විදේශ රටවල ක්‍රියාත්මක වන සංක්‍රමණික ඒජන්ත ආයතන වලට තව තවත් නීති රෙගුලාසි සහ නියාමනයන් පනවන ලෙස ඔස්ට්‍රේලියාවේ ඇති ජාත්‍යන්තර සිසුන්ගේ සංගම් ඉල්ලා සිටයි.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලැබීමට මූලික සුදුසුකමක් වන ඉංග්‍රීසි භාෂා පරීක්ෂණයේ ව්‍යාජ ප්‍රතිඵල ඉදිරිපත් කිරීම මෙහිදී අතිශය බරපතල කරුණක් බව ඔවුන් පෙන්වා දෙයි.

Source: SBS
ඉංග්‍රීසි භාෂා පරීක්ෂණය හොරට ලිවීම
ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලැබීම සඳහා ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය අත්‍යවශ්‍ය සාධකයකි.
එහිදී ඒ ඒ පාඨ මාලාවන්ට අනුකූලව එම ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්ව මට්ටම වෙනස් වෙයි.
නමුත් විදෙස් රටවල සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන බහුතරයක් සිසුන් මෙම ඉංග්‍රීසි පරීක්ෂණ වෙනත් අයෙකු ලවා ලියවා (හොරට ලියා) අවශ්‍ය ප්‍රතිඵල යොමු කර තම වීසා ලබාගැනීමක් සිදුකරන බවට ඔස්ට්‍රේලියාවේ ඇති ජාත්‍යන්තර සිසුන්ගේ සංගම් චෝදනා කරයි.
ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ගේ සභාවේ හිටපු මහජන සම්බන්ධීකරණ නිලධාරිනිය වන Maria Shumusti සමග ABC පුවත් සේවය කළ සාකච්ඡාවකදී ඇය පවසා සිටියේ එලෙස ඉංග්‍රීසි භාෂා පරීක්ෂණය හොරට ලියූ ජාත්‍යන්තර සිසුන් 5 දෙනෙකු තමන් දන්නා බවය.
මේ අතර මෙම ව්‍යාජ ක්‍රියාව මේ වන විට විදෙස් රටවල පොදු සිරිතක් බවට පත්වී ඇති බව ජාත්‍යන්තර සිසුන්ගේ ඔස්ට්‍රේලියානු සන්ධානයේ සභාපති Pratik Ambani පවසයි.
ඇතැම් රටවල ඇතැම් නගර මෙලෙස ව්‍යාජ ලෙස ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ සඳහා පෙනී සිටීමට පහසුකම් සපයන නගර ලෙස ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන බව ඔහු පෙන්වා දුන්නේය.
එහිදී වැඩිපුර මුදල් ගෙවා තමන් වෙනුවට වෙනත් අයෙකු එම ඉංග්‍රීසි භාෂා පරීක්ෂණයට අසුන්ගැන්වීමට හැකි බවද ඔහු පැහැදිලි කළේය.

Source: Getty Images
අධ්‍යාපනය නොලබා මුදල් ඉපයීම
එලෙස නිවැරදි ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වයක් නොමැතිව ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලැබීමට පැමිණි බොහෝ සිසුන් තමන්ගේ පාඨ මාලාව සම්පූර්ණ කරගැනීමට නොහැකිව විවිධ ගැටළු වලට මුහුණ දෙන අයුරු සුලබ සිදුවීමක් බව Pratik Ambani පවසයි.
මේ අතර විදෙස් රටවල සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන බොහෝ සිසුන් තමන්ට සරිලන පාඨමාලව පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිව පැමිණෙන බවද ඔහු පවසයි.
විදෙස් රටවල සිටින සිසුන් සංක්‍රමණික ඒජන්තවරුන් වෙත ගොස් "මට ඔස්ට්‍රේලියාවට යාමට අවශ්‍යයි, නමුත් කුමන පාඨ මාලවකටද කියා දන්නේ නැහැ" යනුවෙන් පවසන වාර අනන්ත බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.
එලෙස පැමිණෙන බහුතරයකගේ ප්‍රධාන අරමුණ අධ්‍යාපනය ලැබීම නොව රැකියා කර මුදල් ඉපයීම බවද Pratik Ambani පවසයි.

Source: AAP
සංක්‍රමණික ඒජන්තවරුන් ළමුන්ව රැවටීම
මේ අතර විදෙස් රටවල ක්‍රියාත්මක වන ඇතැම් සංක්‍රමණික ඒජන්තවරුන් ඔස්ට්‍රේලියාවට පැමිණෙන බොහෝ ජාත්‍යන්තර සිසුන්ව රැවටීමකට ලක් කරන බවද ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ගේ සභාවේ හිටපු මහජන සම්බන්ධීකරණ නිලධාරිනිය වන Maria Shumusti පවසයි.
ශිෂ්‍ය වීසා කොන්දේසි වලට අනුකූල නොවන ආකාරයේ වැඩිපුර පැය ගණන් රැකියා කිරීම්, නවාතැන් පහසුකම් ආදී කරුණු පිළිබඳ ඇතැම් සංක්‍රමණික ඒජන්තවරුන් සිසුන්ට අසත්‍ය තොරතුරු කියා සිටින බවද ඇය පවසයි.
ඔබට ඔස්ට්‍රේලියාවට ගොස් ඕනෑතරම් පැය ගණනක් රැකියා කර මුදල් ඉතුරු කර තමන්ගේ රටටද මුදල් එවිය හැකි බවත් ඔස්ට්‍රේලියාවේ නිවෙසක් පහසුවෙන් සාදා ගත හැකි බවත්, ඕනෑතරම් මුදල් ඉපයිය හැකි බවත්, ඉතා උසස් මට්ටමේ රැකියාවක් ඔස්ට්‍රේලියාවට ගොස් පළමු සති කිහිපය තුළ සොයාගත හැකි බවත් යනුවෙන් සුරංගනා කතා එම සංක්‍රමණික ඒජන්තවරුන් ඔස්ට්‍රේලියාවට පැමිණෙන බොහෝ ජාත්‍යන්තර සිසුන්ට පවසයි.
කෙසේවෙතත්, අදාළ සිසුන් ඔස්ට්‍රේලියාවට පැමිණි පසු එම කතා සියල්ල බොරු බව පසක් වන විට බොහෝ විට පෙරහැර ගොස් හමාරය.
එනිසාම එලෙස ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරන සහ රැවටීම් කරන සංක්‍රමණික ඒජන්තවරුන් හට ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඔවුන් කෙරෙහි පවතින රෙගුලාසි සහ නියාමනයන් තවත් දැඩි කළ යුතු බවත් Maria Shumusti පවසයි
----------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
----------------------------------------------------------------------------------------------------