීමේ වේගය වැඩි කිරීමට හෝ අවහිර කළ වෙබ් අඩවි වෙත ප්‍රවේශය ලබා ගැනීමට ප්‍රචාරණය කරන Virtual Private Networks
  • ස්මාර්ට් ජංගම දුරකතනයේ පවතින ෆ්ලෑෂ් ලයිට් එක දීප්තිමත් කිරීමට අදාළ apps වැනි දුරකථන උපයෝගිතා සේවා
  • Hi-resolution ග්‍රැෆික්ස් ප්‍රවර්ධනය කරන ක්‍රීඩා apps
  • කේන්දර හෝ fitness tracker apps
  • වෙනත් තාක්ෂණික platforms මගින් නිල apps වල තවමත් සොයාගෙන නැති විශේෂාංග සැපයීමට හිමිකම් කියන ව්‍යාපාරික හෝ වෙළඳ දැන්වීම් කළමනාකරණ apps
Social media
Facebook has found more than 400 apps made to steal your data Source: AAP

ඔබට තව කුමක් කළ හැකිද?

App එකක් download කිරීමට පෙර තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට පිවිසීමේ තොරතුරු ඉල්ලා සිටින app වර්ග පිළිබඳ ඉඟියක් ලබා ගැනීමට නම් ඔබ එය download කිරීමට පෙර අදාළ app එකේ negative reviews හෙවත් ඍණාත්මක සමාලෝචන පරීක්ෂා කිරීමට සහ අදාළ app එක තමන්ගේ app ගබඩාවේ පොරොන්දු වී ඇති විශේෂාංගවලට අනුකූලද යන්න තක්සේරු කිරීමට Meta සමාගම තම පරිශීලකයින්ට උපදෙස් දෙයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:

SBS සිංහල Facebook පිටුව:

SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ඔබ දැනටමත් මින් බලපෑමට ලක්ව තිබේද?

App එකක් මගින් තමන් බලපෑමට ලක්ව ඇති බව යම් පරිශීලකයෙකුට හැඟෙයි නම්, අදාළ app එක මකා ඔවුන්ගේ මුරපදය (password) reset කිරීමට Meta සමාගම නිර්දේශ කරයි.

වෙබ් අඩවි කිහිපයකට එම මුරපදය කිසිවිටක නැවත භාවිතා නොකරන ලෙසද Meta සමාගම නිර්දේශ කරයි.

Two-factor authentication ක්‍රමය ක්‍රියාත්මක කිරීමටද ඔවුන් නිර්දේශ කරන අතර යමෙකු ඔබගේ ගිණුමට ප්‍රවේශ වී ඇත්නම් ඔබට දැනුම් දෙන notifications හෙවත් දැනුම්දීම් ක්‍රියාත්මක කිරීමද නිර්දේශ කරයි.

ඔබට දැන් මකා දැමූ malware apps හෙවත් හානිකර apps ලැයිස්තුව .

Share
Published 11 October 2022 7:27am
By Rayane Tamer, Madhura Seneviratne
Source: SBS


Share this with family and friends