වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප තුනකට කොරෝනා අනතුරු ඇඟවීම් (SBS සිංහල/ වාර්තා)

Clinical waste removal personnel are seen at St Basil’s Homes for the Aged in Fawkner, Melbourne, Friday, July 31, 2020. (AAP Image/Daniel Pockett) NO ARCHIVING

Advocates are urging the Victorian government to take steps to protect the state's disability care sector from coronavirus outbreaks. Source: AAP

වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප තුනකට වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් කොරෝනා අනතුරු ඇඟවීම් සිදු කර තිබේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews විසින් මේ බව අද (12/08) දැනුම් දුන්නේය.
Victoria records seven new coronavirus cases and two deaths
Source: Getty Images

ප්‍රාදේශීය කලාප තුනකට කොරෝනා අනතුරු ඇඟවීම්

වික්ටෝරියානු ප්‍රාන්තයේ Geelong, Ballarat සහ Bendigo යන කලාප වෙත වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති කොරෝනා අනතුරු ඇඟවීම් සිදු කළේය.

එම ප්‍රදේශ වල කොරෝනා ආසාදිතයින් ඉහළ නගිමින් පැවතීමත් සමග මෙම අනතුරු ඇඟවීම නිකුත් කෙරිණි.

වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල වෙසෙන සෑම වැසියෙක්ම මේ පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කිරීම ඉතා වැදගත් බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


මෙම කොරෝනා නීති මධ්‍යයේ වාසය කිරීම අපහසු බවත්, සැවොම නිදහස් ජීවන රටාවකට කැමති බවත් නමුත් මෙම තත්ත්වය වළක්වාගැනීමට යම් කැපකිරීමක් කළ යුතු බවත් ප්‍රාන්ත අගමැතිවරයා වැඩි දුරටත් පැවසීය.

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප වල සිට මෙල්බර්න් දක්වා ගමන් කිරීම “අත්‍යවශ්‍යද” යන්න සලකා බලන ලෙස ප්‍රාන්ත අගමැතිවරයා ප්‍රාදේශීය කලාප වල වැසියන්ගෙන් ඉල්ලා සිටියේය.
වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප වල ඇතැම් කොරෝනා ආසාදන මෙවැනි වූ සංචාරය කිරීම් නිසා හටගෙන ඇති වීම ඊට හේතුවය.
Victorian Premier Daniel Andrews arrives to a press conference in Melbourne, Tuesday, August 11, 2020
Victorian Premier Daniel Andrews Source: AAP

වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප සඳහා 3 වන මට්ටමේ කොරෝනා නීති

අගෝස්තු 06 වන දින සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප වලට 3 වන මට්ටමේ කොරෝනා නීති ක්‍රියාත්මක කිරීම ආරම්භ විය.

ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප වල වැසියන්ට තම නිවසින් පිටවීමට අවසර ලැබෙන ප්‍රධාන හේතු 4 පහත පරිදි වේ.

  1. ආහාර පාන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට ගැනීම සඳහා පිටත්ව යාම.
  2. නිවසේ සිට සිදු කිරීමට නොහැකිනම් රැකියා හෝ අධ්‍යාපන කටයුතු සඳහා පිටත්ව යාම.
  3. වෛද්‍ය පහසුකම් හෝ යමෙකු රැකබලා ගැනීම සඳහා පිටත්ව යාම.
  4. ව්‍යායාම් සඳහා පිටත්ව යාම.
එමෙන්ම පහත සඳහන් අමතර හේතු දෙකක්ද ඉහත ප්‍රධාන් හේතු 4 ට අමතරව ප්‍රකාශ කර ඇත.

  • ඔබත් ඔබේ සහකරු හෝ සහකාරිය වෙන් වෙන් නිවෙස් වල වාසය කළහොත් එකිනෙකාව හමුවීමට යා හැකිය.
  • ළමයෙකුගේ හෝ ළමුන්ගේ භාරකාරත්ව විධිවිධාන ඔබ බෙදාගෙන ඇත්නම්, එක් දෙමාපියෙකුගේ නිවසේ සිට අනෙක් අයගේ නිවසට ළමයින් රැගෙන යාම සඳහා ඔබට නිවසින් පිටවිය හැකිය.
මේ අතර වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප වල වැසියන්ද තම නිවසින් බැහැරව යන ඕනෑම අවස්ථාවකදී මුව ආවරණ පැළඳිය යුතු අතර එම නීතියට අනුගත නොවන පුද්ගලයින්ට $200 ක දඩ මුදලක් පනවනු ලබයි.
Sinhalese
Source: SBS Sinhala

Share
Published 12 August 2020 6:26pm
By Madhura Seneviratne

Share this with family and friends