Key Points
- Henley Passport Index නොහොත් Henley විදේශ ගමන් බලපත්‍ර දර්ශකයට අනුව, ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රය ලොව වඩාත්ම “බලවත්” විදේශ ගමන් බලපත්‍ර වලින් එකකි
- වැඩිහිටි විදේශ ගමන් බලපත්‍රයක මිල $325ක් වන අතර වසර 10ක් සඳහා වලංගු වේ. එමෙන්ම නව "R ශ්‍රේණියක්" 2023 දී නිකුත් කිරීම අරඹා තිබේ
- විදේශ ගමන් බලපත්‍රයේ තිබෙන පුළුල් ආරක්ෂක පියවරයන් එහි ප්‍රධාන අංගයක් වේ
වීසා රහිත ගුවන් ගමන් සම්බන්ධයෙන් ගත් කල, ඒ සඳහා ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රය ලොව බලවත්ම ස්ථානයක් උසුලයි.
Henley විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ නවතම දත්ත වලට අනුව ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රය අටවැනි ස්ථානයට පත්ව ඇති අතර, මෙම බලපත්‍රය ඔස්සේ ඕස්ට්‍රේලියානුවන්ට වීසා නොමැතිව රටවල් 185කට සංචාරය කිරීමට හැකියාව පවතී.
එමෙන්ම ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රය ලොව මිල අධිකම විදේශ ගමන් බලපත්‍රයකි.
කැනේඩියානු, ග්‍රීක සහ මෝල්ටීස් විදේශ ගමන් බලපත්‍ර යන සියලුම විදේශ ගමන් බලපත්‍ර මගින්ද ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රය මගින් මෙන්ම, වීසා රහිතව රටවල් රැසකට යාමට හැකියාව පවතී.
කෙසේ නමුත් එම රටවල පුරවැසියන් සිය විදේශ ගමන් බලපත්‍ර සඳහා අඩු පිරිවැයක් දැරීම සිදු කරයි.
- මෝල්ටීස් විදේශ ගමන් බලපත්‍රය €70 සහ €80 - ($107 සිට $122)
- ග්‍රීක විදේශ ගමන් බලපත්‍රය €84.40 - ($130)
- කැනේඩියානු විදේශ ගමන් බලපත්‍රය CAD$160 - ($172)
- නවසීලන්ත විදේශ ගමන් බලපත්‍රය NZD$199 - ($180)

Credit: SBS News
මෙය 2022 ජනවාරි 1 වන දින $308 සහ 2021 ජනවාරි 1 දින $301 වශයෙන් පැවති අතර, මේ වනවිට මිල ඉහළ ගොස් තිබේ.
ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රය මෙතරම් මිල අධික වන්නේ ඇයි?
සිඩ්නි තාක්ෂණ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ සහ සංචාරක අංශයේ අනුබද්ධ සහකරු David Bierman පවසන්නේ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රවල මිල ගණන්, එහි තිබෙන අධි ආරක්‍ෂක පියවරයන් මත රඳා පවතිනු ඇති බවයි.
ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ කැනඩාව වැනි සෙසු රටවල විදේශ ගමන් බලපත්‍රවලද ආරක්ෂක ලක්ෂණ ඇති බව ඔහු පෙන්වා දෙයි.
කොවිඩ් වසංගත තත්වයෙන් අනතුරුව සීමා ලිහිල් කිරීමත් සමග විදේශ ගමන් බලපත්‍ර සඳහා පවතින ඉහල ඉල්ලුම මත ශ්‍රමය සහ මුද්‍රණය සඳහාත් අමතර වියදම් පවතී.
2022 වසරේදී ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර මිලියන 2.6 කට වඩා නිකුත් කොට තිබේ.
David Bierman පෙන්වා දෙන්නේ මෙය රජයට යහපත් ආදායමක්ද වන බවයි.
2015 වසරේදී ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සඳහා වූ අයදුම්පත් ගාස්තු නිර්ණයට අනුකූලව, සෑම වසරකදීම ජනවාරි 1 වන දින, උද්ධමනයට අනුකුලව විදේශ ගමන් බලපත්‍ර ගාස්තු ස්වයංක්‍රීයව වෙනස් වේ.
මෙම විදේශ ගමන් බලපත්‍ර ගාස්තු වලින් උපයාගන්නා ආදායම මධ්‍යම රජයේ ඒකාබද්ධ ආදායම් අරමුදලට බැර වීම සිදු වේ.
ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයේ ඇති ආරක්ෂක පියවර මොනවාද?
ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සිදු කරයි.

The R Series photo page Credit: Australian Government Department of Foreign Affairs and Trade
එමෙන්ම මේ වනවිටත් "අනන්‍යතා සොරකම්" සහ "ව්‍යාජ සහ අනුකරණ" විදෙස් ගමන් බලපත්‍ර සැකසීමෙන් ආරක්ෂා කිරීම සඳහා නව විශේෂාංග ඇතුළත් "R ශ්‍රේණියේ" විදේශ ගමන් බලපත්‍රය, නිල වශයෙන් නිකුත් කිරීම ආරම්භ කොට තිබේ.
ඕස්ට්‍රේලියානු විශ්ලේෂණ සහ ප්‍රතිපත්ති නිරීක්ෂණාගාරය (APO) පවසන පරිදි මෙම "R ශ්‍රේණියේ" විදෙස් ගමන් බලපත්‍රය 2014 වසරේ සිට ඉදිරිපත් කර ඇති "P ශ්‍රේණියේ" ගමන් බලපත්‍රයටත් වඩා ආරක්‍ෂිත වේ.
මෙම "R ශ්‍රේණියේ" විදෙස් ගමන් බලපත්‍රයේ ඡායාරූපය සහිත පිටුව "දැඩි සහ අධි ආරක්ෂිත ප්ලාස්ටික් ස්ථර" වලින් නිර්මාණය කොට තිබේ.

Uluru features on the centre pages of the passport and under ultraviolet light changes to a nightscape Credit: Australian Government Department of Foreign Affairs and Trade
මෙහි එන සෙසු ආරක්‍ෂිත විශේෂාංග අතර Ultraviolet නොහොත් පාරජම්බුල මූලද්‍රව්‍ය ඇතුලත් වීම සහ ආරක්‍ෂක විශේෂාංග පිටුවේ වර්ණය වෙනස් වන Wattle ශාකයේ චායාරුපයක් ඇතුළත් වීම දැක්විය හැක.

The Governor-General's page and the Security Features page of the R Series passport. Credit: Australian Government Department of Foreign Affairs and Trade
මෙම "R ශ්‍රේණියේ" මිලියන වන ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයත් මේ සතියේදී සැකසූ බව ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය සඳහන් කරයි.