ඔස්ට්‍රේලියානු ජාතික ගීයේ පද වෙනස් කිරීම සම්බන්ධ කාරුණ නැවතත් කරළියට පැමිණ තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
එහි අඩංගු එක් පද පේළියකින් ස්වදේශික ඔස්ට්‍රේලියානු ජනතාවට සහ ඔස්ට්‍රේලියාවේ සැබෑ ඉතිහාසයට අගෞරවයක් සිදුවන බවට බොහෝ දෙනා තර්ක කරයි.
ජාතික ගීයේ පද වෙනස් කිරීමට තමන් විරුද්ධ නොවන බව අමාත්‍ය Peter Dutton පවසයි
ඔස්ට්‍රේලියානු ජාතික ගීයේ පද වෙනස් කිරීමට තමන් විරුද්ධ නොවන නමුත් ඒ සඳහා ඔස්ට්‍රේලියනුවන් බොහොමයක් ඒ සම්බන්ධව විවිධ මත දරනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton පවසයි.
තමන් වැඩි වශයෙන් අවධානය යොමු කරනුයේ ස්වදේශික ඔස්ට්‍රේලියානු දරුවන්ගේ ජීවන තත්ත්වය වර්ධනය කිරීමට බවත් ජාතික ගීය සංශෝධනය කිරීමට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවත් ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton 2-G-B ගුවන් විදුලියට පැවසීය.
ඔස්ට්‍රේලියානු ජාතික ගීයෙන් ස්වදේශික ඔස්ට්‍රේලියානු ජනයාට අගෞරවයක් වන බවට මතයක් පසුගිය සමයේ පටන් හටගත් අතර එනිසාම එහි ඇති එක් පද පේළියක් වෙනස් කළ යුතු බවට යෝජනා විය.
ස්වදේශික ඔස්ට්‍රේලියානු ජාතිකයකු වන ඔලිම්පික් රන් පදක්කම් ලාභීනී Cathy Freeman ද මෙම යෝජනාවට සහය දක්වමින් සිටියි.
පසුගිය සති අන්තයේ ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් සහභාගී වූ All Stars රග්බි තරගයෙන් අනතුරුව අමාත්‍ය Peter Dutton මෙම අදහස් පළ කර සිටියේය.
පසුගිය වසරේ (2019) පටන් මෙම රග්බි තරගය ආරම්භයේ ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් ඔස්ට්‍රේලියානු ජාතික ගීය ගැයීම ප්‍රතික්ෂේප කරමින් සිටියි. ඔස්ට්‍රේලියානු ජාතික ගීයෙන් ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් හට අපහාසයක් වන බවට පවසමින් ඔවුහු එය වර්ජනය කරමින් සිටිති.
කෙසේවෙතත්, අමාත්‍ය Peter Dutton ට අමතරව ලිබරල් පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී Craig Kelly ද ඔස්ට්‍රේලියානු ජාතික ගීය වෙනස් කිරීමට සිය සහය පළ කර සිටියි.

Cathy Freeman voiced her support for changing the national anthem. Source: AAP
මතභේදයට තුඩුදුන් පද පේළිය
ඔස්ට්‍රේලියානු ජාතික ගීයේ පැමිණෙන "we are young and free" යන පද පේළිය මෙලෙස මතභේදයට තුඩුදී තිබේ.
ඔස්ට්‍රේලියානු ජාතික ගීයේ පැමිණෙන "we are young and free" යන පද පේළියෙන් ඔස්ට්‍රේලියාව තරුණ රටක් බවට පැවසෙන නමුත් ඇත්තෙන්ම මෙය වසර 60,000 ක් පමණ පැරණි රටක් බව ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් පවසයි.
"we are young and free" යන පද පේළියෙන් එම 60,000 ක ඉතිහාසය අමතක කරමින් බ්‍රිතාන්‍ය ජනපදකරණයේ පටන් පැමිණෙන නව ඔස්ට්‍රේලියාව පමණක් හුවා දක්වන බව ස්වදේශික ඔස්ට්‍රේලියානුවෝ චෝදනා කරති.
එනිසාම "we are young and free" යන පද පේළිය වෙනුවට එය "we are one and free" ලෙස සංශෝධනය කළ යුතු බව ඔලිම්පික් රන් පදක්කම් ලාභීනී Cathy Freeman අදහස් කරයි.

Source: AAP
වත්මන් ඔස්ට්‍රේලියානු ජාතික ගීය
Australians all let us rejoice,
For we are young and free;
We’ve golden soil and wealth for toil;
Our home is girt by sea;
Our land abounds in nature’s gifts
Of beauty rich and rare;
In history’s page, let every stage
Advance Australia Fair.
In joyful strains then let us sing,
Advance Australia Fair.
Beneath our radiant Southern Cross
We’ll toil with hearts and hands;
To make this Commonwealth of ours
Renowned of all the lands;
For those who’ve come across the seas
We’ve boundless plains to share;
With courage let us all combine
To Advance Australia Fair.
In joyful strains then let us sing,
Advance Australia Fair.
SBS සිංහල ගුවන් විදුලියට සවන්දිය හැකි අයුරු 

Source: SBS Sinhala
Read & Watch More

මෙල්බර්න් සහ සිඩ්නි වල නිවාස වෙන්දේසිය ශීග්‍රයෙන් ඉහළ යයි (SBS සිංහල/ වාර්තා)