ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වලින් නිපුණතා සංක්‍රමණිකයින් බැහැර කොට ප්‍රාදේශීය කලාප වල ස්ථාපිත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය වසරේදී තීරණය කළේය.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ඒ අනුව එම වැඩසටහන යටතේ ඔස්ට්‍රේලියානු වීසා හිමිවන සංක්‍රමණිකයින් කුමන ලෙසකින් හෝ designated areas හෙවත් නියම කළ ප්‍රදේශයෙන් බැහැර වුවහොත් ඔවුන්ගේ වීසා අහෝසි කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගැනීමට සූදානම් බව The Age පුවත්පත වාර්තා කරයි.

Source: SBS
නව සැලැස්ම
පසුගිය වසරේ ඔස්ට්‍රේලියානු ජනගහනය මිලියන 25 ඉක්මවීමත් සමග ඔස්ට්‍රේලියාවේ ජනගහනය පිළිබඳ මධ්‍යම රජය වැඩි අවධානයක් යොමු කරන්නට විය.
එහිදී මෙල්බර්න්, සිඩ්නි, බ්‍රිස්බන් වැනි ප්‍රධාන නගර ආශ්‍රිතව බහුතර සංක්‍රමණික ප්‍රජාවක් ස්ථාපනය වන බවත් සෙසු ප්‍රාදේශීය කලාප වල අඩු ස්ථාපනයක් සිදුවන බවත් පෙනී ගියේය.
මේ හේතුවෙන් මෙල්බර්න්, සිඩ්නි, බ්‍රිස්බන් වැනි ප්‍රධාන නගරවල ජනගහන පීඩනය දැඩි ලෙස ඉහළ යාමට පටන්ගෙන ඇති බවද වාර්තා විය.
මේ අර්බුදය සමනය කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණෙන සංක්‍රමණිකයින් ඉහත කී ප්‍රධාන නගරවලින් බැහැර කර ප්‍රාදේශීය ප්‍රදේශ වල ස්ථාපිත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නව සැලසුමක් ගෙන ආවේය.
එය Designated Area Migration Agreement හෙවත් DAMA වැඩසටහන ලෙස නම් කෙරිණි.

Source: AAP
Designated Area Migration Agreement (DAMA)
DAMA වැඩසටහන යටතේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව නිපුණතා සංක්‍රමණිකයින් මෙල්බර්න්, සිඩ්නි, බ්‍රිස්බන් වැනි ජනගහන පීඩනය අධික නගරවලින් බැහැර කර දකුණු ඔස්ට්‍රේලියාව, ටස්මේනියාව, Northern Territory වැනි ජනගහනය අඩු ප්‍රාදේශීය කලාප වල ස්ථාපනය කෙරෙනු ඇත.
ශ්‍රම හිඟය අත්දකින ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප සමග ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වන විටත් මේ පිළිබඳ සාකච්ඡා කරමින් පවතී.
වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපයට නිපුණතා ශ්‍රමිකයින් ආකර්ෂණය කර ගැනීමට DAMA වැඩසටහනේ ප්‍රථම අදියර ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙහි දෙවැනි කලාපය ලෙස Northern Territory නම් කර තිබේ.
එමෙන්ම ක්වීන්ස්ලන්තයේ Cairns සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බටහිර පෙදෙසේ Arana කලාපය සම්බන්ධවද මේ වන විට සාකච්ඡා කරමින් පසුවන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman පැවසීය.

Source: AAP
පිට යන්න බැහැ
මෙම නව වැඩසටහන යටතේ පැමිණෙන සංක්‍රමණිකයින් ඔවුන්ට ලබා දී ඇති කලාපය තුළ පමණක් රැකියා කළ යුතු බවත් කිසිදු ලෙසකින් නියමිත ප්‍රදේශයෙන් බැහැරව වෙනත් ප්‍රදේශයකට ගොස් රැකියා කිරීම නොකළ යුතු බවත් ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා පැවසීය.
එම සංක්‍රමණිකයින්ට වෙනත් ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශයකට යාමට අවශ්‍යනම් ඔවුන්ට වෙනත් වීසාවක් සඳහා අයදුම් කිරීමට සිදුවන බවද ඔහු වැඩි දුරටත් පැවසුවේය.
නමුත් බොහෝ විට ඔවුන්ට නව වීසාවක් නොලැබීමේ සම්භාවිතාව වැඩි බවත් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට ඒ අනුව නොහැකි වන බවත් අමාත්‍ය David Coleman පැහැදිලි කළේය.
එසේ නොමැතිවුවහොත් නව සැලැස්මේ ප්‍රධාන අරමුණ ඉෂ්ඨ නොවන බවද ඔහු පෙන්වා දුන්නේය.

Immigration Minister David Coleman Source: AAP
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට පැහැදිලි අදහසක් නොමැති බවට චෝදනා
ඔස්ට්‍රේලියාවේ එක් එක් ප්‍රාන්ත හා ටෙරටරි වල ජනගහන පාලනය මෙන්ම නගර පාලනය සම්බන්ධව වැඩිදුර විස්තර අවශ්‍ය බව ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරටරි රජයන් මධ්‍යම රජයට කියා සිටියි.
නව සැලස්මට අදාළව ඉදිරි වසර 4 ක කාලයකට ඩොලර් 19.4 ක මුල්‍ය ප්‍රතිපාදන ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට ලබා දීමට මධ්‍යම රජය සූදානම් වෙයි.
ලිබරල් සන්ධාන රජය විසින් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරටරි රජයන්හි භාණ්ඩාගාරික අමාත්‍යවරුන්ට මේ සම්බන්ධ යෝජනාව පසුගිය සිකුරාදා (15/02) ඉදිරිපත් කළ නමුත් එහි අවසන් තීන්දුවක් ගැනීමට තවමත් නොහැකිවී තිබේ.
මෙම නව සැලැස්ම පිළිබඳ තවමත් පූර්ණ විස්තරයක් මධ්‍යම රජය විසින් පැහැදිලි නොකිරීම ඊට ප්‍රධාන හේතුව බව ප්‍රාන්ත හා ටෙරටරි රජයන් පවසයි.
එහිදී ක්වීන්ස්ල්නත ප්‍රාන්ත රජයේ භාණ්ඩාගාරික ඇමතිනී Jackie Trad දැඩිව කියා සිටියේ මධ්‍යම රජය පැහැදිලි තොරතුරු ඉදරිපත් නොකර ප්‍රාන්ත හා ටෙරටරි රජයන් සමග මේ සමබන්ධව සාකච්ඡා කිරීමට රැස්වීම් පැවැත්වීමෙන් පලක් නොවන බවය.
එම විරෝධයට වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Tim Pallas ද එකතු විය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------