Optus දත්ත සොරකමෙන් පසු ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට නීති වෙනස් වෙන්නේ මෙහෙමයි

සයිබර් ප්‍රහාර. වංචා සහ වෙනත් ද්වේෂසහගත සයිබර් ක්‍රියාකාරකම්වල අවදානම් හඳුනාගෙන අවම කිරීම මෙහි මූලික අරමුණ වේ.

What are the new laws to protect consumers following the Optus data breach

Source: Getty / Getty Images/Yuichiro Chino

පසුගියදා Optus සමාගමේ පාරිභෝගිකයින්ගේ දත්ත හැකර්වරුන් විසින් සොරගැනීමෙන් පසුව ඔස්ට්‍රේලියානුවාසීන් වඩාත් හොඳින් ආරක්ෂා කිරීම සඳහා වත්මන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය 2021 විදුලි සංදේශ රෙගුලාසි සඳහා සංශෝධන සකස් කර තිබේ.

මේ පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සන්නිවේදන කටයුතු පිළිබඳ ඇමතිනි Michelle Rowland අද (ඔක්තෝබර් 06) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසුවාය.

විදුලි සංදේශ රෙගුලාසි සංශෝධනය කිරීම

Optus සහ අනෙකුත් ටෙලිකොම් සමාගම්වලට මුල්‍ය ආයතන, මධ්‍යම රජය සහ ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් සමඟ වඩා හොඳින් සම්බන්ධීකරණය කිරීමට ඉඩ සැලසෙන පරිදි විදුලි සංදේශ රෙගුලාසි සංශෝධනය කරන ලෙස මධ්‍යම රජය ආණ්ඩුකාර ජනරාල්වරයාට නිර්දේශ කරනු ඇත.

සයිබර් ප්‍රහාර. වංචා සහ වෙනත් ද්වේෂසහගත සයිබර් ක්‍රියාකාරකම්වල අවදානම් හඳුනාගෙන අවම කිරීම මෙහි මූලික අරමුණ බව සන්නිවේදන කටයුතු පිළිබඳ ඇමතිනි Michelle Rowland සිය නිවේදනයේ පවසා ඇත.


මෙම සංශෝධන මගින් විදුලි සංදේශ සමාගම්වලට රියදුරු බලපත්‍රය, Medicare සහ බලපෑමට ලක් වූ පාරිභෝගිකයින්ගේ විදේශ ගමන් බලපත්‍ර අංක වැනි රජය විසින් අනුමත කළ අනන්‍යතා තොරතුරු නියාමනය කරන ලද මුල්‍ය සේවා ආයතන සමඟ තාවකාලිකව හුවමාරු කර ගැනීමට හැකි වනු ඇත.

මීට අමතරව, Optus සමාගම හට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට සහ ප්‍රාන්ත හා ටෙරිටරි ආයතනවලට සහය වීමට අනන්‍යතා තොරතුරු හුවමාරු කර ගැනීමට හැකි වනු ඇත.

An Optus sign in a window.
What are the new laws to protect consumers following the Optus data breach? Source: AAP / Bianca De Marchi

නව රෙගුලාසි

මෙම යෝජිත රෙගුලාසි යම් යම් අරමුණු සඳහා සීමිත තොරතුරු පමණක් ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා ශක්තිමත් රහස්‍යතාවකින් සහ ආරක්‍ෂාවක් සහිතව ප්‍රවේශමෙන් නිර්මාණය කර තිබේ.

පහත සඳහන් රෙගුලාසි එහිදී විශේෂයෙන් දැක්විය හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සන්නිවේදන කටයුතු පිළිබඳ ඇමතිනි Michelle Rowland පවසයි.

  • රෙගුලාසි විදේශීය බැංකු ශාඛා හැර APRA (Australian Prudential Regulation Authority) විසින් නියාමනය කරනු ලබන මුල්‍ය ආයතන ආවරණය කරයි.
  • සන්නිවේදන අමාත්‍යවරයාට අවශ්‍ය නම්, අතිරේක සේවා ආයතන නියම කිරීමට හැකියාව ඇත, නමුත් එය වලංගු වන්නේ APRA-නියාමනය කරන ලද ආයතනයකට සම්බන්ධ හෝ සහාය දක්වන ආයතන සඳහා පමණි.
  • තොරතුරු භාවිතා කළ හැක්කේ සයිබර් ආරක්ෂණ සිදුවීම්, ප්‍රහාර, වංචනික ක්‍රියාකාරකම් හෝ සොරකම් හඳුනාගැනීම වැළැක්වීමේ හෝ ඒවාට ප්‍රතිචාර දැක්වීමේ අරමුණ සඳහා පමණි.
  • දත්ත ලබා ගැනීමට කැමති ආයතන 1998 Privacy පනත යටතේ තම වගකීම්වලට අනුකූල වන බවට ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම වෙත ලිඛිතව තම කැපවීම ඉදිරිපත් කළ යුතුය. ඔවුන් අදාළ තොරතුරු ආරක්ෂණ ප්‍රමිතිය සපුරාලන බව APRA වෙත සහතික කළ යුතුය. එමෙන්ම ඔවුන් සොයන තොරතුරු අවශ්‍ය ඒවා බවත් සාධාරණ බවත් ලිඛිතව තහවුරු කළ යුතුය.
  • අනුමැතිය ලබන්නන් ඕනෑම දත්ත හුවමාරු කිරීමක් සහ ගබඩා කිරීමක් සඳහා ශක්තිමත් තොරතුරු ආරක්ෂණ අවශ්‍යතා සහ ප්‍රොටෝකෝල සපුරාලිය යුතුය.
  • ලැබුණු තොරතුරු තවදුරටත් අවශ්‍ය නොවන විට ඒවා විනාශ කළ යුතුය.
———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:

SBS සිංහල Facebook පිටුව:

SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

මෙම යෝජිත සංශෝධන මගින් වංචනික තොරතුරු හුවමාරු කිරීම් වැනි වංචනික ගනුදෙනු පිළිබඳ පැමිණිලි කිරීම සඳහා පවත්නා යාන්ත්‍රණ හරහා පුළුල් මුල්‍ය සේවා අංශයේ වංචා හඳුනාගැනීම් වැඩි කිරීමට ඉඩ සැලසේ.

මෙම විධි විධාන වර්ධනය කිරීමේදී මධ්‍යම රජය, රජෙය් නියෝජිතායතන, මුල්‍ය පද්ධති නියාමකයින්, Optus, බැංකු අංශය, ප්‍රධාන විදුලි සංදේශ සේවා සපයන්නන් සහ ඔස්ට්‍රේලියානු තොරතුරු කොමසාරිස් හරහා පුළුල් උපදේශන ලබාගෙන ඇති බවද සන්නිවේදන කටයුතු පිළිබඳ ඇමතිනි Michelle Rowland සිය නිවේදනයේ පවසා ඇත.

එමෙන්ම මුල්‍ය නියාමකයින් ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ ScamWatch හරහා සහ මුල්‍ය ආයතන සමඟ සෘජුව සම්බන්ධ වීම ඇතුළුව පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට අමතර පියවර ගෙන තිබේ.



Share
Published 6 October 2022 3:13pm
By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends